මුහුණේ ගාන ගල් කුඩු
Originally published in Divaina, 25.09.2019
පාෂාණ නිර්මාණය වන්නේ ඛණිජ වලින්. ඛණිජ කියන්නේ රසායනික සංයෝග. මේ වනවිට ඛණිජ වර්ග 5000ක් පමණ හඳුනාගෙන තියෙනවා. ඒ අතුරින්, ලෝකයේ තියෙන වඩාත්ම සුසිනිඳුම ඛණිජය වන්නේ ටැල්ක් (talc). ටැල්ක් කියන්නේ මැග්නීසියම්, සිලිකන් සහ ඔක්‌සිජන් වලින් සමන්විත වූ මැටි ඛණිජයක්. හයිඩ්රේටඩ් මැග්නීසියම් සිලිකේටයක් කියලා කියන්නත් පුළුවන්. මේ ඛනිජයේ සුසිනිඳු බව නිසාම විවිධ වර්ගවල පවුඩර් (කාන්තා, ළමා සහ පිරිමි) නිෂ්පාදනයට මෙන්ම වෙනත් රූපලාවන්‍ය ආලේපන සඳහාත් ටැල්ක් යොදාගන්නවා. මෙම ටැල්ක් ඛණිජය 'ප්‍රංශ හුණු' ලෙස ද හඳුන්වයි.
ටැල්ක්‌වල තියෙන සුවිශේෂී ගුණය තමයි ඉතා හොඳින් ජලය උරා ගැනීමට හැකි වීම. එනිසා සිහින්ව අඹරාගත් ටැල්ක් මගින් නිෂ්පාදනය කරන පවුඩර් මුහුණේ ආලේප කළ විට තෙතමනය උරා ගෙන මුහුණ වියළිව තබනවා. එවිට තෙතමනය නිසා ඇතිවන දිලීර වර්ධනය නවත්වා දද වැනි සමේ රෝග ඇතිවීම වළක්‌වයි. කොහොම වුණත් ලෝකයේ ළමා ආලේපන සඳහා ටැල්ක් බහුලව යොදාගන්නවා.
ලෝකයේ ඛණිජ වර්ගවල දැඩියාව මනින මිමි හඳුන්වා දුන්නේ මෝහා. ඒ 1812 දී. ඔහුගේ චක්‍රයට අනුව දැඩියාව වැඩිම වන්නේ දියමන්ති, අගය 10 ක්. අඩුම වන්නේ ටැල්ක්, අගය 1ක්. ඔබේ ඇඟිල්ලේ දැඩියාවත් එයට වඩා වැඩියි. ඒ කියන්නේ ටැල්ක් එතරම්ම් සිනිඳුයි. ටැල්ක් යොදාගන්නේ පවුඩර් හදන්න විතරක් නොවෙයි. ප්ලාස්‌ටික්, තීන්ත වැනි ආලේපන, කෘතීම රබර් සහ සෙරමික් වැනි නිෂ්පාදන සඳහා ද ටැල්ක් දායක වෙයි. විවිධ ඖෂධ නිෂ්පාදන මෙන්ම සමහර ආහාර රස කාරක ද ටැල්ක් වලින් නිපදවන බව පැවසෙයි.
ලෝකයේ වැඩියෙන්ම වෙළඳපළට ටැල්ක් සපයන්නේ චීනය. එය ආසන්න වශයෙන් 30%ක් එයට අමතරව බ්‍රසීලය, ඇමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් ද ලෝකයට ටැල්ක් සපයන්නන්. ටැල්ක් ඛණිජය බහුලව හමුවන්නේ විපරිත පාෂාණ ආශ්‍රිතව. ඒ වාගේම ටැල්ක් නිධි සමග සමහරවිට ඇස්‌බෙස්‌ටෝස් ඛනිජයත් තියෙනවා. විශේෂයෙන්ම ධවල ඇස්‌බෙස්‌ටෝස් සමග ටැල්ක් මිශ්‍රව තිබෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි දෙකම බොහොම සමාන රසායනයක් වගේම ස්‌ඵටිකමය ස්‌වරූපයක් ද දක්‌නට ලැබීමයි.
ටැල්ක් සමග ඇස්‌බෙස්‌ටෝස් මිශ්‍රව පැවතීමට ඇති හැකියාව නිසා සමහර රටවල් කුඩා ළමුන් සඳහා මෙම නිෂ්පාදන අනුමත කරන්නේ නැහැ. ඒ ඉතා සියුම් අංශු ස්‌වසනය වන නිසා පෙනහළු රෝග මෙන්ම පිළිකා ද ඇතිවිය හැකි නිසා. වැඩිහිටියන්ටද විශේෂයෙන්ම කාන්තාවන්ට මෙමගින් හානි සිදුවන බව පිළිගෙන වන්දි ගෙවූ අවස්‌ථා අමෙරිකාවෙන් වාර්තා වෙනවා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

කසළ
ටොන් ගණනාවක් වසර ගණනාවක් තිස්‌සේ මේ ස්‌ථානයට බැහැර කිරීම නිසා, ඉතා විශාල
කුණු කන්දක් නිර්මාණය විය. තෙතමනය සහිත කසළ වෙන් කිරීමකින් තොර වීම නිසා සියලු
කුණු මෙහි ගොඩගැසුණ අතර කුණු ප්‍රමාණය වැඩි වත් ම සමතුලිත ව තිබූ භුමිය යටට
තෙරපෙන්නට විය. මේ තෙරපීම් සැම විට ම දුර්වල කලාප ඔස්‌සේ වර්ධනය වී ඇති අතර වසර
ගණනාවකට ඉහත දී සිට මෙහි ප්‍රතිඵල සැමට දිස් වන්නට විය. මේ ආසන්නයේ වූ ගෙවල්වල
බිත්ති ඉරිතැලීම්, පොළෝ පිපිරීම් මෙන්ම එකිනෙක ආසන්නයේ වූ ගෙවල් ළං වන බව ද එහි
දී ප්‍රදේශවාසීහු නිරීක්‌ෂණය කළ හ. කුණුවල බර වැඩි වීම හේතු කොටගෙන පහළට එල්ල
වූ තෙරපුම පසෙහි ස්‌වභාවය හේතු කොටගෙන භූ අභ්‍යන්තරයෙන් පාර්ශ්විකව ද
පැතිරෙන්නට හේතු වී තිබේ. (රූපය 1)
කාලයත්
සමග වැඩි බර තුලනය කරගෙන සිටිය ද තවදුරටත් දරාගැනීමේ හැකියාව 14 වැනි දා
පස්‌වරුව වන විට මේ අවසාදිත තට්‌ටුවලට හැකියාව තිබුණේ නැත. එනිසා ඉතා
ක්‌ෂණයකින් මීටර 50ක් පමණ උස කසළ කන්දෙහි බරෙන් තෙරපී මිරිකි මිරිකී තිබු
අවසාදිත පාර්ශ්විකව තල්ලු වී තෙරපුම නිදහස් කළේ කබොක ආසන්නයේ වූ භුමිය ඉහළට
ඔසවා දමමිනි. ඉතා වේගයෙන් සිදු වූ මේ සිදුවීම නිසා භුමියේ ගොඩනගා තිබූ නිවාස
සුන්බුන් බවට පත් විය. (රූපය 3)