විදුපත් ඉරුව
2017 මාර්තු 22 බදාදා
“මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සුද ඔහුට බෙහෙවින් ආදරය කල හ.”
මිනිසුන්ට ආදරය කල මිනිසා නොමිනිසුන් අතින්
මියැදුනේ මිනිසුන්ගේ ලෝකයට අපමණ වූ අඩුපාඩුවක් ඉතිරි කරමිනි. ලක්ෂ සංඛ්‍යාත වූ
විශ්ව විද්‍යාල දරුවන්ගේ නුවණැස පාදන්නට යද්දී නිරන්තර ගැටළුවක් වූ ආර්ථික ශක්තිය “මහපොළ
ශිෂ්‍යත්වය” තුලින් ලබා දෙමින් තම අසීමිත ආදරය මුළු මහත් ශ්‍රී ලංකිකයන්හටම ඔහු පෙන්වා
දුන්නේය. එමෙන්ම ඒ තුලින් ඔහු පෙන්වා
සිටියේ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා තමාට ලබා දුන් ආර්ථික ශක්තියට කෘතගුණ
සැලකීමයි.
තම සිත්හි වූ ක්‍ෂුද්‍ර සංකල්පයක් ක්‍රියාත්මක
කරන්නට හැකි වීමෙන් තමන් අසීමිතව ආදරය කල මිනිසුන්ට විසල් ප්‍රතිලාභයක් ලබා දෙන්නට
සමත් වූ මේ අපූරු මිනිසා වෙන කවරෙකුවත් නොව ලලිත් විලියම් ඇතුලත්මුදලි මැතිතුමායි. 1981 දී ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අද වන විට අතුපතර විහිදී
වැඩුන සාර්ථක ශිෂ්‍යත්ව ක්‍රමවේදයකි. ආර්ථික ශක්තිය අහිමි, ආර්ථික ශක්තියෙන්
දුර්වල වූවන් පමණක් නොව අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දස්කම් පානා ඕනෑම අයෙකුට
මහපොළ ශිෂ්‍යත්ව වරම් ලද හැකියි. අතීතය ආවර්ජනය කරද්දී සිහිපත් වන වඩාත් කනගාටු දායක කරුණ නම් උතුරේ පමණක් නොව දකුණේ සන්නද්ද
කල්ලි වල සාමාජිකයන් අතර පවා මහපොළ ප්‍රතිලාභ ලබා ගත්තවුන් හිඳීමයි. මේ අපූරු මිනිසා
මෙලොවින් තුරන් කරන්නට මූලික වුයේද එවැන්නෙක් නම් එය දෛවයේ කුමන සරදමක් දැයි සිතේ.
එදා පමණක් නොව අදද එවැනි නොමිනුසුන්
අතලොස්සක් ප්‍රමුඛ වී තම කුහක බව සමස්ත ශ්‍රී ලංකික ජන සමාජයට පසුගියදා පෙන්නු
අයුරු ඔබට මතක ඇති. දේශපාලනික ගැතිබව පසෙක තබා මිනිසුන්ට ආදරය කල මිනිසාට අප ද කෘතගුණ සැලකිය යුතුය. එදා ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා සිදුකල
අයුරින් එලෙස ලද භාග්‍යයට තුති පුදන්නට මහපොළ ශිෂ්‍යත්ව ලාභින් සිතට ගත යුතුය.
ඔවුන් එක් අයෙකු තවත් එක් අයකුට හෝ උගෙන ගැනීම සඳහා අවමය ලෙස පාසැල් දරුවෙකුට හෝ
ආර්ථික ශක්තියක් වීමට ඉටා ගන්නේ නම් එවන් වූ කෘතගුණ සැලකීමක් සැමවිටම විශිෂ්ඨ වෙයි.
ඒ 1998 වසරයි. ඒ වන විට ලලිත්
ඇතුලත්මුදලි මැතිතුමන් දැයෙන් සමුගෙන හමාරය. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන
වසරේ මහපොළ ශිෂ්‍යත්වය ලබන සිසුවෙකි. භූ විද්‍යා විශේෂ උපාධිය හදාරන පළමු වසරේ වූ
අපි විසල් කර්තව්‍යකට උර දුන්නෙමු. ශ්‍රී ලංකික භූ විද්‍යා අධ්‍යාපනයේ නිර්මාතෘ
මහාචාර්ය පි.ඩබ්. විතානගේ මහතා දැයෙන් සමුගෙන වසරක් ගත වූයේද නැත. එතුමාට කෘතගුණ
සැලකීමක් ලෙස එතුමාගෙන් නමින් ශිෂ්‍යත්වයක් අරඹන්නට අප මවු සංගමය වූ ශ්‍රී ලංකා භූ
විද්‍යා සංගමය යෝජනා කල අතර විශ්වවිද්‍යාලීය භූ විද්‍යා සංගමයට රු 50 000 ක් ඒ
වෙනුවෙන් සොයා දීමේ අභියෝගය ලබා දුනි. එකල මා විශ්ව විද්‍යාලීය භූ විද්‍යා සංගමයේ
කනිෂ්ඨ භාණ්ඩාගාරික විය. තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත කුඩා කණ්ඩායමක් වූ අපගේ භූ
විද්‍යා සංගමයේ සාමාජිකයන් එක හෙලාම එම අභියෝගය සතුටින් භාරගත් අතර මේ සදහා විශ්ව
විද්‍යාලය තුල සංගීත සංදර්ශනයක් පැවැත්වීමට යෝජනා විය. දයාරත්න සහ අමරා රණතුංග
දෙපලගේ “උදුම්බරා” ප්‍රසංගය පැවැත්වීමට අප ලහි ලහියේ සූදානම් විය. අප හමුවේ වූ
විශාලම අභියෝගය වුයේ ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීමයි. යම් යම් ආයතන
වලට කතා කර ඒ සදහා අවැසි සහයෝගය ලබා ගත් අතර එය වියදම පියවා ගැනීමට පමණක් සෑහුනි.
නමුත් අප ලාභයක් ලබා පොරොන්දු වූ මුදල ශිෂ්‍යත්ව අරමුදලට ලබා දිය යුතු විය. නැවත
නැවතත් කෘතඥ වෙමින් මා හද පිරි සතුටින් මතක් කරන්නේ අපගේ කුඩා කණ්ඩායමේ තිබු
නොසැලෙන අධිෂඨානය සහ කැපවීමයි. සියලු දෙනා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කල
නිසා රු 10 ක් වූ අවම මුදලක් වන ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් අලෙවි කරගැනීමට
සමත් විය. එකල්හි එම මුදල පවා සැලකිය යුතු මුදලක් විය. මහනුවර නගරයේ බොහොමයක්
ස්ථාන වල කුඩා කණ්ඩායම් සැදී සති අන්තයේ ප්‍රවේශපත්‍ර විකිණීම අප සිදුකල අතර අවශ්‍යතාවය
දැඩි වීම නිසා කුරුණෑගල, කෑගල්ල, ගම්පොල, මාතලේ පමණක් නොව අවිස්සාවේල්ල වැනි නගර
වල පවා මෙම ප්‍රවේශපත්‍ර අලෙවි කරන්නට අප සමත් විය.
අදාළ දිනයේදී ඉතා සාර්ථකව සංගීත
වැඩසටහන පවත්වන්නට හැකි වූ අතර කුඩා කණ්ඩායමක් වූ භූ විද්‍යා සිසුන්ගේ සාර්ථකත්වය
සැමගේ විශ්මයට පමණක් නොව ඇගයීමට ද පාත්‍ර විය. ඉල්ලු මුදල මෙන් එකහමාරක මුදලක්
එනම් රු 75 000ක මුදලක් අරමුදල වෙනුවෙන් ලබා දෙන්නට අපට හැකි විය. ඉන් වසර කිහිපයකට
පසු මහැඳුරු නමින් ශිෂ්‍යත්වය අරඹන්නට හැකි වූ අතර එහි ප්‍රතිලාභ වත්මන් භූ විද්‍යා
දෙපාර්තුමේන්තුවේ සිසුනට ලබා ගන්නට හැකි වී තිබේ.
මේ සැම ආවර්ජනය සැමවිටම අප නැවත නැවතත්
කුල්මත් කරන අතර සිහින් ආඩම්බරයක් ද සිතට දැනෙන බව කිව යුතුය. අපගේ ඒ කුඩා
කණ්ඩායමේ සියලු දෙනා එකම පවුලක් ලෙස එක්වී ක්‍රියාකිරීම සාර්ථකත්වයේ රහස බව දැන ගත
යුතුය. එකිනෙක වෙනස් වෙනස් අත යන්නට වුයේ නම් මෙවැනි කර්තව්‍යක් කිසිදා කල හැකි
නොවේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ