Posts

විදු පත් ඉරුව 25.01.2017 පෘථරිවියේ ජීවය පවත්වාගෙන යන්නට ප්‍රධාන අනුබලයක්‌ වී ඇත්තේ ජලයයි. ඒ බව ඉතා හොඳින් දැනෙමින් පවතින කාල වකවානුවකි අප මේ ගත කරන්නේ. මෙවර නියඟයක්‌ ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති මොහොහතක ජල සංරක්‌ෂණය සහ බීමට සුදුසු පිරිසිදු ජලය ලබා දීම සඳහා වහ වහා විධිමත් ක්‍රියාදාමයක්‌ දියත් විය යුතු ය. නියඟයේ බලපෑම පෙන්වමින් මේ වන විට විවිධ ගැටලු පැනනැෙගමින් පවතින පෙනී යයි. මහවැලි ගඟේ අවම ජල මට්‌ටම වත් මේ වන විට පවත්වාගෙන යා නොහැකි බව අන්තර් ජලාශ දිය දහරවල් නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ. ජලාශවල ජල මට්‌ටම අඩු වීම විදුලිය නිපදවීම සඳහා ෆොසිල ඉන්ධන දහනය දෙසට අප වඩ වඩාත් තල්ලු කරයි. නියඟය ගංගා තුළට මුහුදු ජලය කාන්දු වීමට හේතුවක්‌ වෙයි. එනිසා ඒ අවට පිරිසිදු ජල මුලාශ්‍ර මුහුදු ජලය හා මිශ්‍ර වී බීමට ගත නොහැකි තත්ත්වයට පත් කරයි. මේ තත්ත්වය පසුගිය විවිධ කාල වකවානුවල ඇති වූ නියංවල දී කැලණි ගඟේ ද, කළු ගඟේ ද ඇති විය. මෙවරත් කළු ගඟේ මේ තත්ත්වය ඇති වෙමින් පවතින බව පෙනී ගොස්‌ ඇත. මුහුදු ජලය ගංගා ජලය හා මිශ්‍ර වීම ජලයේ දිය වී ඇති අයන මට්‌ටම ඉහළ නංවාලන්නට හේතු
Image
දැඩියාව වැඩිම දියමන්ති නොවෙයි..? ලෝකයේ දැඩියාව (hardness) වැඩිම ඛණිජය දියමන්ති ලෙසයි අපි දන්නේ. ඔන්න මේ ජනේරුවේ ඊශ්‍රායලයෙන් අලුත් ඛණිජයක් සොයාගෙන තියෙනවා 'කාර ්මෙල්ටාසයිට්' (Carmeltazite) කියලා. ඒකේ දැඩියාව භූ විද්‍යාඥයින් කියන අන්දමට දියමන්ති වලටත් වඩා වැඩියි. මැණික් පතලකින් සොයාගත් මේ අපුරු අලුත් ඛණිජය එහෙ මැණික් වෙළෙන්දෝ හඳුන්වන්නේ නම් “කාර්මෙල් නිල්” කියලා. මොකද එහෙ වැඩිපුරම ලැබෙන්නේ නිල්, රතු, කහ වැනි කොරන්ඩම් කුලයේ මැණික්. කොරන්ඩම් තමයි දෙවනියට වැඩිම දැඩියාවක් ඇත්තේ. ඊශ්‍රායලයේ සෙව්ලුන් (Zevulun) නිම්නයෙන් තමයි මේ අලුත් ඛණිජය ලැබෙන්නේ. මේ ප්‍රදේශය ආග්නේය පාෂාණ ඇති පැත්තක්. පෙනුමෙන් සහ රසායනයෙන් නිල් සහ රතු මැණික් වලට සමානයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ මැණික් වල පැහැය කළු, නිල්, කොළ සහ තැඹිලි පැහැයෙන් හමුවන බවයි පෙනී යන්නේ. ඩයිනොසෝරයන් රජකළ ක්‍රිටේසියස් යුගයේ හට ගත් ගිනිකඳු හේතුවෙන් මේවා බිහිවන්නට ඇතැයි භූ විද්‍යාඥයින් විශ්වාස කරනවා.
විදුපත්ඉරුව 18.01.2017 පෘථිවියේ ඇති 'ආනතිය' හේතුවෙන් සුවිශේෂී දේශගුණික කලාපයන් නිර්මාණය වී ඇත. හිරු ගේ කිරණ ලැබෙනා පිළිවෙළ නිසා හිරු ගේ ශක්‌තිය උපරිමයෙන් ලබාගන්නට නිරක්‌ෂයට හැකියාව ලැබී තිබේ. එමෙන් ම ධ්‍රැවාසන්නයට තීව්‍රතාවෙන් අඩු හිරු කිරණ ලැබෙනා බැවින් ඉතා අඩු ශක්‌තියක්‌ ලැබෙන බව එහි දේශගුණික තත්ත්වය නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ. විවිධ පරිසර ජයගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබෙන්නේ ඇත්තෙන් ම ඒ එම පරිසරයට අනුව ජීවත් වන්නට හැඩගැසීමෙනි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මෙලෙස සිදු වූ පෙරළිය විවිධ සමාජ සංස්‌කෘතීන් බිහි කරන්නට හේතු වී ඇත. ධ්‍රැවාසන්න ප්‍රදේශ ශක්‌ති ඌනතාවකින් පෙළෙනා බව පිළිගත යුතු ය. තාප ශක්‌තියේ ඌනතාව ඉතා ප්‍රබල ලෙස බලපාන බව එම ප්‍රදේශවලින් විකසනය වූ සමාජ සංස්‌කෘතීන් විග්‍රහ කිරීමේ දී පෙනී යයි. පවතින දරුණු ශීත දේශගුණික තත්ත්වය ඔවුන් සමනය කරගන්නේ තමන් ගේ මුළු ශරීරය ම බාහිර පරිසරයෙන් වියුක්‌ත කර ගැනීමෙනි. ඒ සදහා ඔවුහු විවිධ උපක්‍රම භාවිත කරති. ඇඳුම් පැළදුම් ඒ අතර ප්‍රමුඛ වෙයි. දෙඅත් මෙන්ම දෙපා ද ආවරණය සදහා මේස්‌ පැළඳීම, දෙකන් වැසෙන සේ හ
විදුපත්ඉරුව 11.01.2017 ඉකුත් සති අන්තය අතිශය කාර්යබහුල එකක්‌ විය. ඒ අන් කිසිවක්‌ නිසා නොව ගංවතුර උවදුරට ලක්‌ වූ කැලණි ගං මිටියාවතෙහි ජීවත් වන කොළඹ අවට ජනතාවට සිදු වූ හානිය තක්‌සේරු කිරීමේ දුෂ්කර කාර්යයක්‌ කරන්නට සිදු වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැම විට ම මෙවැනි අභියෝගාත්මක කාර්ය සදහා උර දෙන්නට සැදී පැහැදී සිටිනා නිසාත්, මෙවැනි දෑ පිළිබඳව ධනාත්මකව සිතනා පිරිසක්‌ එහිඇති හෙයිනුත් බොහෝ උද්යෝගිමත් ලෙස ද කාර්යශූර ලෙස ද මෙන්ම විනෝදාත්මකව ද එම සමීක්‌ෂණය සිදු කරන්නට හැකි වූ බව පැවසිය යුතු ය. මේ ගංවතුර උවදුර සිදු වී බොහෝ කල් වුව ද පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදු කරන්නට කඩිනම් වැඩපිළිවෙළක්‌ අදාළ වගකිවයුතු ආයතනවලට නොමැති වීම පිළිබඳව කණගාටු විය යුතුවාක්‌ මෙන්ම ඉතා වගකිවයුතු ලෙස ඔවුන් ගේ අවධානය ද මේ කෙරෙහි යොමු විය යුතු බව පැවසිය යුතු ය. මෙවැනි ආපදාවන්ට ලක්‌ ව අවතැන් වන ජනතාව උදෙසා බොහෝ ආධාර උපකාර මුල් ම කාලයේ ලැබෙනා මුත් කල් යත් ම ඔවුන් පිළිබඳ මතකය අමතක වන බැවින් ස්‌ථිරසාර විසඳුමක්‌ ඉතා කෙටි කලකින් ස්‌ථාපනය කළ යුතු ය. එවැනි වැඩපිළිවෙළක්‌ සැකසීම
විදුපත්ඉරුව 04.01.2017 ඔබ සියලු දෙනාට ම ලැබුවා වූ නව වසර ඔබ ගේ ප්‍රඥාවේ අභිවෘද්ධියට හේතු වන නව වසරක්‌ වේවායි පතමින් ම මේ අවුරුද්දේ මා මේ තීරය ඔස්‌සේ තබන පළමු සටහනයි මේ. එහෙත් මෙය ඔබට කියවන්නට ලැබෙන්නේ නව වසර ආරම්භ වී දින හතරක්‌ ම ගෙවී ගොස්‌ අවසාන වූ විටයි. පළමු වැනි දා ඉරිදා වූ බැවින් බොහෝ දෙනකු ලැබූ අලුත් අවුරුද්දේ සතුට විඳිමින් විවේකයෙන් ගත කරන්නට ඇති. දෙවැනි දා වූ සඳුදා, අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කළ ප්‍රථම දිනය නැත හොත් අලුත් අවුරුද්දේ ඔබ ගේ පළමු පාසල් දිනය. කාර්යාලයේ නම් එදින අවුරුදු සැමරුම් සමග කිරිබත් ඇතුළු කැවිලි මේස, තේ පැන් සංග්‍රහ, සුබපැතුම් සහ අනුශාසනාවලින් අඩුවක්‌ නො වන්නට ඇති. තුන්වැනි දා සුපුරුදු පරිදි කාර්යාල කටයුතු ඒ අයුරින් ම වෙන දා පරිදි සිදු වන්නේ අතරින් පතර අලුත් අවුරුදු සුබපැතුම් ද එක්‌ කරමින්. ජනවාරි මාසය එලෙස ගෙවී යද්දීත් පෙබරවාරිය එළෙඹෙදදීත් අප බොහෝ කාර්ය බහුල වී හෝ ගැටලුවලට මැදි වී දින වකවානු ගත වන බව අමතක වේ වි. දෙසැම්බරය ලබද්දී මෙතරම් ඉක්‌මනට ම අවුරුද්ද ගෙවී ගිය බව සිතමින් ඔබ පුදුමයට පත් වේ වි. එවිට ගෙවුණු වසරේ සිදු කළ දෑ
විදුපත්ඉරුව 14.12. 2016 පසුගිය මාස කිහිපයේ බොහෝ වාර ගණනක්‌ යාපනය අර්ධද්වීපය කරා යන්නට මට සිදු වූයේ එහි සිදු කරමින් පවතින විශේෂ පර්යේෂණයක්‌ උදෙසා s. පසු ගිය ජනවාරියේ අච්චුවේලි ප්‍රදේශයේ වගා බිමක සිදු වූ ගිලා බැසීමට (Sunsidence) හේතුව කුමක්‌ දැයි සෙවීම එහි මූලික අරමුණ විය. එය කේන්ද්‍ර කරගනිමින් විවිධ පර්යේෂණ ක්‍රමවේද යොදාගෙන අප ගේ පර්යේෂණය මේ දිනවල දියත් කෙරෙමින් පවතියි. භූ අභ්‍යන්තරයේ සිදු වූ විපර්යාසයන් අනාවරණය කරගැනීම සදහා දුරස්‌ථ භූභෞතික ක්‍රමවේද (Remote sensing techniques) යොදාගන්නට හැකි අතර මේ ප්‍රදේශය ගවේෂණය සදහා විවිධ ක්‍රමවේද තුනක්‌ යොදාගන්නා ලදි. 'විදුලි ප්‍රතිරෝධකතා තාක්‌ෂණය' (Resistivity technology), 'භූ කම්පා තරංග තාක්‌ෂණය' (Seismic technology) සහ 'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' (Ground penetrating radar- GPR) මේ ප්‍රදේශයේ භූ අභ්‍යන්තර සැකැස්‌ම නිර්ණය කිරීම සදහා අප යොදාගත් අතර එමගින් අපූරු කරුණු රාශියක්‌ එක්‌ රැස්‌ කරගත හැකි විය. අප මෙහි දී යොදාගත් 'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' අපට නවමු අත්දැකීමක්‌ එක
විදුපත් ඉරුව 07.12.2016 "ඊයේ දුටුව හීනය නම් ඉතා නරක එකක්‌. මොකක්‌ වෙන්න එනව ද කියලා හිතාගන්න බෑ." මෙවැනි දෑ බොහෝ දෙනෙකුට අලුත් අත්දැකීමක්‌ වන්නට නම් නුපුළුවන. නින්දට යන බොහෝ දෙනකුට හොඳ හෝ නරක, ස්‌වප්නයන් පෙනෙන බව සත්‍යයකි. එහෙත් ගැටලුව වන්නේ උදෑසන අවදි වන විට බොහෝ දෙනකුට එම ස්‌වප්නයන් අමතක වී යැම ය. වර්තමාන ඇතැම් විද්‍යාඥයන් ගේ මතය නම් ස්‌වප්නයන් ඔස්‌සේ අනාගතය පිළිsබඳ යම් යම් පණිවිඩ ගෙන එන බවයි. බොහෝ විට අප ලද අත්දැකීම් මූලාශ්‍ර කර එම සිද්ධීන් ගලපා අපූරු කතාවක්‌ නිර්මාණය කරන බව ඔවුහු පවසති. බොහෝ විට එම කතාව නිර්මාණය කරන්නේ අයකු ගේ යටි සිත බවත් යටි සිතට එක්‌තරා ආකාරයකට අනාගතය දැකීමේ හැකියාව ඇති බවත් ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ. යටි සිත බොහෝ බලසම්පන්න බව අද වන විට ඉතා හොඳින් ම තහවුරු වී ඇති කරුණකි. යම් අයකු ගේ යටි සිතෙහි බලය අවදි කර ඇත්නම්, භෞතිකව ග්‍ර්‍රහණය කරගත නොහැකි බොහෝ පාරිසරික කරුණු අතීතයටත් අනාගතයටත් අදාළ වන පරිදි දැකීමේ හැකියාව පවතී. තමා ගේ ම යටි හිත ස්‌වප්නයන් මගින් පණිවිඩ ලබා දෙද්දී අවදි වූ යටි සිත් ඇත්තන් හට තවත
විදුපත්ඉරුව 30.11.2016 පශ්චාත් ආපදා කළමනාකරණය ගැන පහුගිය මැයි මාසේ සිට ඉතා පුළුල් ව සහ සංකීර්ණ ව බොහෝ අය කථා බහට ලක්‌ කළා. පසුගිය වාරවල මෙන්ම මෙවරත් නිසි ප්‍රතිපත්තියක්‌ සහ කාර්යක්‌ෂම වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නො තිබීම ඇත්තෙන් ම අප සැවොම කණගාටුවට පත් කරන කරුණක්‌. පසුගිය කාලය තුළ දී ම (පසුගිය දශක තුන ගනිමු) ස්‌වාභාවික සංසිද්ධීන් නිසා ආපදාවන් බොහොමයකට ශ්‍රී ලංකාව වරින් වර හසු වුණා කිව්වොත් නිවැරැදියි. ඒ අතර නාය යැම් ආපදා ප්‍රමුඛයි. එයට අමතරව ගංවතුර, සුළිසුළං පමණක්‌ නො වෙයි, නියඟය ද අප රට ඉතා දුෂ්කර තත්ත්වයකට අද දැම්මා කියන එකට ඔබ කවුරුත් එකඟ වේ වි. එක්‌ වරක්‌ පමණක්‌ සිදු වුණත් 2004 සිදු වූ සුනාමි ෙ€දවාචකය අප රටේ ආපදා කළමනාකරණය කෙරෙහි ගැඹුරෙන් සහ වගකීමෙන් යුතු ව බලන්නට සියලු පාර්ශ්වයන් පෙලඹවූ බව සත්‍යයක්‌. එහෙත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ සියල්ල කිසියම් ස්‌ථානයක නතර වී ඇති බවත් නැවත නැවත පසුපසට සහ ඉදිරියට යමින් හෝ එක තැනක කැරකෙමින් සිටින බවත් තමයි මට නම් හැඟෙන්නේ. කෙසේ වෙතත් මෙවර ලැබුණු අධික වර්ෂාපතනය නිසා, විශේෂයෙන් ම කෑගල්ල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට බලපෑ
විදුපත්ඉරුව 23.11.2016 නිරෝගී බව තරම් තවත් වටිනා දෙයක්‌ ඇත් දැයි යන්න ඉතා හොඳින් ග්‍රහණය කරගෙන සිටි අය අතර ශ්‍රී ලාංකිකයන් ඉදිරියෙන් ම සිටි බව අමතක කළ යුතු නැත. එහෙත් දේශීය චින්තනයත්, සංස්‌කෘතියත් ඉතා කදිමට ගලපමින් බොහෝ කාලයක සිට පැවත ආ විස්‌මයජනක මිනිස්‌ පරපුරක අවසානය සනිටුහන් කරන මොහතක ය මේ අප ජීවත් වන්නේ. මානව විකාශනයේ අභාග්‍යසම්පන්න බව කරපින්නාගත් මානව විශේෂයන් මෙලොව රැඳි වකවානුවක පවා ශ්‍රී ලාංකිකයන් ඒ අතර උත්කෘෂ්ට මිනිස්‌ කොට්‌ඨාශයක්‌ වූ බව සිහිපත් කළ යුතු ය. යුද්ධය තම දිවිය කරගත් ජාතීන් වෙසෙද්දී ශ්‍රී ලාංකිකයෝ ස්‌වකීය පැවැත්ම ඉතා හොඳින් තහවුරු කරගත්තෝ වෙති. ස්‌වාධීන වූවෝ වෙති. ඒ පැරැණි ශ්‍රී ලාංකික චින්තයේ මහිමයයි. බටහිර විද්‍යාත්මක චින්තනය මෙරටට කාන්දු වන්නට පටන්ගෙන වැඩි කාලයක්‌ නැත. එහි ප්‍රබල බව මෙරටෙහි බොහෝ දෑ කණපිට පෙරළන්නට ද සමත් වූ බව අප පිළිගත යුතු ය. වෙදකමේ සිට කෘෂිකර්මාන්තය දක්‌වා වූ තාක්‌ෂණික සහ විද්‍යාත්මක පෙරළිය මෙරට බටහිර වෙදකමක්‌ සහ බටහිර කෘෂිකර්මාන්තයක්‌ ස්‌ථාපිත කරවන්නට තරම් ප්‍රබල වී ඇති බව නොරහසකි. මේ අතර තොරතුරු සන්නිවේදනයේ ශීඝ
විදුපත්ඉරුව 16.11.2016 මානව වංශ කතාව දිගහැරෙන්නේ අදින් වසර මිලියන දෙක හමාරකට පමණ පෙර සිට වුව ද, මේ ගත වන අවසාන වසර පන් දහස තුළ ඔහු ගේ අත්‍යන්ත පරිණාමය අතිශය ශීඝ්‍ර වූ වෙනස්‌කම්වලට ලෝකය නතු කරන්නට හේතු වී ඇත. ඒ සොබාවික පරිසරයෙන් ඔහු ගේ පැවැත්ම සපුරා ම වියුක්‌ත වීම ම බව මධ්‍යස්‌ථව මේ ගැන විමර්ශනය කරන විට හොඳින් පැහැදිලි වේ. එනමුත් ඉතා කදිමට නිදහස්‌ ව පැතිර පවත්නා සොබාදම් මාතාව මේ තරම් ම වියරු වට්‌ටන්නට තරම් නොමනා කෙණෙහිලිකම් කරන්නට මානවයා ආත්මාර්ථකාමී කුහකයකු වූයේ කෙසේ ද යන්න කෙදිනක වත් වටහාගන්නට කිසිවකුට වත් හැකි නො වන්නේ ම ය. එනිසා ම මානවයා පාරිසරික දම්වැලෙහි තවත් එක්‌ පුරුකක්‌ ය යන්න කිසි දිනක සිහියට නොනැෙගනු ඇත. සිහියට නගන්නේ වී නම් ඒ සියලු ජීවය මෙලොවින් තුරන් වී මානවයා මෙලොව තනි වූ කලෙක ම පමණකි. දෙපා සංචරණයෙන් මානවයා ලද්දේ අපමණ භාග්‍යයකි. ඒ තම දෙඇස්‌ උස්‌ තැනකට එසවී නිරීක්‌ෂණ වපසරිය පුළුල් වීම ද ත්‍රිමානීයව දර්ශන ග්‍රහණය කරගැනීමට හැකි වීම ද මත පමණක්‌ ම නො වේ. ධාරිතාව පුළුල් වූ කපාලයෙන් බිහි කරනා සියුම් සහ සංකීර්ණ තීන්දු තීරණ ද, නිර්මාණශීලී උත්පාදන ද, නිදහස්‌ වූ දෙඅත
විදුපත්ඉරුව 09.11.2016 ඊසානදිග මෝසම නිසා මෙරටට ආයෙත් වැසි සමය උදා වෙලා. දිවයිනේ බොහොමයක්‌ තැන්වලට සැලකිය යුතු වර්ෂාවක්‌ ඇති වෙමින් පවතින බවයි පෙනෙන්නේ. නිවර්තන කලාපීය රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට කදිමට ලැබෙන උණුසුමත් අධික වර්ෂාපතනයත් බහුතරයක්‌ වූ මෙරට භුමිභාගය නිර්මාණය කරන විපරීත පාෂාණ (Metamorphic Rocks) ජීර්ණයට ලක්‌ කරන්නට හේතු වනවා. මේ පාෂාණ ජීර්ණයේ අවසාන ප්‍රතිඵලය වනුයේ පාංශු ස්‌තර නිර්මාණයයි. භෞතික ජීරණයෙන් කැබැලි වන්නා වූ මවු පාෂාණ රසායනික ජීර්ණය හේතුවෙන් ස්‌ථායි ඛනිජ නිර්මාණය කරනවා. මේවා ද්විතීයික ඛනිජ. පාෂාණ ජීර්ණය බොහෝ විට රඳා පවතින්නේ එහි ඛනිජ සංයුතිය මතයි. ෆෙල්ඩ්ස්‌පා (Feldspar) නම් වූ ඛනිජය බහුල පාෂාණ ඉතා පහසුවෙන් ජීර්ණයට ලක්‌ වන්නේ මේ ඛනිජය ජලය ද ඔක්‌සිජන් ද සමග ඉතා කදිමට ප්‍රතික්‍රියා කර මැටි ඛනිජ නිර්මාණය කරන්නට හේතු වන බැවින්. එහෙත් කිරිගරුඬ (Marble) හෝ හුණුගල් (Limestone) ජීර්ණයේ දී සිදු වන්නේ තරමක්‌ වෙනස්‌ ක්‍රියාදාමයක්‌. වැසි ජලය ද මතුපිට ගලා යන ජලය ද බොහෝ විට තරමක්‌ ආම්ලික අතර එනිසා ඉතා පහසුවෙන් මේ පාෂාණ දිය වීමට ලක්‌ වනවා. තිරුවානා (Quartz)