Posts

විදු පත් ඉරුව 10.02.2016 හන්තාන අඩවිය පිස එන සුළඟ කිසි දිනක අමතක කළ නොහැක්‌කේ මා ගේ දෙවැනි කඩඉම සාක්‌ෂාත් කර දුන් පරිසරය එය බැවිනි. එපමණට ම මට හන්තාන අඩවිය ළබැඳි ය. විද්‍යාවේ ගැඹුරට කිමිදෙන්නට හන්තාන අඩවිය අපූරු පරිසරයක්‌ සකස්‌ කර දුන්නා ය. පළමු වසරේ සිට අවසාන වසර තෙක්‌ ම හන්තානේ නොයෙක්‌ තැන්වල කරක්‌ගසන්නට මා හට අවස්‌ථාව උදා විය. නැත හොත් අවස්‌ථාව මම ම උදා කරගත්තෙමි. ඒ කරුණු කිහිපයක්‌ නිසාවෙනි. පළමුවැන්න මා භූ විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වීමයි. දෙවැන්න මට විශ්ව විද්‍යාලය තුළ වූ ප්‍රමුඛ පෙළේ සමිති සමාගම් කිහිපයක ම ක්‍රියාකාරී සාමාජිකයකු වන්නට ලැබීමයි. තෙවැන්න මේ කිසිවක්‌ නොමැති කල කණ්‌ඩායම් සගයකු සමග කොහේ හෝ ඇවිදින්නට යැමයි. තෙවැන්න බොහෝ විට සිදු වන්නේ නිවාඩු කාලයේ දී හෝ නිවාඩු දිනවල දී ය. සතිපතා ගෙදර දිවීමට වුqවමනාවක්‌ එකල මට නො වී ය. එමෙන් ම ඉතා දුර බැවින් සතිපතා ගමේ යැමට නොහැකි සගයන් කිහිප දෙනකු ද බොහෝ වේලාවට සති අන්තයේ නැවතිණි. විශ්ව විද්‍යාලයයේ නේවාසිකාගාර නිස්‌කලංකව පසු වෙයි. හවස්‌ වන විට කුමක්‌ දෝ පාළුවක්‌ අප වෙලාගනී. ඔන්න එවිට කාමරයෙන් පැන යැමට සිත්
විදු පත් ඉරුව 03.02.2017 පසුගිය දොහක මට නෝර්වේ රටේ සංචාරයක නිරත වන්න අවස්‌ථාව ලැබුණා. දීර්ඝ ගුවන් ගමනකින් පස්‌සේ ඒ රටට පා තබන අවස්‌ථාවෙ සීත කාලය පටන් අරගෙනයි තිබුණේ. ඒ නිසා දසත විසිරිලා තිබුණේ සුදු ම සුදු හිම. සුළු මොහොතකින් සීතල අපව වෙළාගත්තේ එහි දැඩි දරුණු බව කියාපාමින්. උෂ්ණත්වමානය පෙන්නුම් කළේa සෙල්සියස්‌ අංශක Rණ හයක්‌ (-6) බවයි. ධන තිහක (+30) විතර උෂ්ණත්වයක ජීවත් වෙච්ච අපට ඒ උෂ්ණත්ව වෙනස දරාගන්න බැරි වේ වි කියලා මුල දී හිතුණත් අප හොඳින් සීතලට ලකලැහැස්‌ති වෙලා ගිය නිසා ඒ තරම් ගැටලුවක්‌ වුණේ නැහැ. නෝර්වේ රාජධානියක්‌ ලෙසයි හඳුන්වන්නේ. එය විශාල රටක්‌. ශ්‍රී ලංකාව වගේ හයගුණයක්‌ පමණ විශාලයි. යුරෝපා මහාද්වීපයේ උතුරෙන් පිහිටි මේ රට නිරිත ඊසාන දිශානුගත ව විහිදී ගිය ඒ වගේ ම බටහිර පැත්තේ ඉතා දිගු වෙරළ තීරයක්‌ සහිත රටක්‌. ඒ වාගේ ම මේ රටේ බොහොමයක්‌ ප්‍රදේශ කඳුකර භූමිවලින් යුක්‌ත වන අතර ප්‍රාග් ඵෙතිහාසික යුගයේ නිර්මාණය වූ ග්ලැසියර තැන්පතුවලින් තැනුණු භූ රූපණවලින් සමන්විතයි. මෙහි පවතින බොහොමයක්‌ ගැඹුරු නිම්න අයිස්‌ යුගය අවසානයේ දී දිය වන හිම හේතුවෙන් සිදු වූ ඛාදන
විදුපත්ඉරුව 20.01.2016 පසුගිය අවුරුද්දේ එක්‌තරා වැඩමුළුවකට සහභාගී වීමට සිදු වූ අතර එහි දී ද කතාබහට ලක්‌ වූයේ ස්‌වාභාවික අනතුරුවලට මුහුණපාන මිනිසුන් ගේ ම අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ සංවිධානය විය යුතු ආකාරය පිළිබඳවයි. එය වඩා සාර්ථක විය යුතු ආකාරයත් බිම් මට්‌ටමට එවැනි ක්‍රියාමාර්ග ගෙන යා යුතු බවත් කෙලෙස එය සිදු කළ යුතු ද යන්නත් එහි දී සංවාදයට තුඩු දුන්නා. එහි දී එයට සහභාගී වූ එක්‌ පුද්ගලයකු ගේ අදහස වූයේ කිසිදු පොදු කර්තව්‍යයක්‌ ශ්‍රමදාන මාර්ගයෙන් සිදු නො විය යුතු බවත් ඒ සියල්ල රජය විසින් ඉටු කරනු ලැබිය යුතු බවත්. එසේ කළ යුත්තේ සියලු රට වැසියන් රජයට බදු ගෙවන බැවින් බවයි ඔහු හේතුව ලෙස පැවසුවේ. එය ප්‍රථම වතාවට එවැනි අදහසක්‌ මා කන වැකුණ අවස්‌ථාව වූ අතර එනිසා ම එය මා අතිශයින් ම විමතියකට ද කලකිරීමකට ද පත් කරන්නක්‌ ද වුණා. කෙසේ වෙතත් එලෙස අදහස්‌ ප්‍රකාශ කළ තැනැත්තා රාජ්‍ය නො වන සංවිධානයක සේවය කරන තැනැත්තකු බවයි පසුව හෙළි වූයේ. මෙවැනි අදහස්‌ සහ එම අදහස්‌ දරන තැනැත්තන් ඇත්තෙන් ම ඉතා භයානක ලෙස අප සමාජයට හානියක්‌ කරන බවයි මගේ අදහස. එපමණක්‌ නො වේ. ජාත්‍යන්තරය
විදු පත්ඉරුව 13.01.2016 කාලය ඉතා ම වේගයෙන් ගලා යනවා. දින සති මාස ගත වී වසර අවසන් වන්නේ අපට හිතාගන්නටත් බැරි තරමේ වේගයකින්. වසර අවසානයේ දී ආපසු හරි බැලූ විට ඔබට සිතන්නේ කුමක්‌ ද? ඔබ එම කාලය ප්‍රයෝජනවත් ලෙස භාවිත කළේ ද යන්න ඔබට එවිට වැටහෙනු ඇත. නිසි කළමනාකරණය තුළ අයකුට කාලය කෙසේ වත් ගැටලුවක්‌ නො වනු ඇත. එබඳු අය කාලය ඩැහැගන්නේ කාලයටත් සිතාගන්නට නොහැකි ලෙසිනි. පැයක වැඩ කළමනාකරණය කරගන්නට හැකි තැනැත්තා ඉතා පහසුවෙන් දිනෙක වැඩ ද, සතියේ වැඩ ද, මාසයේ වැඩ ද ඉතා කාර්යක්‌ෂමව ඉටු කරගනී. මෙහි දී වඩා වැදගත් වන්නේ තමාට සිදු කිරීමට ඇත්තා වූ කාර්යය කුමක්‌ ද යන්න නිසි පරිදි වටහාගැනීමයි. ඉතා ඉක්‌මනින් ඉටු කළ යුතු අතවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව දිය යුතු ය. ප්‍රමුඛතාව තමාට පැටවෙන වගකීම මත ද තීරණය කළ යුතු වේ. කාර්ය ප්‍රමුඛ කාලසටහනක්‌ සකස්‌ කරගැනීම, ඉතා පහසුවෙන් තමා කළ යුත්තේ කුමක්‌ ද යන්න තීරණය කළ හැකි ක්‍රමවේදයකි. ඒ අතර අයකුට අවශ්‍ය නම් දිනපොතක්‌ භාවිත කළ හැකි ය. නිසි ලෙස කාර්ය කළමනාකරණය කරගන්නා තැනැත්තා අනෙක්‌ සැමට ම ඉදිරියෙන් බව අප සිතට ගත යුතු ය. එපමණක්‌ නො වේ. පරිණත නයකත්වයේ එක්‌
විදුපත් ඉරුව 06.01.2016 විදුපත් ඉරුව ලියන්න පටන් අරන් දැන් හරියටම අවුරුද්දක්‌ වෙනවා. මේ වෙන කොට ලිපි හතළිස්‌ නවයක්‌ පමණ ලියා අවසන්. මේ ලියවෙන්නේ එතකොට පනස්‌ වැනි ලිපිය. විවිධ මාතෘකා ඔස්‌සේ මා උකහාගත් දැනුම ඔබ වෙතට මේ අයුරින් හෝ ගෙන ඒමට ලැබීම සතුටක්‌. ඊටත් වඩා මා සතුටු වන්නේ මෙලෙස ලබා දෙන දැනුමෙන් කිසියම් කෙනෙකු ප්‍රයෝජනයක්‌ ගන්නවා නම්. මා සිතනවා විශේෂයෙන් ම විදුසර කියවන පුතාලා දූලා තම අධ්‍යාපන ගමන සාර්ථක කරගැනීමට විදුසර සඟරාව අත්වැලක්‌ කරගෙන ඇතැයි කියා. මගේ විද්‍යා දැනුම පෝෂණය කරන්නට මුල සිට ම ඉවහල් වූයේ විදුසර විද්‍යා සඟරාවයි. එය මා නොසඟවා පැවසිය යුතු සත්‍යයක්‌. එය විද්‍යාවේ විවිධ මාතෘකා ඔස්‌සේ විවිධ විෂයන් ඔස්‌සේ ගෙන ආ තොරතුරු ඇත්තෙන් ම මා නිරන්තරයෙන් ම විස්‌මයට පත් කළා පමණක්‌ නො ව කුතුහලයට ද පත් කළා. එනිසා විද්‍යාව කෙරෙහි නිරන්තරයෙන් ම මා ඇද බැඳ තබාගත්තේ විදුසර බව කියන්න පුළුවන්. අද තරම් තොරතුරු සන්නිවේදනය නොදියුණු ඒ යුගයේ පත්තරවලට ඉතා ඉහළ තැනක්‌ තිබුණා. විදුසර ගෙන ආවේ දැනුම පමණක්‌ නො වේ. විශ්ව විද්‍යාව අතැඹුලක්‌ කර අප වෙතට ගෙන ආවේත් ගෙන එන්නේත් විදුසරයි.
විදු පත් ඉරුව 30.12.2015 ඔබ කෙදිනක හෝ සමනළයන් ගේ බිත්තර දැක තිබේ දැයි සිහි කරන්න. මා හට ඒ අවස්‌ථාව මෑතක දී නැවත උදා වූයේ, අප කළ සංචාරයක දී මා මිතුරු විමුක්‌ති ගේ පිහිටෙනි. ඔහු එහි දී තෝර ගසක පත්‍රවල සවි වී තිබූ සුදු පැහැති සමනළ බිජු දැකගැනීමට සැලැස්‌වූ අතර සමනළ ලෝකය කෙරෙහි පෙර තිබූ මා ගේ උනන්දුව නැවත වර්ධනය කිරීමට ඒ දසුන හේතු විය. මෙවර විදුපත් ඉරුවේ ඒ පිළිබඳව සටහනක්‌ තැබිය යුතු යෑයි එදින මා අදිටන් කරගත්තේ විදුසර පාඨකයන් ගේ ද අවධානය මේ කෙරෙහි යොමු කරවීම වටින්නේ යෑයි සිතූ බැවිනි. ඔබ පරිසරය හොඳින් නිරීක්‌ෂණය කළේ නම් ශාක පත්‍රවල යට පැත්තේ හෝ වටේ දාරවල මේ බිත්තර රැඳී තිබෙන අයුරු ඔබට දැක ගත හැකි වනු ඇත. විවිධ පැහැ සහ හැඩයන් ගත් බිත්තර විවිධ සමනළ විශේෂ නියෝජනය කරන අතර, බිජු ලෑම සදහා විශේෂිත ශාක වර්ග ඔවුන් විසින් තෝරාගනු ලැබේ. ඒ බිත්තර පිපිරී එළියට එන දළඹුවා ගේ ආහාරයට සරි වන ලෙස ය. "රූපාන්තරණය" නම් අපූරු සංසිද්ධියකි. රූපණය වෙනස්‌ වෙමින් ගලා යන තම ජීවන චක්‍රයේ සමනළයා අවධි හතරක්‌ ගත කරන්නේ ඒවායේ සුවිශේෂීතා විදහා දක්‌වමිනි. එයින් ද කෝෂගත අවධිය වසරක්‌ පමණ ක
විදු පත් ඉරුව 23.12.2015 පසු ගිය දිනෙක සිදු කළ ක්‌ෂේත්‍ර චාරිකාවක දී මධ්‍යම කඳුකරයේ උතුරෙන් පිහිටි අපූරු වනාන්තරයක්‌ දැක බලාගන්නට අවස්‌ථාව ලැබුණු අතර ඒ ආසන්නයේ පිහිටි නවාතැන්පොළක රාත්‍රී නවාතැන් ගැනීමට ද මම වාසනාවන්ත වීමි. මේ දිනවල පවතින ඊසානදිග මෝසමෙන් ලද වර්ෂාපතනය ද අඩු නැති ව ම භුක්‌ති විඳීමට එහි දී අපට හැකි වූ අතර ඇළහැර සිට නවාතැන්පොළට ළඟා වීමට එනිසා ම බොහෝ වේලාවක්‌ ගත විය. රාත්‍රියට වඩා ගස්‌වැල්වලින් ලද අඳුර ද මොර සූරන වර්ෂාව ද හේතුවෙන් කැබ් රථය එම පටු පාරවල ඉතා පරෙස්‌සමෙන් පැදවීමට සිදු විය. වරින් වර ඒ මේ අතට පාරේ තිබූ වංගු ද පාරේ නො පෙනෙන ස්‌ථානවල වැස්‌සේ සුව විඳිමින් සිටි මී ගවයන් ද හේතුවෙන් රියෑදුරු වඩාත් කල්පනාකාරී විය යුතු විය. අවසානයේ දී සියලු බාධක මැඩගෙන නවාතැන්පොළට ළඟා වූ අපට තවත් අකරතැබ්බයකට මුහුණපාන්නට සිදු විය. ඒ විදුලිය නොමැති වීමයි. එය සියලු සම්බන්ධතා කපා හරින්නට හේතු විය. මේ අතර සීතල ද ඉතා තදින් දැනෙන්නට වූ නමුත් කොළඹ දාහයෙන් පීඩා විඳි අපට එය මහත් සහනයක්‌ සේ දැනිණි. පසු දාට පහන් වූ නමුත් දුම්බර වනයේ වූ සුපුරුදු මීදුම නම් එදා දක්‌නට න
විදු පත් ඉරුව 16.12.2015 වසර 12000 කට පෙර ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය පිහිටියේ අද පවතින වෙරළට මීටර 100ක්‌ පමණ පහතින් බව භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. ඒ අප කවුරුත් දන්නා ලොව අවසාන අයිස්‌ යුගයේ දී ය. එම යුගයේ අවසානය වසර 11000කට පමණ පෙර ආරම්භ වූ අතර මුහුදු මට්‌ටම තවමත් වැඩි වෙමින් පවතියි. සමහර විද්‍යාඥයන් පවසන පරිදි අප තවමත් ගත කරන්නේ එම යුගයේ අවසාන කාල පරිච්ඡෙදයේ ය. එයට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ තවමත් ධ්‍රැවාසන්නයේ ඇති අයිස්‌ කඳු දිය වී නොමැති වීමයි. කෙසේ වෙතත් ඉතා පහතින් මුහුදු මට්‌ටම පිහිටීම හේතුවෙන් වසර 6000ක්‌ පමණ කාලයක්‌ දක්‌වා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ගොඩබිමෙන් සම්බන්ධ ව තිබෙන්නට ඇතැයි යන්න භූ විද්‍යාඥයන් ගේ මතයයි. ශ්‍රී ලංකාවේ පිහිටි ත්‍රිකුණාමල වරාය ලොව පිහිටි හොඳ ම ස්‌වාභාවික වරායන් ගෙන් එකකි. එසේ වන්නට හේතු වී ඇත්තේ එහි අපූරු භූ සැකැස්‌ම ය. ඊසාන-නිරිත දිශානුගත ව විහිදී යන ලාංකේය භූ ස්‌කන්ධයේ පැලුම් රටාව සුවිශේෂී ලෙස මේ කෙරෙහි බලපා ඇත. මෙරට දිග ම ගංගාව වන මහවැලිය, මහනුවරින් පසු එක එල්ලේ මුහුදට ගලා බසින්නේ මේ සුවිශේෂී පැලුම් රටාව ඔස්‌සේ ය. එම පැල්
විදුපත් ඉරුව 09.12.2015 2013 වර්ෂය දේශගුණික විපර්යාසය ගැන කතා කරන විට ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ බවට පත් වූයේ ප්‍රථම වරට වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 400යේ සීමාව පසු කළ බැවිනි. එයින් පසුකාලීනව උච්චාවචනය වූ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මේ වන විට මේ සීමාව කිහිප වතාවක්‌ ම පසු කර ඇති බව "කීලින්" චක්‍රය විමසීමේ දී ඔබට හොඳින් පැහැදිලි වෙනවා නිසැක ය. 1750 වසර සැලකෙන්නේ කාර්මික විප්ලවය ඇරඹුණු වසර ලෙස ය. එකල වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 280ක්‌ ව පැවැති අතර වසර 2015 වන විට 40%කින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීමට "කෑදර" මානව ක්‍රියාකාරකම් හේතු වී ඇත. ඒ අතුරින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි වීම කෙරෙහි කාබනික ඉන්ධන දහනය ඉතා ප්‍රබලව බලපාන බව අමුතුවෙන් ඔබට පහදා දිය යුතු නො වේ. එම ක්‍රියාවලිය අඩු කළ හැකි සැම ක්‍රියාදාමයක්‌ ම කරළියට ගෙන ඒම පාරිසරික සංරක්‌ෂණයේ මූලික බලාපොරොත්තුවක්‌ විය යුතු බව මෙහි ලා සදහන් කළ යුතු ය. සූර්ය ශක්‌තිය, සුළං බලය සහ ජල විදුලිය හරිත ශක්‌තියේ ප්‍රමුඛතාව ගත්ත ද ශ්‍
විදු පත් ඉරුව 02.12.2015 විකෘතීන්ට අප කොහෙත් ම කැමැති නැත. මන්ද යත් එය සාමාන්‍යකරණයෙන් ඔබ්බෙහි වන දෙයක්‌ නිසා ය. එහෙත් විකෘතිය ස්‌වාභාවික ලෝකයේ අත්‍යවශ්‍ය ම අංගයක්‌ බව ඔබ ඇතැම් විට නො දන්නවා විය හැකි ය. ලෝකයේ ජීවය පවත්වාගෙන යැමේ දී වෙනස්‌ වන පරිසර තත්ත්වයනට මුහුණ දෙන්නට බොහෝ විට හැකි වන්නේ ජීවීන් තුළ සිදු වන්නා වූ විකෘතීන්වල ප්‍රතිඵලයෙනි. වෙනත් සාධක ද මේ සදහා බල නො පාන්නේ නො වේ. ඒ කෙසේ ද යන්න තරමක්‌ සංකීර්ණ වුවත් මෙසේ පැහැදිලි කරගත හැකි ය. ජීවයේ මතක පොත වන්නේ වර්ණදේහ ය. සෛල තුළ ඇති න්‍යෂ්ටියේ ගොනු වී ඇති මේ වර්ණදේහ අදාළ ජීවියා ගේ සියලු තතු ගබඩා කරගෙන ඇති බව ඔබ අප හොඳින් දන්නා කරුණකි. ප්‍රොaටීන සහ ඩිඔක්‌සිරයිබොන්‍යqක්‌ලෙයික්‌ අම්ලයෙහි නැත හොත් කෙටියෙන් හදුන්වන ඩී.එන්.ඒ (DNA) සුසංයෝගය වර්ණදේහවල මූලික ව්‍යqහය සකස්‌ කරයි. වර්ණදේහවල නා නා ප්‍රකාර ජාන ඇති අතර ජීවීන් ගේ විවිධ ලක්‌ෂණ එමගින් තීරණය කරයි. ජාන රටාව තීරණය වන්නේ ඩී.එන්.ඒ. රටාව අනුව ය. වර්ණදේහයක ඇති සියලු ඩී.එන්.ඒ., ජාන නිර්මාණයට දායක වන්නේ නැති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. 1953 දී වොට්‌සන් සහ ක්‍රික්‌
කාබන් චක්‍රයේ පාංශු පැතිකඩ වසන්තය නිමා කරමින් ගිම්හානය ලබන්නේ සියලු ශාකපත්‍ර වර්ණවත් කරමින්. ඒ වර්ණවත් බව ශාකපත්‍ර වල අවසානය සනිටුහන් කරන බව හිරු එළිය නොදන්නා මුත් අඛණ්ඩ හිරු රැස් දහවල පුරා ඉතා ප්‍රබලව පතිත කරන්නේ සුපුරුදු පරිදි ස්වයංපෝෂින්හට අවැසි ශක්තිය සපයමින්.   ගිම්හානය ගෙවෙද්දී එකින් එක පත්‍ර බිම ඇදහැලෙමින් නග්න පොළොව සිප ගන්නේ නැවත නැවතත් පතිත වන තම කාර්යය නිම කල සහෝදර පත්‍රයන්ගේ නවමු ගමනට සුබාසිංශන කරමින්. ළඟ ලඟම එන ශිත කාලය ට සූදානම් වන්නාක් මෙන් එකින් එක රැස් කකා පොදි ගැසුන ශාක පත්‍ර තම දේහ වියෝජනය ආරම්ඹ කරන්නේ දෙගිඩියාවෙන්. ඇරඹි ශිත ඉරුතුවේදී මුහුණ පාන්නට සිදුවන අධික ශීතල දේහ වියෝජන ක්‍රියාවලිය බාල කරන්නට සිදු වීම එයට හේතුවයි. කෙසේ නමුත් සෙමින් සෙමින් ලිහා දමන තම දේහයේ සංකීර්ණ කාබනික සංයෝග සතු ඛණිජ ලවණ පසට එකතු වන්නට පටන් අරන්. තම අරට, ඉරටු සහ නාරටි පවා පාෂාණීභූත කරන්නට සමත් මේ සීතලෙන් නම් කිසිවෙකුට බේරෙන්නට බැහැ. බොහොමයක් සක්‍රිය ජිවීන් සීතලට බියෙන් පලා ගොසින්. නැතහොත් පාංශු තලයේ වූ බෙන සහ ගුල්වල සැඟවී නිද්‍රාශිලී වී ඇත. මේ අතර පාංශු ක්‍ෂුද්‍ර ජිවීන් පවා තම අනසක