භූ උද්භිදයේ වැදගත්කම.......!!!
භූ සංචාරිතය 39
This article is originally published on Vidusara 30.12.2020.
පාෂාණත් පසත් ශාක වර්ධනය කෙරෙහි අතිශයින් බලපායි.
එවන් වූ අධ්‍යනයන් භූ විද්‍යාවත් උද්භිද විද්‍යාවත් සම්බන්ධ කරන්නකි. ලෝකයේ මෙම අන්තර්
විෂය බෙහෙවින්ම දියුණු වී ඇත. ඔවුන් පාෂාණ සහ පාංශු දේහයන් ශාක කෙරෙහි ඇතිකරන බලපෑම
අධ්‍යනය කරයි. එමගින් සුවිශේෂී පාෂාණ සහ පාංශු දේහයන් ඇති භුමි ප්‍රදේශ සලකුණු කිරීම
සඳහා පමණක් නොව සමහර භූ සම්පත් සොයා ගැනීම උදෙසාද ඒ මත වැවෙන සුවිශේෂී ශාක විශේෂ භාවිතා
කරයි.
පාෂාණ ජීර්ණයෙන් නිදහස් කරන පෝෂ්‍ය පදාර්ථ ශාක
වල පැවැත්ම තහවුරු කරයි. නිත්‍ය ලෙස වැදගත් වන පෝෂ්‍ය කොටස් වලට අමතරව සමහර සුවිශේෂී
මූලද්‍රව්‍යමය අයන හේතුවෙන් අදාළ ප්‍රදේශයේ වැවෙන ශාක වල විවිධත්වය තහවුරු කරයි.
“භූ උද්භිතය” ලෙස හැඳින්වෙන මෙම අන්තර් විෂය ශ්‍රී ලංකවේ ස්ථාපනය නොවූ බොහෝ අයෙකුගේ
අවධානයට ලක් නොවූ විෂය පථයකි.
ඔබ උස්සන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කර ඇත්නම් එහි
වැවෙන ශාක ප්‍රජාව පිළිබඳව ඔබගේ අවධානය යොමු වී ඇතුවා නිසැකයි. මේ සුවිශේෂී භූ විද්‍යත්මක
කලාපය බිහිකරන පාංශු දේහයන් ද එනිසා සුවිශේෂී වේ. උස්බිම් සංකීර්ණයත් විජයානු සංකීර්ණයත්
සම්බන්ධ කරනා මායිමේ පිහිටා ඇති මෙම ප්‍රදේශය විශේෂණය වන්නේ නිකල් නම් වූ බැරලෝහය අඩංගු
වන්නා වූ පාෂාණය හේතුවෙන්. එය නිකල් සහිත සර්පන්ටිනයිට් නම් වූ පාෂාණයයි. එම පාෂාණය
ජිර්ණයෙන් ඉහලින් වූ පාංශු කලාපයට නිදහස් කරන නිකල් අඩංගු පෝෂ්‍ය කොටස් මෙම ප්‍රදේශයේ
සුවිශේෂී ශාක ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා හේතු වී ඇත. එපමණක් නොව චාතුර්ථ අවධියේ
තැන්පත් වූ යකඩ අඩංගු වෙරළ අවසාදිත ද මෙම ප්‍රදේශයේ පාංශු දේහයට යකඩ ලෝහය ඉතා අධිකව
එක් කර ඇති බව පැහැදිලි වේ.
මෙම පාංශු දේහයන්ගේ නිකල් ලෝහයට අමතරව මැන්ගනස්
සහ ක්‍රෝමියම් ද ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. උස්සන්ගොඩට අමතරව යුධගනාව, ගිනිගල්පලැස්ස සහ ඉන්දිකොලපැලැස්ස
නම් වූ ස්ථාන වලද මෙවන් වූ පාෂාණ පිහිටයි. එනිසා එම පාෂාණ ජිර්නයෙන් ලබා දෙන පාංශු
කලාප වල ද ඉහත කී ලෝහ අයන අඩංගු වේ. මේ හේතුවෙන් මෙම ප්‍රදේශ වල වැවෙන ශාක ප්‍රජාවේ
සහ විවිධත්වයේ යම් වෙනසක් දැකිය හැකිය.
ඉහත කි ආකාරයේ ලෝහ අයන උරාගන්නා ශාක විශේෂ මෙම
ස්ථාන වල වර්ධනය වන අතර එනිසා එවන් වූ ශාක පවතින ප්‍රදේශ හඳුනාගැනීම සඳහා මෙම ශාක විශේෂ
භාවිතා කල හැක. ඒ වාගේම දුරස්ථක්‍රමවේද වන ගුවන් චායරුප සහ චන්ද්‍රිකා චායාරුප භාවිතා
කිරීමේ දී මෙම ශාක පවතින ප්‍රදේශ මගින් ලබා දෙන වර්ණ වෙනස එම ප්‍රදේශ හඳුනාගැනීම සඳහා
ඉතා කදිමට භාවිතා කල හැක.
එපමණක් නොව මෙම වර්ණ වෙනස පුරාවිද්‍යාවේදී පවා
වැළලුනු පුරවිද්‍ය්ත්මක ස්ථාන හඳුනාගනිමට ද භාවිතා කරයි. විශේෂයෙන්ම සමහර ගොඩනැගිලි
කඩා වැටී වැලලුන පසුව එම ස්ථානයේ පාංශු කලාපයේ සිදුවන්නා වූ වෙනස්කම් ඒ මත ගොඩනැගෙන
ශාක සන්තතිය කුමක් ද යන්න තීරණය කරයි. බොහෝ විට අවට කලාපයේ ශාක වර්ධනයට වඩා බෙහෙවින්
වෙනස් අකාරයක වර්ධනයක් දැකිය හැකිය. එය අධික වර්ධනයක් හෝ මන්දගාමී වර්ධනයක් ලෙස ඉස්මතු
වේ. පොස්පේට් වැනි පෝෂ්‍ය කොටස් අධිකව පසට එක් කරනා වැලලුන සුසානභුමි අධයනට ද භූ උද්භිද
භාවිතය කදිමය. පාංශු දේහයේ සිදුවන වෙනස්කම් ඒ මත වැවෙන ශාක ප්‍රජාවේ ද සටහන් වීම මෙයට
හේතුවයි.
එප්පාවල ප්‍රදේශයත් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයත්
මෙවන් වූ අධ්‍යනයන් සඳහා අපූරු පසුබිමක් සකස් කර දෙයි. වැදගත් වන්නේ එම ප්‍රදේශ වල
වැවෙන සුවිශේෂී ශාක වර්ග අධ්‍යනය කර එහි පාංශු දේහයේ වෙනස්කම් වලට අනුරුප වූ යම් ශාක
විශේෂ කිහිපයක් හඳුනාගැනීමයි. එම ශාක ඉන්පසු දර්ශකයක් ලෙස භාවිතා කරමින් එවන් වූ භූ
සම්පත් පවතින ප්‍රදේශ හඳුනාගැනීම සඳහා භාවිතා කල හැක.
විටෙක මෙවන් වූ ස්ථාන වලින් සුවිශේෂී ශාක
හඳුනාගත හැකි අතර විටෙක එය සමහර විශේෂ වල සුවිශේෂී වර්ධනය ලෙස ද හඳුනාගැනීමට හැකි වේ.
ඵලයේ හෝ පත්‍ර වල හෝ කඳේ හෝ වෙනයම් අවයවයක හෝ සාමාන්‍යය වර්ධනයෙන් පිටපැන්නා වූ යම්
ලක්ෂණය හමු වේ. වැදගත් වන්නේ එම වෙනස හඳුනාගැනීමයි.
බොහෝ විට අප ක්ෂේත්‍ර අධ්‍යනයන් සිදු කිරීමේදී
මෙම ක්‍රමවේදය භාවිතා කරනු ලබයි. විශේෂයෙන්ම තිරුවානා ඛණිජයෙන් නිම වූ ක්වාර්ට්සයිට්
නම් පාෂාණය පවතින ප්‍රදේශවල බොහෝ විට හමුවන්නේ දුෂ්කර ස්ථාන වල වර්ධනය වන මාන සහ පැඟිරි
මාන වැනි ශාක බව තහවුරු වී ඇත. එනිසා විශාල ප්‍රදේශයක මෙම ශාක වර්ධනය වූ විට දැක ගත
හැකි වන්නේ තෘණ කලාපයක් ලෙසයි. එම කලාපය ඉතා කදිමට ගුවන් චායරුප හෝ චන්ද්‍රිකා චායරුප
මගින් අධ්‍යනය කල හැකිය.
ක්වාර්ට්සයිට් නම් වූ පාෂාණය සපුරාම නිර්මාණය
වන්නේ තිරුවානා ඛණිජයෙන් නිසා එහි ශාක වර්ධනයට
වැදගත් වන පෝෂ්‍ය පදාර්ථ හිඟය. එනිසා එවන් වූ මන්දපෝෂ්‍ය පාංශු දේහයේ වැවෙන්නේ ඒ පසට
ඔරොත්තු දියහැකි ශාක වර්ග වේ. කිරිගරුඬ පාෂාණය ජිර්ණයෙන් ලබා දෙන්නේ බොහෝවිට කළු පැහැති
පසකි. එහි පෝෂ්‍ය පදාර්ථ හොඳින් ඇති බව එමගින් පෙන්නුම් කරයි. එවන් වූ පසක ශාක ඉතා
හොඳින් වර්ධනය වේ.
මේ විෂය පසක විෂ සහිත සොබාවය පවා හඳුනාගැනීමට
භාවිතා කල හැක. මෙම විෂ සහිත සංයෝග නිසා ශාකවල වර්ධනයේ යම් වෙනසක් සිදු කරයි. එම වෙනස
හඳුනාගැනීම තුලින් එවන් වූ පාංශු දේහයන් හඳුනාගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ඉතා අධික
පෝෂණයෙන් යුක්ත විශේෂයෙන්ම පොස්පේට් සහ නයිට්‍රේට් නම් වූ අයන බහුල වූ පසක ශාක ඉතා
හොඳින් සහ වේගවත්ව වර්ධනය වී පමණට වඩා විශාල ස්වරුපයක් පෙන්වයි. කංකුන්, උක්පුරුක්
සහ එම ඝනයේ සමහර ශාක, මුගුනුවන්න පමණක් නොව අප හොඳින්ම දන්නා කුඹුක් වැනි ශාක ද මෙවන්
වූ විෂ සහිත සංයෝග උරා ගන්නා බව සොයාගෙන ඇත.
මෙම අන්තර් විෂයේ භාවිතය නිසි පරිදි සකස් කර
ගන්නේ නම් විවිධ භූ සම්පත් පවතින ස්ථාන හඳුනාගැනීමට පමණක් නොව විෂ සහිත පාංශු දේහයන්
සුව කිරීම සඳහා ද භාවිතා කල හැක. මෙරට භූ විද්‍යාඥයින්ගේ අවධානය මේ කෙරෙහි වඩාත් යොමු
විය යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ