විදුපත් ඉරුව
2017 අප්‍රේල් 19 බදාදා
සිදුවන ව්‍යසනය ද එය සිදුවන්නේ කවරදාදැයි පැවසීම ද වරෙක ආපදාවක්ම වන්නේ
නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට ඉඩ හැරීමෙන් පමණක් නොව පය බරවායට
පිටිකර බෙහෙත් බැඳීමෙන් ලෙඩ ඔඩු දිවීම නිසා ද බව මී තොටමුල්ල ඛේදවාචකය අපට පැහැදිළි
කරන සත්‍යයයි. ඩිමෝ බඩියකට අලියක් පැටවීම කොහෙත්ම කල හැක්කක් නොවේ. එවිට සිදුවන්නේ
කුමක්දැයි අපට හොඳින් පැහැදිළි වේ. කෙසේ නමුත්, මේ ලියන මොහතවන තුරුද මිය ගිය සංඛ්යාව
කොපමණදැයි නිශ්චිතව ගණනය කල හැකි වී නොමැත. මෙවන් අවස්ථාවක ආපදා කළමණාකරණය
සංවිධානගත වී දැයි ගැටළුවක් පැන නගියි. දහවලද නැවත නැවතත් වලේ වැටෙන්නේ නම් එය එළිය
පිලිබඳ ප්‍රශ්නයක් නොව දැක්ම පිලිබඳ ගැටළුවක් බව අප තේරුම් ගත යුතුය.
මෙරට කුණු ගැන කථා කරන්නේ දශක ගණනාවක සිටය. විසදුම් සොයන්නේ
විද්වතුන් නොව දේශපාලකයන්ය. විද්වතුන් දේශපාලකයන් වීම කොතරම් අපූරුයි දැයි අප
කල්පනා කල කාලයක් විය. නමුත් එවැන්නෝ ගෙන ආ අඳුරු ආදර්ශ නිසා අපගේ සිතුවිල්ල
පුස්සක් වී ඇති බව මේ වන විටත් පැහැදිළි වී හමාරය. විද්වතුන් දේශපාලකයන් වීමෙන්
පලක් වන්නේ ද නැත.
කොළඹ කුණු ප්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් මේ වන තුරුත් ලැබී නොමැත. මෙරට
විශ්ව විද්‍යාල බොහෝ පර්යේෂණ සිදුකරමින් කසල කලමනාකරණයට අවැසි මහඟු සහයක් මේ වන
විටත් ලබා දී ඇත. ඒවා ප්‍රයෝගිකව යෙදවීමේ හැකියාවක් ඇතිදැයි යන්න කුමන හෝ කලක මෙරට
බලයට පත්වන රජයක් උත්සාහකර ඇත්දැයි ඔබට
මතකයට නැගිය හැකිදැයි බලන්න.
මි තොටමුල්ලට සිදු වූ ඛේද වාචකය මෙරට තවත් කොහෝ හෝ තැනක ගොඩ ගැසෙන
කුණු කන්දකට සිදුවිය හැක. එනිසා කුණු ගොඩ ගැසීමට වඩා ගොඩ අඩුකරගන්නා ක්‍රම වේදයන්
ගැන සිතිය යුතුය. මෙරට විවිධ හේතුන් නිසා භාවිතයට ගත හැකි ඉඩ සීමා වෙමින් පවතී.
ඉදිරියේදී එයද බරපතළ කාරණයක් වනු ඇත. ඉදිරි අනාගතයේදී ජනගහනය වැඩි වීම නිසා පවතින සෑම
අස්සක් මුල්ලක් නෑර ඔවුන්ගේ පදිංචිය තහවුරු වෙයි. එය මෙරට පම්පෝරි ගසනා නගර
නිර්මාණකරුවන්ගේ පිළුණු වූ සංකල්පවල ප්‍රතිඵලයක් වනු ඇත. මෙවැනි තත්වයක් යටතේ ඔවුන්
නාමිකව ගෙන එන ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදිකරන්නේ කොහේදැයි කල්පනා කර බැලිය යුතුය.
නොදිරන කසල බොහොමයක් නැවත වාරයක් භාවිතයට ගත හැකිය. විශේෂයෙන්ම
විදුරු සහ යකඩ අත්‍යවශයෙන්ම නැවත භාවිතා නොකරන්නේ නම් නිෂ්පාදනය සදහා අවැසි අමුද්‍රව්‍ය
දිනෙක හිඟවනු ඇත. විවිධ වර්ගවල පොලිතින් ද නැවත භාවිතයට ගත හැකිය. මේ සදහා නම්
මහජනතාවගේ සහය අවශ්‍ය වේ. ඉදින් ඔවුන් පිරිසිදුවට පොලිතින් ලබා දිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය
කිරීම මොන කජ්ජක් දැයි සිතේ. කඩදාසි ඉවතලන්නේ නැවත නිෂ්පාදනයට කැපෙන වෘක්ෂ මෙපමණ
ප්‍රමාණයක් දැයි අවබෝධයක් ඇතිව නම් නොවේ. ඉතා පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි
නැවත භාවිතයට ගත හැකිය. මෙය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස වුව පත්වාගෙන යා හැකිය. ඉඳින්
ඔබත් මේ ගැන අවධානය යොමුකරන්නේ නම් ගොඩ ගැසෙන කසල ගොඩ අඩුකරන්න ට කුඩා හෝ
දායකත්වයක් ලබා දිය හැකිය.
ජීවවායු උත්පාදනය සදහා අපූරු අමුද්‍රව්‍ය කාබනික කසල සපයන බව
අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. ධන උල්පතක් පාදා ගන්නට මේ කදිම අවස්ථාව ප්‍රයෝජනයට
ගන්නෙක් නම් නැත. ඒ සදහා මහඟු අවස්ථා මෙරට විද්වතුන් එළිදක්වා ඇත. මොරටුව විශ්ව
විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක් ත්‍රි රෝද රථ
ධාවනය සදහා ජීවවායු භාවිතය ගැන අත්හදා බැලුහ. එය ඉතා සාර්ථක බව පර්යේෂණ ප්‍රථිපල වලින්
පැහැදිළි වී ඇත. නමුත් මේ ඉවතලන ටොන් ගණන් වූ කාබනික කසල භාවිතයෙන් ජීව වායු
උත්පාදනය ගැන පවතින එකදු හෝ රජයක් සලකා නොබලන්නේ මන්දැයි ගැටළුවක් නොවන්නේද.
කුණු ප්‍රශ්ණය මෙරට ට පමණක් ආවේනික වූ ගැටළුවක් නොව අනෙක් රටවලද
ඇත්තාවූ ගැටළුවක් බව පවසමින් සමහර ඈයෝ මෙය තනුක කරන්නට උත්සාහ කරන බව පෙනී යයි. ඒ
ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමට බවයි අපට නම් සිතෙන්නේ. ලෝකයේ අනෙක් රටවල එසේ වුව ද
මේ සදහා විසදුමක් සොයා නොගන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස පැරදුන ජාතියක් වනු ඇත. මේ
සදහා ක්‍රියාත්මක වීම බිම් මට්ටමේ සිටම සිදුවිය යුතු බවයි අපගේ හැඟීම වන්නේ.
තම තමන්ගේ නිවාස වල සහ කාර්යාල වල දිනෙක දී ඉවත ලන කෑම ප්‍රමාණය
කොපමනදැයි කල්පනා කර බලන්න. මේ උත්සවකාලයේ ගොඩ ගැහෙන කඳු ගණන් උස ඉවතලන කෑම කියා
පාන්නේ අනවශ්‍ය ගොඩ ගැසීමක ප්‍රථිපල නොවේද. බුදු දහමේ කියා දෙන සංකල්ප ක්‍රියාත්මක
කරන්නට සිහියේ ඇත්නම් මෙලෙස නොවනු ඇත. තමනට අවැසි ප්‍රමාණය බෙදා ගැනීමට නිතර සිහි
තබා ගත යුතය. “ඉවතලෑම” අඩුකිරීමට සිහියට ගත යුතුය. එය අංක එක විය යුතුය. සෑම විටකම
එම සංකල්පය පිළිපැදිමට සිහි තබා ගත යුතුය.
කෙසේවෙතත් කොළඹ කුණු සදහා වග කිව යුතු වන්නේ කොළඹ ජනතාව පමණක් නොවේ.
දිනකට කොළඹට එන ලක්ෂ ගණනකගේ කුණු ද මේ ගොඩටම එකතු වේ. එනිසා සුපුරුදු රාජකාරි සදහා
කොළඹට පැමිණෙන්නන් ගෙන එන කුණු කොළඹ ඉතිරි නොකරන්නට වග බලා ගත යුතුය.
වල්මත් වූ දේශපාලන පක්ෂ වලද පුද්ගලයන් ගේ ද උද්ගෝෂණ වලට කන් දෙන්නට
සිදු වුවහොත් සිදුවන්නේ නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. එනිසා
විද්වත් මතිමතාන්තර සැලකිල්ලට ගෙන නිසි දේ ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි විපත් තව
දුරටත් සිදු නොවනු ඇත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ