Posts

විදුපත්ඉරුව 31.05.2017 හිටිහැටියෙ ම වැටුණ වැස්‌සට මෙච්චර විපතක්‌ වෙයි කියලා හිතුවේ නෑ මහත්තයෝ. නැතිනං අපිට අයින් වෙන්න කියලා කියලයි තිබුණේ." මෙවැනි කථා සැම නාය ආපදාවකට පසු කිහිප තැනකින් ම අසන්නට ලැබෙන බව කිව යුතු ය. මෙහි ගැඹුරු අර්ථය නම් මෙරට වගකිවයුතු ආයතන ලබා දෙන උපදෙස්‌ මහජනතාව නො සලකා හරින බව නොවේ ද? වසර ගණනාවක්‌ තිස්‌සේ පර්යේෂණ කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දියුණු කරනු ලැබූ නාය ආපදා සිතියම් සැලකිල්ලට ගන්නේ මෙරට නාය අවදානමට ලක්‌ වන ජනතාව ගෙන් කොපමණ පිරිසක්‌ ද යන්න මෙවැනි ආපදාවක දී තේරුම්ගත හැකි ය. වසරක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදු කරන දැනුවත් කිරීම් ප්‍රමාණය සිය ගණනකි. මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් දැනට දශක දෙක තුනක සිට ම සිදු කරනු ලැබේ. මේ දැනුවත් කිරීම්වල දී අදාළ ප්‍රදේශවල නාය යා හැකි ස්‌ථාන හඳුනාගනු ලබන අතර ව්‍යසනයක දී එම නාය යා හැකි ස්‌ථාන මගහැර ආරක්‌ෂිත ස්‌ථානවලට ළඟා විය හැකි මාර්ග පවා නම් කර ජනතාව පෙර සූදානම් කර ඇත. ග්‍රාමීය නාය ආපදා කමිටු බිහි කර නාය ආපදාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිලිව දැනුම් දී
විදුපත් ඉරුව 02.08.2017 නව නිපැයුම් සහ නවෝත්පාදන නොමැති නම් ලෝකයේ ඉදිරි ගමනක්‌ ගැන සිතිය නොහැකි ය. මුනිදාස කුමාරතුංගයන් 'අලුත් අලුත් දේ නො තනන ජාතිය ලොව නො නගී' යෑයි පැවසුවේ ඒ බව ය. රටක ජාතියක අභිවෘද්ධිය සඳහා නම් නව නිර්මාණ අවශ්‍යයෙන් ම කළ යුතු වන බව අප පිළිගත යුතු ය. ලෝකය ජයගැනීමේ කලාවේ කොඳු නාරටිය වන්නේ නව නිපැයුම් බව කිව යුතු ය. නව නිපැයුම් සහ නවෝත්පාදන යනු නිර්මාණශීලී බවේ සංකේතයයි. රාමුවෙන් ඔබ්බට සිතීම ද, දැකීම ද, නව නිර්මාණ සඳහා හේතු වන බව මතකයේ රඳවාගත යුතු ය. මේ සඳහා බොහෝ උදාහරණ ඇත. තම ඔළුවට වැටුණු ඇපල් ගෙඩිය කා දමන්නේ නැතිව ඒ ඔස්‌සේ තම මනස මෙහෙයවූ නිව්ටන් ලොවට ගුරුත්වාකර්ෂණ සිද්ධාන්තය ඉදිරිපත් කළේ ය. කතෝලික පල්ලියේ දර්ශනයට අනුගත නො වූ ලුවී පාස්‌චර් රෙදි කැබැලිවලින් මීයන් බෝ නො වන බව හෙළි කළේ ය. නව නිපැයුම් සඳහා හේතු වන තවත් කරුණක්‌ වන්නේ යම් කිසි ගැටලුවකට පිළිතුරක්‌ සෙවීමට අවැසි බවයි. එම ගැටලුවෙන් මිදීම ප්‍රමුඛ වීම තරගකාරී ප්‍රවේශයකට මගපාදයි. කාලීන අවශ්‍යතාවන් මෙහි දී කැපී පෙනෙන අවස්‌ථාවන් ලබා දෙයි. උදාහරණයක්‌ ලෙස ගත හොත් දෙවැනි ලෝක
විදු පත් ඉරුව 19.04.2019 සිදු වන ව්‍යසනය ද එය සිදු වන්නේ කවර දා දැයි පැවසීම ද වරෙක ආපදාවක්‌ මවන්නේ නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට ඉඩ හැරීමෙන් පමණක්‌ නො ව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් ලෙඩ ඔඩු දිවීම නිසා ද බව මීතොටමුල්ල ෙ€දවාචකය අපට පැහැදිලි කර දෙන සත්‍යයයි. ඩිමෝ බඩියකට අලියකු පැටවීම කොහෙත් ම කළ හැක්‌කක්‌ නො වේ. එවිට සිදු වන්නේ කුමක්‌ දැයි අපට හොඳින් පැහැදිලි වේ. කෙසේ නමුත්, මේ ලියන මොහොත වන තුරු ද සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව කොපමණ දැයි නිශ්චිතව ගණනය කළ හැකි වී නොමැත. මෙවන් අවස්‌ථාවක ආපදා කළමණාකරණය සංවිධානගත වී දැයි ගැටලුවක්‌ ද පැනනගියි. දහවල ද නැවත නැවතත් වළේ වැටෙන්නේ නම් එය එළිය පිළිබඳ ප්‍රශ්නයක්‌ නො ව දැක්‌ම පිළිබඳ ගැටලුවක්‌ බව අප තේරුම්ගත යුතු ය. මෙරට කුණු ගැන කථා කරන්නේ දශක ගණනාවක සිට ය. විසදුම් සොයන්නේ විද්වතුන් නො ව දේශපාලකයන් ය. විද්වතුන් දේශපාලකයන් වීම කෙතරම් කදිම දැයි අප කල්පනා කළ කාලයක්‌ විය. එහෙත් එවැන්නන් ගෙන ආ අඳුරු ආදර්ශ නිසා අප ගේ සිතිවිල්ල පුස්‌සක්‌ වී ඇති බව මේ වන විටත් පැහැදිලි වී හමාර ය. විද්වතුන් දේශපාලකයන් වීමෙන් සැම විට ම
විදු පත් ඉරුව 12.04.2017 බක්‌ මහේ විශේෂත්වය ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන සිංහල අලුත් අවුරුද්දයි. කවරකු කෙසේ කීවත්, කවර අර්ථකතන දුන්නත් සිංහලයා ගේ නිර්මාණශීලිත්වය සහ අදීනත්වය හඬ ගා කියන්නේ මෙමගින් බව බොහෝ දෙනකු තේරුම් ගන්නේ නැත. ඉතා කදිම අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරිපුන් සිංහල අලුත් අවුරුද්ද ගෙවී යන වසරේ අවසානයත් එළඹෙන වසරේ ආරම්භයත් සනිටුහන් කරයි. සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ජලයට ලැබෙන්නේ ද ඉහළ ප්‍රමුඛතාවකි. සැම සුබ කටයුත්තක්‌ ද පටන් ගැන්මේ දී ඉදිරියට එන ජලය පිරි කළය ගෙන එන්නේ සුබ පණිවිඩයකි. ජීවයේ අඛණ්‌ඩතාව රඳා පවත්නේ ජලය මත බව හොඳින් තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ජලයට ගෞරව කළ හ. එමෙන් ම එය රැකගැනීම සදහා කදිම සංරක්‌ෂණ ක්‍රමවේද නිර්මාණය කළ හ. ජලය රැස්‌ කර, නැති කල ප්‍රයෝජනයට ගැනීමට උපාය උපක්‍රම ලෙස ඉතා කදිම විස්‌මයජනක වාරි තාක්‌ෂණයක්‌ බිහි කළ හ. සැමට භාවිතයට ගත හැකි ලෙස දියුණු භෞතික මෙන්ම සමාජ ක්‍රමවේද ද ඇති කළ හ. ඒ එතරමට ජලයේ වටිනාකම හඳුනාගෙන තිබූ බැවිනි. නා නා අයුරින් අපට පිහිට වන ජලයට ප්‍රතිඋපකාර කරන්නට සිංහලයාට වැදගත් වූ සිංහල
විදු පත් ඉරුව 29.03.2017 පෘථරිවිය බිහි වූයේ මින් වසර බිලියන 4.6 කට පෙර ය. මහා පිපිරුම නිසා විසිරුණු දුහුවිලි වලාවක්‌ ක්‍රමයෙන් සංකෝචනය වීමෙන් පෘථරිවිය සහිත මේ සූර්යග්‍රහ මණ්‌ඩලය නිර්මාණය විය. එහි ජීවයේ නියමුවා වූයේ පෘථරිවියයි. දසත පැතිර තිබූ දුහුවිලි අධික තාපයක්‌ සමග සංකෝචනය වූයේ ඝනැති පාෂාණ නිර්මාණය කරමිනි. ක්‍රමයෙන් සිසිලනයට ලක්‌ වූ පාෂාණ තට්‌ටු වරෙක එක්‌ වෙමින් ද නැවත වෙන් වෙමින් ද නො නවතින ගමනක නිරත වෙමින් පවතී. මේ අතර ජීර්ණයට ලක්‌ වූ මිහිපිට වූ පාෂාණ අවසාදිත නිර්මාණය කරමින් මුහුදු පත්ලේ තැන්පත් විණි. තවත් වරෙක මිහි ලිය ගිලගත් පාෂාණ තට්‌ටු දිය කරමින් ලෝදිය නිපැදවිණි. එලෙස නිර්මාණය වූ පෘථරිවි තල අතර වූ එක්‌ අපූරු තලයක ය අප රට පිහිටන්නේ. ජුරාසික යුගයේ දී ම ඉන්දියානු තලයෙන් වෙන් ව තනි ව ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය භූ තලය අද දවසේ ඔබ අප ගේ නිවහන වන්නේ ය. දූපතක්‌ ලෙස මෙදින එය දිස්‌ වන්නට හේතු වූයේ එම වෙන් වීමයි. භූ විද්‍යාඥයන් පවසන අන්දමට වසරකට මිලිමීටර එකක පමණ වේගයකින් ඉන්දියාවෙන් වෙන් ව ඕස්‌ටේ්‍රලියාව දෙසට පා වෙමින් පවතින ශ්‍රී ලාංකේය භුමි භාගය කාවරී ෙද්‍රd
විදුපත් ඉරුව 08.03.2017 පසුගිය ඉරිදා එක්‌තරා රූපවාහිනි නාළිකාවක විකාශනය වූ ප්‍රවෘත්ති අතර වැදගත් ප්‍රවෘත්තියක්‌ විය. කලාතුරකින් හෝ එවැනි ප්‍රවෘත්ති විකාශනය වීම ගැන සතුටට පත් විය යුතු අතර එමගින් කියවුණේ රජයේ පරිපාලන ආයතන දෙකක්‌ අතර ගැටලුවකි. එහි මූලික කරුණ වී තිබුණේ අලින් 'කුණු' කෑමයි. පහසුවටත් ලේසියටත් ආහාර සොයාගැනීමේ මගක්‌ ඇති කරගත් මේ 'ගොන් අලින්' ද ඔවුන් ගේ වපසරිය ආසන්නයට ගෙනැවිත් දමන මානව කුණු කසළ අවුස්‌සමින් 'මිනිස්‌ ඉඳුල්' ගිල දමන්නට පුරුදු වීම උන් ගේ ම අවාසනාව ය. තම පරිපාලන ව්‍යqහය තුළ ගොඩගැහෙන කුණුවලට කරගන්නට දෙයක්‌ නොමැති කල කොහේ හෝ ගොස්‌ අතහරින්නට තැත් කරන මෙවන් කලෙක මේ කුණු ගොඩ නිසා අලින්ට සිදු වන්නට යන විපත්තිය අදාළ වගකිවයුත්තන්ට සුළුවෙන් හෝ මතක්‌ වීම කටින් බතල කොළ සිටුවන මැති ඇමතිවරුන් සිටින මෙවන් කලෙක එක්‌තරා අතකට පුදුමයට කරුණකි. කෙසේ වුවත් මේ ගැටලුව විසඳෙන්නට තවත් බොහෝ කලක්‌ ගත වන බව නම් පවතින වර්තමාන පරිපාලන ක්‍රමය තුළ පුදුමයක්‌ නොවේ. එනිසා කුණු බුදින්නට පුරුදු වූ අලින් රැකගැනීම සිහිනයක්‌ විය හැකි අතර දිගින් දිගට
විදුපත් ඉරුව 01.03.2017 ඇස්‌ ඇත්තෝ ලෝකය දකිති. නුවණැස ඇත්තෝ ලෝකය විනිවිද දකිතැයි පැවසෙයි. මේ කිසිවක්‌ නැත්තන් කෙසේ නම් ලෝකය දකින්න ද? මිනිසා ඇතුළු වානරයෝ කදිමට වර්ණවත් ලෝකය දකිති. එහෙත් ඉතිරි ක්‌ෂීරපායිහු ද, පක්‌ෂීහු ද, උරගයෝ ද, උභයජීවීහු ද, මත්ස්‍යයෝ ද ඒක වර්ණයෙන් හෝ ද්වි වර්ණයෙන් ලෝකය හඳුනාගනිති. කෘමීන් වැනි අපෘෂ්ඨවංශිකයන් හට කදිම වූ අක්‌ෂි පද්ධතියක්‌ ම පිහිටා ඇත. මේ ඇස්‌ තනි තනි ව හෝ සියල්ල එක්‌ ව හෝ ඔවුනට පෙනීම ලබා දෙයි. අක්‌ෂි පිහිටීම මගින් අපට පරිසරයේ ස්‌වරූපය පහදා දෙයි. අප ගේ අක්‌ෂි පරිසරයේ වර්ණවත් හැඩ තලවල සුසංයෝජනය මැනැවින් පෙන්නුම් කරයි. එහෙත් අක්‌ෂි රහිත ඇත්තන් මෙවැනි දෑ තේරුම්ගන්නේ කෙසේ ද? ඇස්‌ අවශ්‍ය ම බව සිතා සිටින්නේ ඇස්‌ ඇත්තන් පමණකි. තමන් ඉන්නා පරිසරය හඳුනාගැනීමට හෝ තේරුම්ගැනීමට හෝ ඇස්‌ සැම විට ම අවශ්‍ය වන්නේ නැත. ඇස්‌ ඇත්තන්ට දකින්නට ආලෝකය අවශ්‍ය ම වේ. එනිසා දහවල දී දක්‌නා දේ රාත්‍රියේ නිසි පරිදි සැවොම දකින්නේ නැත. මේ අතර සමහර සත්තු රාත්‍රිය විනිවිද දකින්නට හැකියාවක්‌ ඇත්තෝ වෙති. අප ගේ ජීවිතයේ ආයු කාලයෙන් අඩු ම තරමින් අඩක්‌ වත් සිට
විදුපත් ඉරුව 22.03.2017 අලින්ටත් ළමයින්ටත් නලියන්ට ම ය හිත. ඔවුනට එක ලෙස එක තැනක සිටින්නට නම් බැරි ය. ඒ වාගේ ම ඔවුන් ගේ දඟකාරකම් නො බලා ඉන්නට අපට ද කොහෙත් ම බැරි ය. ඔවුන් ඉතා විමසිලිමත් ය. පසුගිය දිනෙක එලෙස විමසිලිමත් වූ විදුසර කියවන දයාබර දැරියක්‌ ඉතා කදිම පැනයක්‌ මගෙන් විමසා සිටියා ය. ඒ අප ගේ ව්‍යවහාරයේ ඇති අලි ඇතුනට සම්බන්ධ උපහැරණයක සත්‍යතාව පිළිබඳව ය. යම්කිසි දෙයක ප්‍රතිඵල රහිත බව, හිස්‌, නිෂ්ඵල බව කියා සිටින්නට අවශ්‍ය වූ විටෙක අප හොඳින් දන්නා උපහැරණයක්‌ වන 'අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ' යෑයි අපි පවසමු. අප පැරැන්නන් පවසන පරිදි අලින් දිවුල් නො විකා ගෙඩි පිටින් ම ගිලින බැවින් ගෙඩියේ මදය අලි උදරයේ දී ජීර්ණය වීම නිසා පුහු දිවුල් අලි බෙටි සමග බැහැර වේ. මේ කුඩා දැරිය මගෙන් විමසා සිටියේ මෙහි සත්‍යතාවයි. අප හොඳින් දන්නා පරිදි අලි ඇතුන් ශාක භක්‌ෂකයන් බැවින් විකා ගිලීම සඳහා කදිමට සකස්‌ වූ අපූරු දන්ත පද්ධතියක්‌ ඇත. ඒ සදහා සාක්‌ෂි දරන්නේ හොඳින් සකස්‌ වූ පුරශ්චාර්වක සහ චාර්වක දත් පන්තියයි. අලි මුඛයේ අගිස්‌සේ එලෙස සකස්‌ වූ යෝධ දත් තල්මහ ගේ දත්වලට වඩා විශාල ය. අලි මුඛය
Image
ජෛවචුම්භකත්වය මගින් පාර සොයන ක්ෂුද්‍රයෝ....!! බැක්ටීරියාවන් ප්‍රාථමික ජීවින් කොට්ටාශයක් වුවත් අපූරු හැසිරීම් ඇත්තවුන් බව පෙනී යනවා. ඔවුන්ගෙන් සමහර විශේෂ පාර සොයාගන්නට භූ චුම්භකත්වය භාවිතයට ගනු ලබන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඔක්සිජන් තියෙන ඉස්සව්ව නිවරදිව හඳුනාගන්න තමයි ඔවුන් මේ උපක්‍රමය භාවිතා කරන්නේ. මේ සඳහා ඔවුන්ගේ දේහයන්වල තියෙනවා විශේෂ ඉන්ද්‍රියයක්. ඒක හඳුන්වන්නේ චුම්බසෝම ( magnetosomes ) නමින්. මේ ඉන්ද්‍රියය තුල මැග්නටයිට් (යකඩ ඔක්සයිඩ) සහ ග්‍රිගයිට් (යකඩ සල්ෆයිඩ) නම් ඛණිජ අඩංගු වෙනවා. ‘චුම්භසංචරිත’ ( Magnetotactic ) බැක්ටීරියාවන් ලෙස හඳුන්වන්නට හැකි මේ ක්ෂුද්‍රයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ දේහයන් තුල ඉහත කි ඛණිජයන් නිපදවන්නට හැකි වීමයි. මේ පිළිබඳව මුලින්ම ලෝකයට නිරාවරණය කලේ 1975 දී.
විදු පත්ඉරුව 18.02.2017 විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුව ම විචිත්‍රවත් වෙයි. පසුගිය ජනේරුවේ අග භාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක්‌ නිසා විද්‍යා ලෝකය මේ වන විටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් සිටියි.'ලෝහමය හයිඩ්‍රජන්' යනු මෙතුවක්‌ කල් විද්‍යාඥයන් අතර සිහිනයක්‌ ව තිබූ කල්පිත පදාර්ථමය අවස්‌ථාවක්‌ වේ. දැන්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ යන දෙපළ විද්‍යාත්මක පත්‍රිකාවක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිළිබඳ පර්යේෂණ කරන මෙන්ම නිරන්තර අවදියෙන් සිටින බොහෝ විද්වතුන් ගේ අවධානයට ලක්‌ වූ මේ පත්‍රිකාව සමහර ගැටලු නිසා තරමක්‌ විවේචනයට ලක්‌ වුව ද බොහෝ දෙනකු ගේ පැසසුමට ලක්‌ වී තිබේ. අප දන්නා පරිදි හයිඩ්‍රජන්, ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍යය වේ. සොබාවික පරිසරයේ දී වායුවක්‌ ලෙස හැසිරෙන මේ මුලද්‍රව්‍යය ද්‍රවයක්‌ කිරීමට නම් අධික සිසිලනයකට ලක්‌ කළ යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක
Image
එදිනෙදා ජිවිතයට භූ විද්‍යාව අගස්ති මාල අපේ ආච්චිලා අත්තම්මලා ඉස්සර බොහොම උජාරුවට කරේ බැන්දේ අගස්ති මාල. අපූරු වයිරමත් එක්ක එන පාට පාට අගස්ති මාල බොහොමයක් ගෙනාවේ ඉන්දියාවෙන්. හැබෑවටම මොනවද මේ අගස්ති. අගස්ති කියන්නේ ඛණිජයක්. රසායනය නම් තිරුවානා වල රසායනයට සමානයි.   ඒ කියන්නේ...එකේ තියෙන්නේ සිලිකන් සහ ඔක්සිජන්. සිලිකන් ඩයොක්සයිඩ් (සිලිකා) කියලා කිව්වනං හරියටම හරි. අගස්ති නිර්මාණය වෙන්නේ බොහොම අපූරු විදියකට. තිරුවානා ඛණිජය තමයි ලෝකේ ජීර්ණයට බොහොම ප්‍රතිරෝධී ඛණිජය. ඒක රසායනිකව වෙනස් වෙලා ද්විතියික ඛණිජයක් බවට පත්වෙන්නේ නැහැ. කොහොමවුනත් ඉතා කුඩා ඇහැට නොපෙනන අංශු වලට බිඳුන සිලිකා ජලයේ   දිය නොවුනත් පා වෙන අංශු ලෙස ප්‍රවාහනය වෙන්නට පුළුවන්. එලෙස ප්‍රවාහනය වෙන සිලිකා අංශු කොහේ හෝ තැනක තැන්පත් වීමෙන් තමයි අගස්ති නිර්මාණය වෙන්නේ. නිදහසේ ගලා යන සිලිකා ද්‍රාවන බොහෝවිට පසේ හෝ පාෂාණ වල ඇති කුහර වල තැන්පත් වීමෙන් කුහරයේ හැඩයම වූ අගස්ති නිර්මාණය වෙයි. කුහරමය නිසා මෙම සිලිකා වලට තරමක් නිදහසේ ස්ඵටීකිකරණය   වෙන්න පුළුවන්. හැබැයි බොහෝවිට හැදෙන්නේ ඇහැට නොපෙනෙන ප්‍රමාණයේ ස්ඵටික. ඒක නි