මෙවැනි අවස්‌ථාවන්වලට මුහුණ දීමට අපට පෙර සිට සූදානම් වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට තරග පැවැත්වෙන දිනයේ මෙවැනි අනතුරු සම්බන්ධව අත්දැකීම් ඇති කණ්‌ඩායමක් ළග ඇති රෝහලෙන් ගෙන්වාගැනීම. එහි දී ඔවුන් ගේ අනුදැනුම සහ අත්දැකීම් නිසාත් බොහෝ අනතුරු අවම කරගන්න හැකි වේ වි. හැබැයි මෙය කලින් කීවාක් වගේ සැම පාසලකට ම ඉටු කරගන්න අමාරුයි. එවැනි අවස්‌ථාවල ප්‍රථමාධාර දීම සදහා පාසලේ දී ම ළමයින් කණ්‌ඩායමක් පුහුණු කළ හැකියි. රතුකුරුස සංවිධානයේ ආධාර උපකාර අරගෙන මෙවැනි වැඩ සටහන් සමහර පාසල්වල නම් පැවැත්වෙනවා. කොහොම වුණත් පාසල් දරුවන් හට ප්‍රථමාධාර ක්‍රම පුරුදු පුහුණු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මන්ද යත් ඒවා නිසි පරිදි ඉගැන්නුවේ නැති වුණොත් එය තවත් අනතුරකට හේතු වෙන්න පුළුවන් නිසා.
ක්‍රීඩාවල යෙදීමේ දී ද පුහුණු වීම්වල යෙදීමේ දී ද බොහෝ වෙහෙස වන නිසා සිරුරෙන් අධිකව දහදිය පිට වීම සිදු වනවා. එනිසා දුවා දරුවන් මෙය සිත්හි තබා ගෙන ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුයි. ශරීරයට ජලය නො ලැබුණ හොත් විජලන තත්ත්වයක් ඇති විය හැකි නිසයි ඒ. නමුත් එකවර වැඩිපුර ජලය පානය කිරීම ද හොඳ නැහැ. විශේෂයෙන් ම දිවීමේ තරගවල යෙදෙන්නන්ට. වෙහෙස වීමෙන් වැය වන ශක්‌තිය ඉක්‌මනින් ලබා ගැනීම කළ යුතුයි. ශක්‌තිය අවශ්‍යතාව ක්‌ෂණිකව ලබා දෙන්නේ සීනි වැනි ද්‍රව්‍යවලින්. මේ සදහා ඉක්‌මනින් රුධිරගත වන සීsනි අඩංගු ආහාර ගත හැකියි. උදාහරණයක් ලෙස ග්ලූකෝස් වැනි දේ. නැතිනම් දොඩම් වැනි පානයන්. කෘත්‍රීම පානයන් භාවිත නො කරනවා නම් හොඳයි. ගම්බද පාසල්වලට නම් බොහොම පහසුවෙන් දෙහි, දොඩම්, පැෂන් වගේ පලතුරු පානයන් සාදාගන්න පුළුවන්. ක්‌ෂණිකව අවශ්‍ය වන මේ ශක්‌ති අවශ්‍යතාව සපුරාගන්න ආනමාලු වැනි කෙසෙල් ගෙඩියක් කන්නත් පුළුවන්. ගමේ ගොඩේ ඕනේ තරම් කෙසෙල් ගෙඩි වර්ග සොයාගන්න පුළුවන්.
ඊළගට වැදගත් වන දේ තමයි ක්‍රීඩා කිරීමේ දී නිවැරැදි ඉරියව් අනුගමනය කිරීම. එමගින් බොහොමයක් අනතුරු වළක්‌වාගන්න පුළුවන්. ඒ වගේ ම නිවැරැදි ඉරියව්ව එම ක්‍රීඩකයා ගේ උපරිම ජවය සහ හැකියාව ලබා දීමටත් හේතු වෙනවා. ලෝකයේ බොහොමයක් රටවල් අද මේ පිළිබඳව පර්යේෂණ පවා සිදු කරනවා. එමගින් ක්‍රීඩාවේ උපරිමයට යැමටත් සමහර රටවලට හැකි වෙලා තියෙනවා. ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල මේ සදහා විශේෂිත පර්යේෂණ ආයතන පවා ඇති කරලා තියෙනවා. එමගින් අධි තාක්‌ෂණික ක්‍රමවේද භාවිත කරමින් ක්‍රීඩකයා ගේ උපරිමය ලබාගන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කරනවා. ඔලිම්පික් වැනි ලෝක මටමේ තරගවල දී මිලි තත්පරයක වෙනස පවා දිනුම තීරණය කරනවා. මේ පර්යේෂණ කරන පර්යේෂකයෝ පවසන්නේ මිලි තත්පරයක ඉක්‌මන පවා එනිසා වැදගත් බවයි.
ලංකාවේ නම් මේ තත්ත්වයට අපි තවම පැමිණිලා නැහැ. එනිසා බොහෝ විට අපේ ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය සඳහා තාක්‌ෂණයේ පිහිට ලබාගැනීම අඩු මට්‌ටමකයි තියෙන්නේ, හැබැයි ඒ සදහා ක්‍ෂේත්‍රයේ කිසියම් නැඹුරුතාවක් තියෙන බව පේනවා. විශේෂයන් ම ක්‍රිකට් වැනි තරගවල දී. පසුගිය දොහක විද්‍යා, තාක්‌ෂණ හා නවෝත්පාදන ලේකම් කාර්යාලය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ තාක්‌ෂණයේ භාවිතය පිළිsබඳ දේශනයක් පැවැත්වූවා. ඒ පිහිනුම් ක්‍රීඩාවේ දී මේ තාක්‌ෂණය භාවිතයෙන් අනතුරු අවම කරගැනීමේ සහ ජවය වැඩි කරගැනීමේ හැකියාව පිළිsබඳව. හවායි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ජෑන්ස් මහතා තමයි දේශනය සිදු කළේa. ඒ අයුරින් හෝ යම් කිසි ආරම්භයක් ලබාගැනීමට හැකි වීමත් සතුටක්.
කොහොම වුණත් අපේ දුවා දරුවන් ක්‍රීඩා කිරීමේ දී ඉහත කී දෑවලට අවධානය යොමු කරන්න ඕනේ. එපමණක් නො වෙයි මවුපිය වැඩිහිටියනුත් සැම විට ම සැලකිල්ලලෙන් සිටීමෙන් අනතුරු අවදානම අඩු කරගන්න පුළුවන් වනවා. අවසානයේ දී මෙමගින් රැකෙන්නෙ රටේ අනාගතයයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ