Posts

විදු පත්ඉරුව 11.05.2016 මුහුදු මට්‌ටම ඉහළ යැම ගැන බොහෝ කලක සිට අපි කතා කරන්නෙමු. ඒ ක්‍රමයෙන් වැඩි වන ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් බව ලොකු කුඩා අපි බොහෝ දෙනා ඉතා හොඳින් දැන සිටින්නෙමු. සාගර ජල මට්‌ටම ඉහළ යැමේ ප්‍රතිඵල ද මේ වන විට අපි හොඳින් වටහාගෙන ඇත්තෙමු. එහෙත් ෆොසිල ඉන්ධන දහනයත්, වනාන්තර විනාශ කිරීමත් ඇතුළු මේ සදහා හේතු වන අනෙකුත් ක්‍රියාකාරකම් නවතා නොමැති බව මනාව පැහැදිලි වේ. කෙසේ වෙතත් මුහුදු මට්‌ටම උච්චාවචනය වීම අද ඊයේක ආරම්භ වූවක්‌ නො වේ. පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ඒ පැරැණි උච්චාවචනයන් සිදු වීම සදහා බොහෝ විට හේතු වී ඇත්තේ ස්‌වාභාවික කරුණු කාරණා ම වන බවයි. අයිස්‌ යුග ඇති වීම මුහුදු මට්‌ටම පහත හෙළීම සදහා එක්‌ හේතුවක්‌ වන අතර එය ලෝකයේ වියළි කාලගුණික තත්ත්වයක්‌ ඇති කිරීමට හේතු වී තිබේ. මේ සීතල වියළි කාලගුණික තත්ත්වයන් නිසා ලෝකයේ බොහෝ වෙනස්‌කම් සිදු වී ඇති බව භූවිද්‍යාඥයන් ගේ පර්යේෂණවලින් තහවුරු වී ඇත. ලෝකයේ ආරම්භයේ සිට සැලකු විට ප්‍රධාන වශයෙන් අයිස්‌ යුග පහක්‌ තිබී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මානවයා ගේ ආරම්භයත් සමග සැලකු කල පැරැණි ම අයිස්‌ යුග
විදුපත්ඉරුව 27.04.2016 මේ තියෙන පෑවිල්ල වගේ ම තමයි වහින්න ගත්තහමත්. ඇති පදමට, මදි නො කියන්න වහිනවා. පෑවිල්ල හින්දා වේළිලා තියෙන පොළොවට එතකොට ඔන්න වහින වැසි වතුර බොහොමයක්‌ උරාගන්න එක අහන්නත් දෙයක්‌ ද? වැඩි දවසක්‌ යන්න මත්තෙන් ඇකිළිලා තිබුණ පස්‌ අංශු, වැසි වතුර හොඳට උරාගෙන ඉදිමෙන්න පටන්ගන්නවා. වැඩි කාලයක්‌ යන්න මත්තෙන් මුළු පොළොව ම ජලයෙන් පෙඟිලා සංතෘප්ත වෙනවා. ඔන්න දැන් තමයි ගැටලුව ඇති වෙන්නේ. මේ ක්‍රියාවලිය තැනිතලා ප්‍රදේශයක දී නම් කොහෙත් ම ගැටලුවක්‌ වෙන්නේ නැහැ. ඒ වුණාට ඔන්න කඳුකරයෙ දී තමයි ගැටලු මතු වෙන්නේ.  අපි දන්නවා පස්‌වලට ජලය උරාගන්න එකෙන් වෙන්නේ ඒ පස්‌වල බර තවත් වැඩි වෙනවා කියන එක. මෙලෙස කඳුකරයේ විවිධ ස්‌ථානවල ඇති පස්‌ කුටිටිවල බර වැඩි වීම ඉතා ම භයානකයි. ඒ මොකද කියලා ඔබ හොඳින් දන්නවා නේ. බහුතරයක්‌ නාය යැම් සිදු වන්නේ අධික වර්ෂාපතනයක්‌ ඇති කාලවල දී. අත්දැකලා තියෙන විදියට දින කිහිපයක්‌ තිස්‌සේ අධික වර්ෂාපතනයක්‌ කඳුකරයේ යම් යම් ප්‍රදේශවලට ලැබීම නාය යැම් ඇති කිරීමට හේතු වෙලා තියෙනවා. සාමාන්‍ය වර්ෂාපතනයක්‌ වුවත් දිගුකාලීනව ඒකාකාරීව ලැබීම යහපත් තත්ත්වය
විදු පත් ඉරුව 20.04.2016. බොන්නට තැබූ ජල බඳුනේ කොණ්‌ඩ කුරුල්ලෙක්‌ ගිනි මද්දහනේ බැහැගෙන නානවා. උන්ටත් මේ දිනවල තියෙන දාහය දරන්න බැරුව ඇති. සතා සිවුපාවට විතරක්‌ නො වෙයි අපි හැමෝටමත් මේ දිනවල පවතින දාහය දරාගන්න අමාරුයි. සිංහල අවුරුද්ද මේ දාහය අස්‌සෙම ගෙවිලා ගියාට තියෙන රස්‌නය නම් දැන් ම ගෙවෙන පාටක්‌ නෑ වගේ. වෙන දා වහින බක්‌ මහේ වර්ෂාවටත් බැරි උනා මේ දාහය නිවාලන්න. ශ්‍රී ලංකාව වගේ සමකය ආසන්න රටවලට තමයි මේ තත්ත්වය ප්‍රබලව බලපාන්නේ. 2015 වසර ගෙවුණේ මේ තත්ත්වය ඇති කරගෙන. මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් සිතුවට 2015 උණුසුම් ම වර්ෂය වෙයි කියලා 2016 දී ලෝක උණුසුම තවත් වර්ධනය වෙයි කියලයි ඔවුන් දැන් අනුමාන කරන්නේ. අපි හොඳින් ම දන්නව නේ සූර්යයා තමයි අපිට ශක්‌තිය ලබා දෙන්නේ කියලා. අපව උණුසුම් කරන්නේත් සූර්යයා. එපමණක්‌ නො වෙයි ලෝකයේ පැවැත්ම තීරණය කරන්නෙත් සූර්යයා. හැබැයි මේ දිනවල පවතින උණුසුම ඇති කරන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ නම් "එල් නිනෝ" නම් ක්‍රියාවලියක්‌. දැනටමත් මේ නම අහලා ඇති. ඔබ දන්නව ද එල් නිනෝ ක්‍රියාවලිය (ආචරණය) හටගන්නේ කොහොම ද කියලා. මෙය බැලූ බැල්මට බොහොම ස
විදු පත් ඉරුව 13.04.2016 ඔන්න දන්නෙ ම නැතුව සිංහල අලුත් අවුරුද්දත් කට ළඟට ම ඇවිල්ලා. බක්‌ මහ කියන්නේ ඉතිං ශ්‍රී ලාංකිකයන්ට අතිශය වැදගත් මාසයක්‌ නේ. තමන් ගේ වගාවේ අස්‌වැන්න නෙළලා හා පුරා කියලා ගෙට ගන්නේ බක්‌ මහේ. ඒ නෙළාගත්ත අස්‌වැන්නේ සතුට සමරන්න අපේ පැරැන්නන් සංවිධානය කරපු මංගල්‍යයක්‌ තමයි අලුත් අවුරුද්ද කියන්නේ. කොටින් ම හැම දේ ම අලුත් කරමින් තවත් නව පරිච්ඡෙදයක්‌ අරඹන්න ලක ලැහැස්‌ති වෙන්න තමයි අපේ මුතුන්මිත්තන් අලුත් අවුරුදු චාරිත්‍ර කළේ. පැරැන්නන් අවුරුදු සමරන්න අස්‌වැන්න නෙළීම මූලික කරගත්තත් අද වෙනකොට ගොවි සංස්‌කෘතිය බොහෝ දුරට අපෙන් වියෑකිලා ගිහින් කියන එක අමුතුවෙන් කියන්න දෙයක්‌ නැහැ. ඒ හින්දා අද බොහෝ දෙනෙක්‌ අලුත් අවුරුද්ද සමරන්නේ සංකේතයක්‌ නැතිනම් පැරැණි සංකෘතික අංගයක්‌ ලෙසයි කියලා පැහැදිලියි. ඇත්තට ම අද වෙනකොට ශ්‍රී ලංකාවේ ගොවි සංස්‌කෘතිය බරපතළ අර්බුදයකට ලක්‌ වෙලා තියෙන බව අප හැමෝට ම හොඳින් තේරුම් යන දෙයක්‌. ඒ ආකාර කිහිපයකින්. එකක්‌ තමයි ගොවිතැන සිදු කරන ගොවියා ගේ ජවය පිරිහෙමින් පැවතීම. ඒකට උදාහරණයක්‌ විදියට මාරාන්තික වකුගඩු රෝගයට රජරට ගොවියා ලක්‌ වී තිබීම දක්
විදු පත් ඉරුව 06.04.2016 මෙරට ඉතිහාසය විකෘත වෙමින් යන්නේ ද යන්න මෑත කාලයේ මසිතෙහි හටගත් ගැටලුවකි. ඊට හේතු වන සාධාරණ සාක්‌ෂි වරින් වර විවිධ ලෙස මතු වෙමින් තිබේ. ජාතික තලයේ පත්තර ද, නා නා ප්‍රකාර වෙබ් අඩවි හා බුකියේ පිටු ද විවිධ ආකාරයේ අරමුණු මුල් කරගෙන නො දන්නා ඉතිහාසයක්‌ ගොඩන ගමින් සිටියි. සමහරකුට අනුව මෙරට ලොව තිබූ ප්‍රබල ම රට ය. ඔවුනට අනුව මෙරට මුල් කරගෙන ලෝක ශිෂ්ටාචාර බිහි වී ඇත. තවත් සමහරකුට අනුව විජය එන තෙක්‌ මෙරට විසුවෝ ගෝත්‍රිකයෝ ය. ඔවුනට අනුව විජය පැමිණීමෙන් පසු ශිෂ්ටාචාර බිහි වූ අතර ඉන්දියාව අප ශිෂ්ටාචාරයේ ප්‍රාරම්භකයා විය. ඒ අතර සමහර පුරාවිද්‍යා ඉතිහාසඥයෝ විද්‍යාත්මක පර්යේෂණ යෑයි පවසමින් කැණීම් ද කරමින් තමන් ගේ මතය තහවුරු කරන කරුණු පමණක්‌ එළිදක්‌වමින් සිටිති. ඔවුන් සමහරකුට අනුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසිකයෝ කන්ද උඩරට විසූවෝ වෙති. පසුව පරිණාමයත් සමග පහළට බැස්‌සෝ ඔවුහු ය. තවත් අයකුට අනුව ඔවුන් පහළින් ඉහළට සංක්‍රමණය වූ හ. ඒ සදහා සාක්‌ෂි ද සපයනු ලැබේ. සමහරු එහෙටත් නැති මෙහෙටත් නැති බහුබූත ද දොඩවති. වර්තමානයේ අප දරුවන් රටෙහි ඉතිහාසය, ශ්‍රී ලාංකික මානවයා ගේ පරිණාමය ගැ
විදුපත්ඉරුව අද ශීඝ්‍ර දියුණුවක්‌ අත් කරගෙන සිටින චීනය විසින්, හැටේ දශකයේ අග භාගයේ තම කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා, තෝරාගත් සතුන් හතර දෙනකු සමූලඝාතනය කරන්නට තීරණය කරන ලදි. මැස්‌සන් ද, මදුරුවන් ද, මීයන් ද සමග චීනයේ බහුලව වෙසෙන ගේ කුරුල්ලකු මේ පළිබෝධයන් හතර දෙනා විය. විශේෂයෙන් ම "යුරොපීය රුක්‌ ගේ කුරුල්ලා" ගැන චීන ආණ්‌ඩුවට වූයේ ඉතා කරදරකාරී හැඟීමකි. ඒ කිසිවක්‌ නිසා නො ව, ගණනයන්ට අනුව වසරක දී එක්‌ ගේ කුරුල්ලෙකු වී කිලෝ 4.5ක්‌ පමණ කා දමන නිසා ය. එමෙන් ම අවසානයේ දී මිලියනයක පමණ ගේ කුරුල්ලන් ගෙන් හානි වන්නේ මිනිසුන් 60,000ක ආහාර බව ද ගණනය කර තිබිණි. මිලියන සියයකට වැඩි ප්‍රමාණයක්‌ වූ ගේ කුරුල්ලන් හට චීනයේ මේ තීරණය නිසා ජීවිත පූජා කරන්නට සිදු විය. චීන ආණ්‌ඩුවට වැරදුණු බව තේරුම් යැමට වැඩි කාලයක්‌ ගත නො වී ය. මේ ගේ කුරුල්ලන් කා දමන්නේ ධාන්‍ය පමණක්‌ නො වන බවත් වගාවට හානි කරන අනෙකුත් කෘමීන් ද ඒ අතර වන බවත් ඔවුනට පසුව පැහැදිලි විය. එහෙත් ඒ වන විට ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබිණි. එනිසා අපේක්‌ෂා කළ ලාභය නො ව අවසානයේ දී ඔවුනට මුහුණ පෑමට සිදු වූයේ අනපේක්‌ෂිත අලාභයකට ය. පරිසරයේ වෙසෙන සතුන් සහ ශ
විදු පත් ඉරුව 23.03.2016 තම සුඛ විහරණය හා පැවැත්ම ගැන පමණක්‌ ම මූලික කරගත් ගමනක්‌ යෙදී සිටින මානවයා තමා රැඳී සිටිනා ස්‌වාභාවික පරිසරය තම පෞද්ගලික නිර්මිතයක්‌ බවට පත් කරන්නේ අනෙකුත් ජීවීන් සහ ශාක ගැන තුට්‌ටුවකට වත් මායිම් කරමින් නො වේ. ඔහු ගේ එම ක්‍රියාකාරකම් නිසා පරිසරය විටෙක ඉතා වේගයෙන් ප්‍රතිචාර දක්‌වයි. විටෙක එය බොහෝ මන්දගාමී සහ දිගුකාලීන වේ. පරිසරය දිගුකාලීනව දක්‌වන ප්‍රතිචාර නිසා වුව ද අප අපහසුතාවට පත් වන්නේ ඒ වන විටත් එම ක්‍රියාවලිය බොහෝ දුර ක්‍රියාත්මක වී ඇති නිසා ය. ජීව විවිධත්වයට හානි වීම ද මිනිස්‌ ජීවිත අහිමි වීම ද පමණක්‌ නො ව, අවසානයේ එම පරිසර තත්ත්ව යථා තත්ත්වයට පත් කරන්නට යන විට අධික මුදලක්‌ වැය කරන්නට ද සිදු වේ. 1956 වර්ෂයේ දී ජපානයේ මිනමටා ප්‍රදේශයේ "චිසෝ" සමාගමේ රෝහලට ඇතුළු වූ අවුරුදු පහක්‌ වයසැති දරුවාට ඇවිදීමේ සහ කතා කිරීමේ අපහසුතා ඇති ව තිබිණි. පසුව ඔහු ගේ සහෝදරියකට ද එම රෝගය වැළඳී රෝහල්ගත කරන ලද අතර, පසුව එම ප්‍රදේශයේ සිදු කරන ලද සමීක්‌ෂණයෙන්, එලෙස රෝගී වූ අට දෙනකු හමු විය. පැතිරී යන ආසාදන තත්ත්වයක්‌ ලෙස එකල මෙය හඳුන්වා දුන්
විදු පත් ඉරුව 16.03.2016 ඉරුදින මුළු රටේ ම සිදු වූ විදුලිය ඇණහිටීම නිසා සැවොම අපහසුතාවට පත් වුණා. බොහොමයක්‌ අත්‍යවශ්‍ය කටයුතු සැලකිය යුතු ලෙස එයින් බලපෑමට ලක්‌ වුණා. මේ දිනවල පවතින අධික උණුසුමත් සමග මේ තත්ත්වය තවත් උත්සන්න වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. හදිසි අවශ්‍යතාවක දී විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වන තෙක්‌ ඒ වෙනුවෙන් වූ විකල්පයක්‌ තවමත් අප රටේ නිර්මාණය වෙලා නැහැ. එක්‌ එක්‌ ආයතන සහ ඒක පුද්ගල පාරිභෝජනය සදහා කුඩා විදුලි ජනකයන් භාවිත කළත් සමස්‌තය සදහා එය වඩා හොඳ විකල්පයක්‌ වී නැහැ. කෙසේ වෙතත් පෙනී යන කරුණ වන්නේ රටේ සමස්‌ත විදුලි සැපයුම් පද්ධතිය ම යාවත්කාලීන විය යුතු ව ඇති බවයි. නවීන තාක්‌ෂණික ක්‍රමවේදයන් භාවිත කළ යුතු මේ කටයුත්ත සදහා බලධාරීන් ගේ අවධානය කඩිනමින් යොමු කළ යුතු ව තිබෙනවා. එසේ නො වුණොත් මෙවැනි තත්ත්වයන්ට අපට දිගින් දිගට ම මුහුණු දීමට සිදු වේ වි. ප්‍රාදේශීයව බල ගැන්විය හැකි මෙන්ම අවශ්‍ය විටෙක මධ්‍යම යාන්ත්‍රණයෙන් මිදී ප්‍රාදේශීයව විදුලිය සැපයිය හැකි ක්‍රමවේදයක්‌ හෝ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ හැකි නම් මෙවැනි බිඳ වැටීම්වලට පහසුවෙ
විදු පත් ඉරුව 09.03.2016 පසුගිය සතියේ අප කතා කළේ ලෝකයේ උතුර දකුණ මාරු වීම පිළිබඳව ය. මේ සතියේ කතා කරන්නට වන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට උතුර දකුණ මාරු වීම සම්බන්ධව ය. කුලියාපිටියේ දරුවාට තවමත් පාසලක්‌ ලැබී නොමැත. බටහිර වෛද්‍යවරු අදාළ රෝගය ගැන ඉතා හොඳින් දන්නා ඇත්තෝ වෙති. එනිසා ඔවුන් ගේ වදන් පිළිබඳව සැකයක්‌ ඇති කරගැනීමට අවශ්‍ය නො වේ. වසර ගණනාවක්‌ තිස්‌සේ මේ රෝගය පිළිබඳව ඔවුන් විවිධ පර්යේෂණ සිදු කර ඇත. රෝගය පැතිරෙන්නේ කවරාකාරයෙන් දැයි ඔවුන් ඉතා හොඳින් මේ වන විට පැහැදිලි කර ඇත. අපට පෙනී යන ආකාරයකට මේ කරුණු සමාජගත වීමේ දී කිසියම් අඩුපාඩුවක්‌ ඇති වී ඇති බව සිතේ. සම්පූර්ණ විස්‌තරය විධිමත් ව සමාජගත නො වී යම් කරුණු පමණක්‌ ජනතා සිත් සතන් තුළ පැළපදියම් වීමට හේතුව කුමක්‌ ද යන්න අප සොයා බැලිය යුතු ය. පැහැදිලි සත්‍යයක්‌ ඇත. ඒ ජනතාව සමග ගනුදෙනු කිරීම පහසු නැති බවයි. විවිධාකාරයේ දැනුම් මට්‌ටම් ඇත්තන් විසීමත්, ඔවුන් දැනුම ග්‍රහණය කරගන්නේ විවිධ මට්‌ටම්වලින් වීමත් මේ සදහා ප්‍රධාන හේතුවකි. මෙලෙස ලබාගන්නා දැනුම තම මනෝභාවය තුළ හිඳිමින් ම විශ්ලේෂණය කරන්නට පෙලඹෙන ජනතාව කෙළවර නිගමන
" ස්‌වාභාවික විපත් නිසා මිය යන පිරිස එන්න එන්න ම වැඩි වන බවක්‌ පෙනෙන්නට තිබේ. ගංවතුර, නාය යැම්, භූ කම්පා ආදි බොහොමයක්‌ ස්‌වාභාවික විපත් ඇති වනුයේ භූ විද්‍යාත්මක සංසිද්ධීන් මුල් කරගනිමින් ය. දේශීය ව මෑතකාලීනව ගංවතුරෙන් හා නාය යැමෙන් ජනතාවට වූ පීඩා සුලබව අසන්නට දකින්නට ලැබිණ. කඩිනමින් ආහාරපාන, ආරක්‌ෂිත ස්‌ථාන ආදිය සපයමින් විපතට පත් වූවන්ට, අවතැන් වූවන්ට සහන සලසනු මෙවන් අවස්‌ථාවන්හි දී කෙතරම් දක්‌නට ලැබුණ ද පීඩිතයන්ගේ මානසික සංවර්ධනය උදෙසා යමක්‌ සිදු කරනු දක්‌නට නො ලැබෙන තරම් ය. කායික පීඩනයට වඩා මානසික පීඩනය බෙහෙවින් භයානක වන අතර ම අයකු මානසික ව ව්‍යාකූල වූ විට නො කරන දෙයක්‌ නොමැති තරම් ය. සමාජ භූ විද්‍යාව නම් වූ සංකල්පය කරළියට පැමිණෙන්නේ මෙවන් වූ පසුබිමක ය."                                                            -----------සිනේකා වීරක්‌කොඩි http://vidusara.com/2018/09/19/feature3.html
විදු පත් ඉරුව 02.03.2018. කෙනකුට "උතුර දකුණ" මාරු වන්නේ හොඳකට නම් නො වේ. එකවර මුළු ලෝකයට ම උතුර දකුණ මාරු වුව හොත් කුමක්‌ සිදු වේ ද? ඇත්තට ම ඔබ ඒ ගැන කුමක්‌ සිතන්නේ ද? ඒ ගැන ඔබ කුමක්‌ සිතුවත් එකවර මුළු ලෝකයට ම උතුර දකුණු මාරු විය හැකි වීම සත්‍යයක්‌ බව නම් මේ වන විට විද්‍යාඥයන් සොයාගෙන අවසන්. ඇත්තට ම මෙහි දී සදහන් කෙරෙන "උතුර දකුණ" වන්නේ චුම්බක උතුර දකුණ මිස වෙන කිසිවක්‌ නො වේ. පවතින චුම්බක උතුර, දකුණ වී, පවතින චුම්බක දකුණ, උතුර වීම භූ විද්‍යා ලෝකය තුළ දී නම් අරුමයක්‌ නො වේ. එයට හේතුව වන්නේ අතීතයේ බොහෝ වාර ගණනක්‌ මේ පැති මාරුව සිදු වී ඇති බව වාර්තා වීමයි. භූ චුම්බක ක්‌ෂේත්‍රය මෙලෙස කණපිට පෙරළෙන්නේ මන්දැයි යන්න දැනගැනීමේ කුතුහලයක්‌ ඔබට මේ වන විටත් ඇති වී ඇති බව නිසැක ය. ඔබට මෙයට පෙර වතාවක දී පෘථිවියේ හරස්‌ කඩ කෙබඳු දැයි මා පහදා දී ඇත. රවුම් අලි පෙර ගෙඩියක අභ්‍යන්තර කොටස්‌ පෘථිවියේ ප්‍රධාන ස්‌ථරවලට බොහෝ සමාන වේ. පිටතින් ම ඇත්තේ කබොල වන අතර ඇතුළතින් ම ඇත්තේ හරයයි. ඒ දෙක අතර ප්‍රාවරණය පිහිටයි. හරය ඉතා බර ලෝහවලින් සමන්විත වන අතර යකඩ සහ නිකල් න