විදු පත් ඉරුව
"සීගිරියේ කුරුටු ගීත ලස්‌සනයි"...ගීතය ඇහෙන කොට ම අපේ හිත නිතැතින් ම සීගිරියට දිව
යනවා. ලංකාවේ තියෙන ලෝක උරුමවලින් එකක් වන්නේ සීගිරියයි. වියළි කලාපයේ පිහිටි අති
විශාල හුදකලා කන්දක් මත ඉදි වූ මේ අපුරු නිර්මාණය හෙළ කලාකරුවන් ගේ විස්‌මයජනක
ශිල්පීය කුසලතාවන් කියාපානවා. ඒ විතරක් නො වෙයි එයට යටින් දිවෙන තාක්‌ෂණික
ප්‍රවීණතාව සහ නවමු බව කදිමට පෙන්නුම් කරනවා. සිගිරිය ප්‍රසිද්ධ වෙන්නේ කරුණු
දෙකක් නිසයි. ඒ චිත්‍ර සහ කුරුටු ගීත සඳහා. තෙත් හුණු බදාමයක් මත සිගිරි චිත්‍ර
නිර්මාණය කර ඇති බව කියවෙනවා. සීගිරිය වසාගෙන මේ චිත්‍ර පැවැති බව සිතිය හැකි වුවත්
අද ඉතිරි ව ඇත්තේ කුඩා ශිලා කුහර කිහිපයක ස්‌වභාවයෙන් ම සංරක්‌ෂිත වූ චිත්‍ර කොටස්
කිහිපයක් පමණයි. කුරුටු ගීත සහිත කැටපත් පවුර පසුකාලීනව මේ චිත්‍ර බලන්න ආපු අය ගේ
කවි සිතිවිලි ප්‍රකාශ කරන්න ඉඩ දුන්න තැනයි. නමුත් නිසැකව ම මෙය කුරුටු ගී ලියන්න
ඉදි කළ පවුරක් ද යන්න විවාදාත්මකයි. කෙසේ වෙතත් මේ දෙක ම නැතිනම් සිගිරියේ
වටිනාකමක් නැහැ.
පත් ඉරුවෙන් අද දිගහැරෙන්නේ කුරුටු ගීත ලියවුණු කැටපත් පවුර හා සම්බන්ධ වූ කතාවක්.
පසුගිය කාලයේ මේ හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක පර්යේෂණවල නියෑළෙන්න මටත් අවස්‌ථාවක්
ලැබුණා. 2013 අවුරුද්දේ දී සංරක්‌ෂකයකු විසින් මේ කැටපත් පවුර විනාශ වෙමින් යන බවට
දැනුම් දීමක් කරනු ලැබුවා. ඒ අනුව පර්යේෂණ විද්‍යාඥයන් පමණක් නො වෙයි, පැරැණි
චිත්‍ර සම්බන්ධ විශේෂඥයන් පවා මේ තත්ත්වය හනි හනික නිරීක්‌ෂණය කළා. පැහැදිලි වූ දේ
තමයි, කුරුටු ගී ලියවුණු බදාම ස්‌තරය කුඩාවට කවාකාර ලෙස ගැලවී යන බව. ඉතා සුළුවට
පටන්ගන්නා ගැලවීම ක්‍රමයෙන් පැතිරෙන බවත් පෙනී ගියා. සමහර අය මුලින් දිලීර
ආසාදනයක් කියලා හිතුවත් එය එසේ නො වන බව පසුව මොනවට පැහැදිලි වුණා. අනෙක් කරුණ
තමයි මේ සුදු පැහැගත් පුල්ලි තිබුණේ වර්ෂා කාලයේ දී නිරන්තරයෙන් ම තෙමෙන ස්‌ථානවල.
සමහර තැන්වල පක්‌ෂීන් ගේ අපද්‍රව්‍ය තිබුණත් මේ සුදු පුල්ලි ඒවායේ ප්‍රතිඵලයක් නො
වන බව ද පැහැදිලි වුණා. මේ ප්‍රතිඵල 2005 වර්ෂයේ දී මා සිදු කරපු ගවේෂණයකින්
නිරීක්‌ෂණය කළ දේ ම බව මට වැටහුණා. නමුත් එදා මා තත්ත්වය නිරීක්‌ෂණය කර අදාළ
බලධාරීන්ට දැනුම් දුන්නත් කාලයත් සමග එය අකාමකා දැමෙන්නට ඇති බවයි මට හැඟී ගියේ.
එනිසා මේ ගැටලුව කරළියට එන්න අවුරුදු අටක් ම ගත වුණා.
සුදු පුල්ලිවලින් ලබාගත් නියෑදි කිහිපයක් රසායනික විශ්ලේෂණවලට බඳුන් කරපුවා ම තමයි
තේරුණේ මේ තත්ත්වය පනහේ දශකයේ දී පමණ සිදු කරපු සංරක්‌ෂණවල අතුරු ප්‍රතිඵලයක් බව.
ඒ දවස් වල අධිකව සැම කටයුක්‌තකට ම සිමෙන්ති භාවිත කරලා තියෙනවා. එනිසා කැටපත්
පවුරේ මුදුනත සංරක්‌ෂණයටත් සිමෙන්ති භාවිත කරලා. සිමෙන්තිවල ජිප්සම් කියන සංයෝගය
අඩංගු කරලා තියෙනවා, සිමෙන්ති ගල් වෙන එක පමා කරන්න. ජිප්සම් කියලා කියන්නේ ජලය
සහිත කැල්සියම් සල්ෆේට් කියන රසායනය. මේවට ලවණ කියල බොහොම සරලව කියන්න පුළුවන්.
විශේෂත්වය තමයි ජලයේ බොහොම අඩුවෙන් දිය වීම. ඒක නිසා බොහොම හෙමිහිට දිය වුණ මේ
රසායනය (ලවණ) මුදුනතේ ඉඳලා හෙමිහිට හෙමිහිට පවුරේ බදාම අභ්‍යන්තරය ඔස්‌සේ පහළට
පෙරිලා තියෙනවා. කාලයත් එක්‌ක කුරුටු ගී ලියවුණ බදාමයට යටින් තැන් තැන්වල මේවා
ක්‍රමයෙන් තැන්පත් වෙලා තියෙනවා. ඒකට හේතු වන්නේ ඒ ප්‍රදේශයේ තියෙන වියළි කාලගුණය.
වියළි කාලයේ දී ජිප්සම් සමග වූ ජලය වාෂ්ප වුණා ම ලවණ ඒ තැන්වල ම ගුලි ගැහෙනවා. ලවණ
ප්‍රමාණය වැඩි වෙනකොට ඉදිරියට තෙරපිලා බදාම ස්‌තරය පිපිරීමකට ලක් කරනවා. එතකොට
කුරුටු ගී සහිත බදාම ස්‌තරය පුපුරලා බිඳිලා යනවා. මේ ක්‍රියාදාමය දිගින් දිගට ම
සිදු වෙනවා. ඒක නිසා ඉදිරි අනාගතයේ දී කැටපත් පවුරේ කුරුටු ගී අපට අහිමි වෙන්න
විශාල ප්‍රවණතාවක් තියෙනවා.
මේ ලෝක උරුමය ආරක්‌ෂා කරගැනීමට ඉතා ඉක්‌මන් ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙනවා.
ප්‍රධාන ම දේ තමයි පර්යේෂණ සදහා ප්‍රමුඛතාව ලබා දීම. එමගින් විද්‍යාත්මක පසුබිමක්
තුළ සත්‍ය තත්ත්වය අවබෝධ කරගන්නට හැකි වේ වි. එනිසා මේ සඳහා විද්‍යාඥයන් ගේ සහයෝගය
ලබාගැනීම ඉතා වැදගත්. පැහැදිලිව ම නිරීක්‌ෂණය කළ දෙයක් තමයි ලංකාවේ සංරක්‌ෂකයන්ට
විද්‍යාත්මක පර්යේෂණ කිරීමේ දැනුම සහ හැකියාව නොමැති වීම. එම තත්ත්වය තුළ මෙවැනි
ගැටලු සදහා විසදුම් සෙවීමට එවැන්නන් යෙදවීමෙන් තත්ත්වය බරපතළ වීමට තියෙන හැකියාව
ඉතා වැඩියි. පිටරටවල මේ පිළිබඳ විෂය ක්‌ෂේත්‍ර සකස් වුවත් ලංකාවේ විශ්ව විද්‍යාලවල
අදාළ පර්යේෂණ සහ ඉගැන්වීම් සිදු වන්නේ නැහැ. එම නිසා මේ සම්බන්ධ විද්‍යාත්මක
ක්‍රමවේද සහ පර්යේෂණ සදහා සුදුසු පරිසරයක් සකස් වීම ඉතා වැදගත්. නමුත් මේ
ක්‌ෂේත්‍රය තුළ විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධව සමහරුන් ගේ තියන්නේ බොහොම ඇල්මැරුණු
උනන්දුවක්. අනෙක් ගැටලුව තමයි වැඩ කටයුතු සම්පාදනයේ දී රාජකාරි/පරිපාලන බාධා
පැමිණීම. එනිසා ඉක්‌මනින් කළ යුතු දේ කිරීමට මාස ගණනාවක් ගත වෙනවා. සමහර විට
අවුරුදු ගණනාවක්. මෙවැනි ගැටලුවලට ප්‍රමුඛතාව නො ලැබීමත් එක හේතුවක්. තවත් සමහර
වෙලාවට පෞද්ගලික ඕනෑ එපාකම් මතු වෙලා වැඩ කරන්නන්ට හරස් වීම. එනිසා එවැනි
තත්ත්වයක් තුළ මේ ගැටලුවට මේ වෙන තෙක් නිසි පිළිතුරක් ලැබිල නැහැ. මේ කොහොම
වුණත් මේ පිළිබඳව නො සලකා හැරීම නිසා සිදු වන්නට යන්නේ ජාතික ව පමණක් නො වෙයි
අන්තර්ජාතිකව වැදගත් ලෝක උරුමයක් විනාශ වෙන එකයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
2015 පෙබරවාරි
28 බදාදා
http://www.vidusara.com
Monday 5 March 2018
Thursday 14 September 2017
විදුපත් ඉරුව
2017 සැප්තැම්බර් 13 බදාදා
නිරිතදිග මෝසම ඉවර වුනා විතරයි. තාම
අපි කාටවත් හුස්මක් කටක් ගන්න ලැබුනේ නැහැ. මෙන්න ආයෙත් වහින්න පටන් අරන්. පසුගිය
මැයි මාසේ වෙච්ච ආපදා නිසා බොහොමයක් දෙනා දැඩි අසීරුතාවයට පත් වෙලයි ඉන්නේ.
“මේ ගමන මෙච්චර වහින්න පටන් ගත්තේ
බෙන්ගාල බොක්කේ ඇතිවූ කලබැගෑනියක් නිසා කියලයි කාලගුණ ඇත්තෝ කියන්නේ”. ඉරිදා උදේම
ගමට ගිය වෙලාවේ අහම්බෙන් වාගේ සුටි ගමරාළ මාමා මුණගැහුනාම කිව්වේ. “ඒ මදිවට ‘හෙණ
ගෙඩි’ පාත් වෙන්නත් පටන් අරන්. හරියට බක්මහේ අකුණු ගහනවා වාගේ. හදිසියකට එළිපහළියට
බැහැ ගන්නවත් විදියක් නැහැ නොවැ”.
බක්මහ කියන්නේ අප්‍රේල් මාසය නේ. ඒ
කාලේ ඇතිවන අන්තර් මෝසමේ විශේෂත්වය තමයි ඇඟ කිලිපොලායන, බල්ලෝ බළලු පවා ඇඳ යට හැන්ඟෙන
අකුණු ගැහිල්ල. පුංචි දවස්වල නං කිව්වේ දෙයියන්ගේ දරුවෝ බෝල ගහනවා ඒකයි මේ සද්දේ
කියලා.
විදුලි කෙටිල්ලත් අකුණු ගැහිල්ලත් නිවුන් සහෝදරයෝ වගෙයි. මේ දවස්වල විශේෂයෙන්ම
රාත්‍රියට වහින වෙලාවට අහස දිහා බලා හිටියොත් ඔන්න අහසේ කෙරුවාව බලා ගන්නට
පුළුවන්. කළුවර අහස ඉරිතලා පුපුරා යනවා වගේ පෙනෙන මේ විදුලිය විටෙක ළඟ වාගේ පෙනුනට
අකුනේ හඬ ඇහෙන්නට ගතවන කාලය වැඩි නං, ඒ කියන්නේ විදුලි කෙටීම බොහෝ ඈත බවයි. ළඟ
කොටනා විදුලිය කන් අඩි පුපුරවන සේ අකුණු ගසන බව දැනෙන්නේ දැකීමට ගතවන කාලයත්
ඇහෙන්නට ගතවන කාලයත් අතර වූ අන්තරය දුරට සමානුපාතික වන නිසයි.
“හැබෑටම පුතේ මේ අකුණු ගහන එකයි, විදුලි
කොටන එකයි සිද්ද වෙන්නේ වලාකුළු වල සිදුවෙන විපරියසයක් නිසා කියලයි මම අහලා
තියෙන්නේ”. සූටිගමරාළ මාමා වැඩිපුර කථා නොකෙරුවට මේ වැස්සේ වැඩක් කරන්නත් බැරි
නිසා කදේට වැටුනා. පුළුන් බෝල වගේ අහසේ තියෙන වලාකුළු වහින්න කිට්ටු වෙනකොට දැලි
ඇතිල්ලුවා වාගේ කළු පාට වෙන්න පටන් ගන්නේ ජලවාෂ්ප ඝනීභවනය වෙන නිසයි. සමකයට ආසන්නයේ
මුහුදේ උණුසුම දහවලට බොහොම වැඩි නිසා වැඩිපුර ජලවාෂ්ප ප්‍රමාණයක් ඉහල අහසට එකතු
කරනවා. ඒ විතරක් නොවෙයි ඒක හින්දම සුළං තත්වයත් අධිකයි. අධික සුළං හමුවේ වලාකුළු
ආරෝපණය වෙනවා.
ආරෝපිත වලාකුළු තමයි විදුලිය සහ අකුණු
ඇති කරන්නේ. මේ සිදුවෙන ක්‍රමය පිළිබඳව නිශ්චිතව තහවුරු කරගෙන නැති වුනත් විද්‍යාඥයෝ
යම් මතයක් මේ සඳහා ඉදිරිපත් කරනවා. සුලි කුණාටුවක තියෙන විශේෂත්වය තමයි මෙවැනි
විදුලි කෙටීම් සහ අකුණු ඇති වීම්. සුළි කුණාටුවේ මධ්‍යය තමයි අරෝපනයේ තිඹිරි ගෙය
වන්නේ. එහිදී ඇතිවන ඉහල සහ පහල ට යන සුළං ධාරා මගින් ධන සහ ඍන ආරෝපණ වෙන් කරනවා.
එතකොට ධන ආරෝපණ රැදෙන්නේ ඉහළ කොටසෙයි. පහලට ඇදෙන්නේ ඍන අරෝපණයි.
වෙනස් ආරෝපණ කලාප නිර්මාණය කිරීම
විභාවයේ අන්තරයක් ඇති කිරීමට සමත් වෙනවා කිව්වොත් නිවැරදියි. ආරෝපණ කලාප ගත වීම හරීම
දරුණුයි. අස්ථාවර තත්වය ස්ථාවර කරන්නට සමතුලිතය වැදගත්. එය සිදුවන්නේ ධන සහ ඍන
ආරෝපණ එක්ව උදාසීන වීමෙන්.
“හැබෑටම ඉතින් මේ ඍන ආරෝපණ කොහේට හෝ
ගමන් කරනවා කියන්නේ විදුලි ධාරාවක් ගමන් කිරීමම නේද පුතේ ?” සුටි ගමරාළ මාමා ගමේ ඉන්න
බොහොම බුද්ධිමත් වැඩිහිටියෙක්. හරියටම හරි ඒක තමයි වෙන්නේ. හැබැයි දරුණුම තත්වය
උදාවෙන්නේ මේ විදුලි ධාරාව පොළොවට පනින කොට. එතකොට තමයි ඔන්න අපේ මිනිස්සු හෙන
ගහනවා කියලා බය වෙන්නේ.
විදුලි පුලිඟු ඇතිවීම ක්‍රම කිහිපයකටම
වෙන්න පුළුවන්. සුලි කුනාටුවේම තැන් දෙකක තියෙන ධන සහ ඍන ආරෝපණ එකතු වෙන්න
පුළුවන්. ඒකට කියන්නේ “අන්තහ් වලාකුළු විදුලි කෙටීම” ක් කියලා. ඒ වාගේම වලාකුළු දෙකක් අතරේ පුලිඟු පැනීමක්
වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට ඒවා හඳුන්වනවා “අන්තර් වලාකුළු විදුලි කෙටීම්” කියලා.
ඒ වාගේම තමයි වලකුලේ තියෙන ඍන ආරෝපණ පොළොවට පනිනත් පුළුවන්. අපට ඒවා “මිහි-වළා
විදුලි කෙටීම්” කියලා හඳුවන්නත් පුළුවන්. කොහොම උනත් පොළොවේ වෙසෙනා මිනිසුන්ට සතා
සිව්පාවට ගහකොළට හානි ගෙන දෙන්නේ මිහි-වළා විදුලි කෙටීම්.
ලෝකයේ සිදුවන සියයට හැත්තෑවක් විතරම
විදුලි කෙටීම් ඇතිවෙන්නේ මේ සමකය ආසන්න පොළොවේ. ලෝකයේ විදුලි කෙටීම් තත්පරයකට 40 -50
ක් විතර සිදුවෙනවා කියලයි කියන්නේ. ඒ විතරක් නොවෙයි අවුරුද්දකට ලෝකේ මිනිස්සු 2000
විතර මැරෙනවා කියලාත් සංඛ්‍යා ලේඛන වල තියෙනවා. විදුලි කෙටිම ආරම්භවන ස්ථානයේ
එහෙමත් නැතිනම් අකුණු ගහන තැන උෂ්ණත්වය බොහොම ඉහල යනවා. විද්‍යාඥයින් කියන විදියට
ඒක හිරුගේ මතුපිට උෂ්ණත්වය වාගේ පස්ගුණයක් පමණ වෙන බවයි පවසන්නේ. එක් නිසාම සුළි
කුණාටුවේ ඒ ආසන්න ජලය සහ ජල වාෂ්ප අධිකව රත්වෙනවා. අකුණු ගසන විට බිමට වැටෙන්න මෙලෙස
අධිකව රත් වූ ජලය.
කොහොම උනත් මේ දවස්වල වහින වෙලාවට
පිට්ටනි වාගේ තැන්වල ඉන්න එක හොඳ නැහැ. ඒ වාගේම පොල් කිතුල් තල් වැනි ගස්යට ඉන්න
එකත් අනතුරු දායකයි. විදුලි කොටන අවස්ථාවලදී නිවෙස්වල විදුලිය පරිහරණය කිරීම ඉතාම
භයානකයි. සියලුම විදුලි උපකරණ විදුලි පේනු වලින් ගලවලා ඉවත් කර තබන්නට ඕනේ. ඒ
වාගේම තමයි ගමන් බිමන් යනකොට ඉහළින් කුරක් සවිකරලා තියෙන කුඩ පාවිච්චියත් අනතුරු
වලට අත වනනවා. ඒක හින්දා බක් මහේ විතරක් නොවෙයි සුළි කුණාටු ඇතිවන සෑම කාලයකම වාගේ
මේ පිළබඳව විමසිල්ලෙන් ඉන්නට ඕනේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Wednesday 13 September 2017
විදුපත් ඉරුව
2017 අගෝස්තු 30 බදාදා
2017 මැයි 26 වැනිදා අපේ රටට සුභ දායක
දිනයක් වූයේ නැහැ. නිරිත දිග මෝසම හේතුවෙන් දින කිහිපයකට කලින් වැසි සමය ආරම්භ
වූවත් හිරිපොද වැටෙමින් පැවතුණි. එදිනම සවස් වරුවේ ද මේ තත්වය එසේම තිබුණි. නමුත්
රාත්‍රිය වන විට තත්වය කණපිට පෙරළෙන්නට පටන් ගති. මහා වැසි ඇදහැලෙන්නට පටන් ගත්
අතර ස්වයංක්‍රිය වර්ෂාමාන වල පාටංක බලා සිටිද්දී වැඩි වෙන්නට පටන් ගත්තේය. ඉතා
සුළු වේලාවකදී වර්ෂාපතන අගයන් මිමි 300 ඉක්ම වූ අතර කළුතර, මාතර, ගාල්ල, රත්නපුර
සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම තත්වය වඩා ප්‍රමුකව තිබු බවට වාර්තා විය. මේ
තත්වය මෝසම හේතුවෙන් ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වයක් බව පැහැදිළි විය. එය ශ්‍රී
ලාංකික ආපදා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක් බවට පත් විය. වඩා දරුණු තත්වයක් නිර්මාණය
වුයේ මේ සමගම මහා වැසි හේතුවෙන් අධික ගංවතුර තත්වයක් ඇති වීමයි.
මෙම ආපදා තත්වය ඇති වී මාස කිහිපයක් ගත
වී ඇති නමුදු පශ්චාත් ආපදා විමර්ශනයක් කල යුතු යයි මට හැඟෙ. එනිසා දැනට සිදුකර ඇති
අධ්‍යනයන්ට අනුව මේ සඳහා වූ හේතු ප්‍රත්‍යන් කවරේදැයි විමසා බැලිය යුතුය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පශ්චාත්
ආපදා විමර්ශන සහ විද්‍යාත්මක අධ්‍යන වල නිරත වූ අතර එහිදී පැහැදිළි වුයේ බස්නාහිර
සහ දකුණු ප්‍රදේශ ඉතා දරුණු ලෙස හානියට පත්ව ඇති බවයි. පසුගිය වර්ෂයේ සිදු වූ
මෙවැනිම ආපදාවක් නිසා කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක මෙවැනිම ලෙස ආපදාවට ලක්
වූ බව රහසක් නොවේ. මේ දෙකෙහිදීම මෙතෙක් සිදු කරනු ලැබූ පස්චාත් ආපදා අධ්‍යන වලින් පැහැදිළි
වුයේ කාලගුණ විපර්යාසයන්ට අමතරව ජනගහන වර්ධනය වීම හේතුකොටගෙන වැඩි වූ මානව ක්‍රියාකාරකම්
මෙම නාය ආපදා තත්වය වර්ධනය වීම කෙරෙහි ලා ප්‍රමුඛ කාර්යයක් කර ඇති බවයි.
මහා වැසි හේතුවෙන් උත්ප්‍රේරණය වන නාය
ආපදා නිසා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ඉතා අධිකව ග්‍රහණයට ලක් වන බව ද එනිසාම
හානියට ලක්වන බව ද කිසිම සැකයක් නොමැත. එනිසාම මධ්‍යකඳුකරයේ බොහොමයක් ස්ථාන හානියට
ලක් වී ඇත. දිස්ත්‍රික්ක 13 ක් අයිතිවන වර්ග කිලෝමීටර 13 0000 ක් පමණ වන එනම් ශ්‍රී
ලංකික භූමියෙන් සියයට විස්සක් පමණ වන වර්ගඵලයක් මෙම නාය ආපදා සඳහා නතුව ඇති බව
මෙරට කරන ලද අධ්‍යන වලින් පැහැදිළි වී ඇත. මෙම වර්ග ප්‍රමාණය තුල මෙරට ජනගහනයෙන්
සියයට 42 ක් පමණ වෙසෙන බවද අමතක නොකළ යුතුය.
මෙවර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ
නාය ආපදා විමර්ශන කටයුතු මුල් සතිය තුල අඩාල වීමට ප්‍රධාන හේතුව වූයේ බොහොමයක්
මාර්ග ගංවතුර හේතුවෙන් අවහිර වීමයි. ප්‍රධාන කොටම මහවැසි ගංවතුර සඳහා හේතු වූවත්
ඇති වූ නාය යාම් තත්වය ද ගංවතුර තත්වය උග්‍ර කරන්නට හේතු වූ බව පැහැදිලිය. මේ
හේතුවෙන් බොහොමයක් නගර සහ ඒ සම්බන්දිත මාර්ග අවහිර වූ අතර මේ තත්වට දුරකථන සහ
විදුලි සම්බන්ධතා බින්ද හෙලන්නට සමත් ව තිබුණි. නමුත් මේ තත්වය මද පමණින් හෝ පහව
ගිය පසු හදිසි විමර්ශන කටයුතු අරඹන්නට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උත්සාහ
කරන ලදී.
විමර්ශන කටයුතු වලදී පැහැදිළි වූයේ මෙම
නාය ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 203 ක් පමණ මිය ගොස් ඇති බවයි. සංක්‍යාලේඛන
වලට අනුව පසුගිය දශකය තුල පුද්ගලයින් 1500 කට අධික ප්‍රමාණයක් අප රටට අහිමි වී ඇති
අතර දෙලක්ෂයක් පමණ වූ ජනතාවකට සදාකාලිකව
නිවාස අහිමි වී ඇත.
සිදුකරන ලද අධ්‍යන කටයුතු වලදී පෙනී ගියේ
මෙම නාය ආපදා තත්වය වර්ධනය වීම සඳහා හේතු කිහිපයක් මුල් වී ඇති බවයි. අනපේක්ෂිත
ලෙස කෙටි කාලයකදී තද වැසි ඇති වී විශාල වර්ෂාපතනයක් පතිත වීම මෙහිදී මූලික කරුණ වූ
බව පැහැදිළි වෙයි. ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක වල ස්ථාපිත කරනු ලැබ තිබු ස්වයංක්‍රිය
වර්ෂාමාන වල දත්ත මේ බව මොනවට පැහැදිළි කරයි.
අසංවිධානාත්මක භුමි පරිහරණය දෙවැනි
කරුණ ලෙස හැඳින්විය හැක. මේ ප්‍රදේශවල අතීත භුමි පරිහරණ රටාව හා සන්සන්ධනය
කිරීමේදී පැහැදිලිවන්නේ ඉතා දරුණු ලෙස වර්තමාන භුමි පරිහරණ රටාව වෙනස් වී ඇති
බවයි. මේ සඳහා ප්‍රමුකව බල පා ඇති කාරණාව ලෙස සැලකිය හැක්කේ ජනගහන වර්ධනය සහ මධ්‍ය
කඳුකරය දෙසට ඔවුන්ගේ ව්‍යාප්තියයි.
මිනිසුන්ගේ නීති පිලි පැදීමට ඇති
නොකැමැත්ත සහ නොසලකා හැරීමද මෙහිදී වැදගත් කාරණාවක් බව මතකයේ රඳවා ගත යුතු කරුණකි.
ජාතික ගොඩනගිලි පර්යේෂණ සංවිධානය විසින් ස්ථාපනය කරන ලද නීති
සහ අනුගමනය කල යුතු මූලික කරුණු නොසලකා හැරීම යම් යම් ලෙස නාය ආපදා තත්වය වර්ධනය
කරවන්නට හේතු වී ඇති බව පැහැදිළි වෙයි.
මෙවර
සිදු වූ නාය ආපදා තත්වයේ පශ්චාත් විමර්ෂණ කටයුතු තවමත් අවසන් වී නොමැත. නමුත් මේ දක්වා ලද දත්ත වලට අනුව මෙම නාය ආපදාව
සඳහා මුලිකව බලපෑ කරුණ වන්නේ කෙටි කාලීනව ලද අසාමාන්‍ය වර්ෂාපතනය බවට සාරාංශ ගත කල
හැක. ඊට අමතරව මානව ක්‍රියාකාරකම් උග්‍ර වීමද
පවතින නීති කෙරෙහි අඩු තක්සේරුවක් දැක්වීමද මෙවර නාය ආපදාව කෙරෙහි බලපෑ
කරනු වෙයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Thursday 24 August 2017
විදුපත්ඉරුව2017 අගෝස්‌තු 23 බදාදා
මහාචාර්ය පීටර් වුඩ් (Prof. Peter Wood) යනු ආර්ථික විශේෂඥයෙකි. 1980 දී පමණ ඔහු කියා සිටියේ ලෝකයේ සිදු කරන ආර්ථික ගණනයන්වල දී පරිසරය අපට ලබා දෙන සේවාවන් උදෙසා ආර්ථික වටිනාකමක් ලබා දිය යුතු බවයි. එසේ නො වන තාක් රටක ආර්ථිකය අඳුරු (brown) බව ද පාරිසරික සේවාවන් අගය කරමින් ඒ සඳහා අගයන් එක් කරන්නේ නම් එම ආර්ථිකය 'හරිත'වත් (green) බව ය.
'හරිත ගිණුම්කරණය' ලෝකය පාරිසරික සංරක්‌ෂණයේ නව මාවතකට යොමු කළ අදහසක් බව කිව යුතු ය. අප සැම දා නො සිතන ලෙස පරිසරය සහ එහි සේවාවන් අගය කිරීමකට ලක් වන්නේ නැත. කිසි දා ආපසු හැරී නො බලන ගමනක යෙදෙන ලෝක ආර්ථිකය කළු හෝ සුදු හෝ යෑයි නො සිතා ක්‍රියා කිරීම හේතුවෙන් පරිසරයේ වටිනාකම මෑතක් වන තුරු ම ලඝූ කර ඇති බව පැහැදිලි ය. කාර්මික විප්ලවයේ විප්ලවීය වෙනස වූයේ හරිතමය වැස්‌ම ඉවත් කර අඳුරු පැහැ ගත් කර්මාන්ත ලොව ස්‌ථාපිත කරන්නට ය. එහෙත් කලක් යද්දී තම ගමන්මග නිවැරැදි නො වන බව බටහිරයන් තේරුම්ගන්නා විට මුළු ලොව ඔවුන් අනුගමනය කරන්නට පටන්ගෙන අවසාන ය. එහෙත් හරි හරියට සිදු කරන තම විනාශකාරී ආර්ථික සංවර්ධන කටයුතු නවතාලන්නට නම් ඔවුන් කැමැති වන්නේ නැත.
ඇමෙරිකාව, රුසියාව, ජර්මනිය, කැනඩාව වැනි රටවල් ද චීනය, ඉන්දියාව සහ ජපානය වැනි රටවල් ද වර්තමානය වන විට ලොව වැඩි ම ෆොසිල ඉන්ධන දාහකයන් බවට පත් වී ඇත. චීනය වාර්ෂිකව නිපදවන CO2 ප්‍රමාණය අනුව ප්‍රමුඛ රාජ්‍යය වී ඇත. ඇමෙරිකාව වාර්ෂිකව නිපදවන CO2 ප්‍රමාණය ගිගාටොන් 21.3ක් යෑයි ගණන් බලා ඇත. ඔවුන් එසේ ඇති පදමට වායුගෝලයට CO2 නිදහස් කරමින් අප වැනි තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටවලට කියා සිටින්නේ එවැනි ක්‍රියා නවතා හරිතවත් ආර්ථිකයක් කරා ගමන් කළ යුතු බවයි. ඔවුන් අපට බල කර සිටින්නේ අද අද ම රටේ වාර්ෂික අයවැය සකස් කිරීමේ දී හරිත ගිණුම්කරණය අනුගමනය කළ යුතු බවයි. එහෙත් අමතක නො කළ යුත්ත නම් ඔවුන් දියුණු රටවල් බවට පත් වී ඇත්තේ ද, එම තත්ත්වය පවත්වාගෙන යන්නේ ද හරිත ආර්ථික සංකල්ප මත ම නො වන බවයි. එය තනිකර ම අඳුරු ආර්ථික සංකල්ප මත පදනම් ව ඇත.
හරිත ගිණුම්කරණය තුළ අප සිදු කරන සියලු ක්‍රියා විශ්ලේෂණයට ලක් වන්නේ නිපදවන CO2 ප්‍රමාණය මත ය. වායුගෝලයේ CO2 මට්‌ටම අඩු කරන්නට දක්‌වන දායකත්වය ද මේ විශ්ලේෂණයේ එක් අංගයක් වන අතර ඒ අනුව ඒ ඒ ක්‍රියා සඳහා ආර්ථික වටිනාකම් ලබා දෙයි. එහෙත් මේ ක්‍රියාව සියයට සියයක් ම නිවැරැදි නො වන මුත් අවමය ලෙස පරිසරය සහ පාරිසරික සේවාවන් අගය කර ආර්ථික වටිනාකමක් ලබා දෙන්නට හැකියාව ලැබී ඇත. CO2 උරාගනිමින් පමණක් ම ගසක් සිදු කරන සේවයට කෙලෙස නම් ආර්ථික වටිනාකමක් එක් කළ හැකි ද? මෙය ඉතා සංකීර්ණ ගිණුම්කරණයක් බව කිව යුතු ය. CO2 අඩු කිරීම තුළ අප ලබන වාසිය කුමක් ද? ගෝලීය උණුසුම අඩු කරන්නට අඩු CO2 නිෂ්පාදනය හේතු වන්නේ නම් ඒ හා බැඳී ඇති අනෙකුත් ක්‍රියා දාමයන් ද වාසි ලබන බව කිව යුතු ය. උණුසුම් අඩු වීම ධ්‍රැව අයිස් දිය නො කරන්නට සහාය දෙන අතර එය මුහුදු මට්‌ටම වැඩි නො කරන්නට හේතු වෙයි. වෙරළාසන්න ජනාවාස යට නො වීම හේතුවෙන් ලබා දෙන ආර්ථික වාසි කොපමණ ද යන්න ඔබට සිතාගත හැකි වේ වි.
හරිත ගිණුම්කරණය විවිධ ස්‌වාභාවික ක්‍රියා සඳහා ආර්ථික වටිනාකම් ලබා දෙන්නට උත්සාහ කරයි. එහෙත් එය කෙතරම් සාර්ථක ද යන්න විග්‍රහ කළ යුතු ය. යම්කිසි පාරිසරික ක්‍රියාදාමයක් මගින් අපට (මිනිසාට පමණක්) ලබා දෙන වාසි (සේවය) පමණක් ම මෙහි දී සැලකිල්ලට ගන්නේ ද යන්න සලකා බැලිය යුතු ය. උදාහරණයක් ලෙස මී මැස්‌සන් ගේ හෝ වවුලන් ගේ පැවැත්ම මානවයාට කෙතරම් වාසිදායක ද යන්න සැලකිල්ලට ගන්න. ඝෘජු ව ගන්නේ නම් ඔවුන් ගේ පැවැත්ම හා පරිසරය තුළ ක්‍රියාකාරිත්වය මිනිසාට වැදගත්කමක් හෝ වාසියක් හෝ ගෙන දෙන්නේ නැත. එහෙත් ඔවුන් පුෂ්ප පරාගණය කරමින් සිදු කරන මෙහෙය අති විශාල ය. ඔවුන් නොමැති නම් සපුෂ්ප ශාක බොහොමයක පරාගණය ඇණහිටින අතර ඵල නිෂ්පාදනය ද එනිසා ඝෘජුව ම ඔවුන් ගේ අනාගත පැවැත්ම ද අඩාළ කරනු ඇත. ඵල නිෂ්පාදනය නිසා පරිසරයේ කොපමණ සත්ත්ව විශේෂ සංඛාවක් පිහිට ලබන්නේ ද යන්න ද මෙහි දී සැලකිල්ල ගත යුතු ය. ඵල නිෂ්පාදනය නිසා එම ශාකවල ව්‍යාප්තිය තහවුරු කරන අතර නව ශාක ඇති වීමෙන් නැවත නැවතත් ලබා දෙන සියලු සේවාවන් අප සැලකිල්ලට ගන්නා විට පරාගණය උදෙසා කවර ආකාරයේ අගයක් ලබා දිය යුතු ද යන්න මතභේදාත්මක නො වේ ද?
සේවය මත අගයන් ලබා දීම කළ යුතු මුත් ඒ සඳහා කවර ආකාරයේ වටිනාකම් ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු ද යන්න බොහෝ සීරුවෙන් ස්‌ථාපනය කළ යුතු ය. එය ගෝලීය ස්‌ථාවරයක් විය යුතු ද නැත හොත් ප්‍රාදේශීය වශයෙන් වෙනස් විය යුතු ද යන්න පවා මෙහි දී විග්‍රහ කළ යුතු ය. ඒ කෙසේ වෙතත් තවමත් නිසි ක්‍රමවේදයක් ස්‌ථාපනය නො වූ ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව ඉතා නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතු යෑයි මා සිතන්නේ ආර්ථික සංවර්ධනය ද මෙරටෙහි පැවැත්ම කෙරෙහි බලපාන බැවිනි.

Sunday 20 August 2017
අංගාර පා සටහන් (carbon foot print) විශාල නොවන තරමටම ඔබ පරිසර හිතකාමී දැයි කිව හැකි නොවේ. කෙසේ වෙතත් ගෝලීය CO2 වායුගෝලීය ප්‍රතිශතය මිලියනයට කොටස් 400 ඉක්මවා ගොසින්. CO2 මට්ටම ඉහල යන එක නවත්තන්නේ කෙසේද? පොසිල ඉන්ධන දහනය ඇතුළු තවත් ක්‍රියාදාමයන් කිහිපයක්ම මේ සඳහා හේතු වෙනවා. වනන්තරහරණය මෙහිදී ඉතා ප්‍රභලව බලපාන කරුණක්. මන්දයත් නිපැදවෙන CO2 ගිලගන්නට හැකි යාන්ත්‍රණය සකස්කර ඇත්තේ ගස්වැල් නිසයි. ප්‍රභාසංස්ලේෂණය ගිලගත් CO2 ජලය සමග එක්කර නැවත ජීවි පැවැත්ම උදෙසා නිපැදවෙන ආහාර තුල වයුගොලිය CO2 සිරකර දමයි. ශක්ති ජනනය එලෙස ගතහොත් CO2 වායුගෝලයට එක කරන තවත් ක්‍රියාවලියක්. නමුත් එය ස්වභාවිකයි. දියුණු යුරෝපීයන්ගේ (ඔවුන් කියන ලෙස) ආගන්තුක සහ නොදියුණු කෘතීම ක්‍රියාදාමයන් වත්මන් ගෝලීය CO2 සඳහා හේතුවන බව ඔවුන් පිළිගන්නට මැලි වූවත් ශ්‍රී ලංකාව වැනි කුඩා ආසියතිකයන්හට බල කර සිටින්නේ CO2 නිෂ්පාදනය අවම කරන ලෙසයි. සියලු නිර්ණයක් නිර්මාණය කරන්නේ ඔවුන් බැවින් එහි සියලු වාසි ඔවුන් සතු වෙන ලෙස සකස් කර ඇත, එමගින් තමන්ගේ ගැලවුම තහවුරු කර ඇති අතර පාරිසරික ආරක්ෂණය පිලිබඳ දෙන උපදෙස් ගෝලීය ආරක්ෂණය සඳහා නොව ඔවුන්ගේ පැවැත්ම උදෙසා බව අප තේරුම් ගත යුතුය. වර්තමානයේ විවිධ ව්‍යපෘති හරහා අපට්ර ලබා දෙන ණය සහ ආධාර මගින් අපව සිරකර ඔවුනට අවැසි රුකඩයන් බවට පත් කර ඇත. එනිසා ඉදිරිකාලයේදී CO2 මුක්තය අවම කිරීම සහ පාලනය සඳහා අපවැනි රටවල ජිවත්වන මිනිසුන්ගේ කෑම වේල් සංඛ්‍යාව හා ප්‍රමාණය ඔවුන් තීරණය කලද මේ තත්වය හමුවේ පුදුම විය යුතු නොවේ.
Thursday 17 August 2017
විදු පත් ඉරුව2017 අගෝස්තු 16 බදාදා
'ඇවිද්ද පය දහස් වටී' කියලා කියන්නේ සංචාරය කරන්නා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු බවයි. ඉස්‌සර නං මිනිස්‌සුන්ට ඇවිදලා ම තමයි බොහෝ තැන්වලට යන්න සිද්ධ වුණේa. ඒත් ප්‍රවාහනය දියුණු වෙනවත් එක්‌ක බොහෝ ප්‍රවාහන මාධ්‍ය ලෝකයට එකතු වුණු නිසා ඒ කාරියත් බොහෝ ම පහසු වුණා. විවිධ ප්‍රවාහන මාධ්‍ය ජනප්‍රිය වුණත් ගොඩබිම ප්‍රවාහනයට නම් මේ දක්‌වා පහසු ම සහ ලේසි ම මාධ්‍යය වන්නේ මෝටර් රථයි. නා නා මාදිලියේ රථවාහන දැන් දැන් වෙළෙඳපොළට හරි හරියට එනවා. වෙලාවකට හිතෙනවා මෙච්චර වාහන ලංකාව ඇතුළේ කොහේ දුවන්න ද කියලත්. තියෙන වාහන ප්‍රමාණයේ හැටියට මේ පාරවල් නං ළඟ දි ම මදි වෙයි දෝ කියලත් හිතෙනවා.
කොළඹ නං හොඳට ම වාහන වැඩි වෙලා. පාරවල් ඉඩ මදි. පාරවල් ලොකු කරන්න ඉඩ ගන්න විදියක් නැහැ ගොඩනැගිලි හැම තැන ම. ගොඩනැගිලි කඩන්න බැහැ. මිනිස්‌සුන්ට ලොකු වන්දියක් දෙන්න වෙනවා. ඒ කොහොම හරි කොළොඹ වාහන තදබදය හරි ම දරුණුයි. උදෑසනත් දහවලත් හවසත් රාත්‍රියත් එක ම විදියක්. කොළොඹ විතරක් නො වෙයි දැන් දැන් අනෙකුත් ආසන්න නගරවලත් මේ වාහන තදබදය ඇති වෙලා. මෙයින් බැට නො කාපු අයෙක් හොයාගන්න නං කොහොමත් ම බැරි වේ වි.
වාහන තදබදයට හේතු වෙන්නෙ වාහන වැඩි වීම පමණක් ද? වාහන තදබදය අඩු කරගන්න මහජනතාව හැටියට අපට කළ හැකි යමක් නැද්ද? වාහන පදවන අය පමණක් නො වෙයි මහා මාර්ග භාවිත කරන සියලු දෙනාට ම ඒ වගකීම ඇති බවයි මගේ හැඟීම. බොහෝ වාහන තදබදවලට හේතු වන්නේ අපරීක්‌ෂාකාරී රිය පැදවීම් කියලයි හිතෙන්නේ. මහා මාර්ගයේ දක්‌වා ඇති සංඥා නො සලකා හැරීම අපරික්‌ෂාකාරී බවේ තවත් අවස්‌ථාවක්. කොහොම වූණත් අද මහාමාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකු ගේ ඉවසීම නං බිඳී ගොසින් ඇති බවයි පැහැදිලි වන්නේ.
මාර්ග නීති පිළිපැදීම මාර්ගයක ගමන් කරන විට අනුගමනය කළ යුතු මයි. එහෙම නීති පද්ධතියක් හඳුන්වා දී ඇත්තේ මහා මාර්ගය භාවිත කරන්නා වූ සියල්ලන් ගේ ම සුබසිද්ධිය උදෙසායි. සරල ම සන්නිවේදන ක්‍රමවේදය සංඥා භාවිතයයි. එය ඉතා සරලයි. පහසුවෙන් වැටහෙනසුලුයි. අකුරු නො දන්නා සැම අයකුට ම තේරුම්ගත හැකියි. භාෂාව නො දන්නා සැම අයකුට ම හොඳින් අවබෝධ වෙයි. ඒත් මහා මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකු ගේ මාර්ග සංඥා නෙත ගැටෙන්නේ නම් ඉතා අඩුවෙන් බවයි පෙනී යන්නේ. බොහෝ දෙනකු අන්ධයන් වගෙයි.
මහා මාර්ගයේ ගමන් කරන්නන් අතර සම්බන්ධකම් පවත්වාගැනීම තදබදයෙන් තොර ව මහා මාර්ගය තබාගැනීමට හේතු වනවා. වාහනයක ගමන් කරන්නා හෝ පදිකයා ඊළඟට කරන්නේ යන්නේ කුමක් ද යන්න අවට සිටින්නන් දැනගැනීම ඉතා වැදගත්. අදාළ පුද්ගලයා ගේ ක්‍රියාකලාපය අනුව බොහෝ දේ තීරණය විය හැකි යි. නො දන්වා ක්‍රියාත්මක වීම එනිසා එතරම් නුවණැති ක්‍රියාවක් නො වේ. තමා මාර්ගයේ වමට හරවන්නේ නම් ඒ සම්බන්ධිත ආලෝක සංඥා දැල්විය යුතුයි. එවිට පසුපසින් රිය පදවන්නා ගේ පමණක් නො ව ඉදිරියෙන් තමා වෙතට එන්නාට තීන්දු තීරණ ගැනීමට ඉතා පහසුවක් ගෙන දෙයි. මෙසේ මහාමාර්ග භාවිත කරන්නන් අතර අෙන්‍යාන්‍ය සන්නිවේදන සම්බන්ධකම් නිවැරැදි ධාවනයට සහ තදබදය අඩු කරන්නට හේතුවක්.
වර්තමානයේ ඉතා පැහැදිලිව පෙනී යන්නේ මාර්ග නීති බොහෝ දෙනකු පිළිපදින්නේ ආරක්‌ෂක නිලධාරීන් මාර්ගයේ ඉන්නා විට පමණක් බවයි. එනිසා ස්‌ථාපිත මාර්ග නීති පොතට පමණක් සිමා වෙලා. ඉතා කක්‍රමානුකුලව කදිමට රිය පදවන්නට හැකි බව බොහෝ දෙනෙකු ආරක්‌ෂක නිලධාරීන් ඉන්නා විට නං පෙන්වා දෙයි. මේ අතර බොහෝ රිය ධාවකයන් ගේ ඉවසීම බින්දුවට බැස ඇති බව ඔවුන් ගේ විවිධ ක්‍රියාවලින් පෙනෙනවා. සුළු මොහොතක් හෝ පමා වීම ඉවසිය නොහැකි වී ඇත්තේ කෙලෙස ද? නළාව නාද කරමින් තමන් ගේ නොඉවසිලි බව අවට සියල්ලට ම පෙන්වයි. වාහනයක් ප්‍රධාන ප්‍රවාහයට එක් කරන විට හෝ හරවා ඉවතට යන විට ද මෙවැනි බාල ක්‍රියා මහමග දී දැකිය හැකියි. මාර්ගය ඉඩ නො දීම හෝ වාහන යන තුරු ඉවසා නො සිට එකවර ම මාර්ගයට ප්‍රවේශ වීම ද බොහෝ වාහන තදබද සඳහා හේතු වී ඇති බව රහසක් නො වේ.
අධ්‍යාපනික මට්‌ටම මෙවැනි ක්‍රියා සඳහා හේතු විය හැකි බව සිතුවත් එය එසේ නො වන බව කිව යුතුයි. අධ්‍යාපනයෙන් ඉහළ මට්‌ටමක අය පවා රිය පදවන විට එවැනි පහත් ක්‍රියා සිදු කරන බවයි පෙනෙන්නේ. මාර්ගකට පිවිසි විට මේ සියලු දෙනා ගේ අභිප්‍රාය වී ඇත්තේ අනෙකා පරයමින් තම රථය ධාවනය කිරීමයි. මාර්ගයේ අයිතිය තමා සතු කරගැනීමයි. එසේ නොමැති ව අනුන් ගේ මාර්ගයක ගමන් කරන බව සිතා අනෙකාටත් ඒ මාර්ගයේ ගමන් කිරීමේ අයිතිය තහවුරු කරන්නන් නම් අතළොස්‌සයි. මහා මාර්ගයේ ගමන් කරන සියලු දෙනා තම ඥාතීන් සහ මිතුරන් යෑයි සලකා වැඩකටයුතු කරන්නේ නම් අකටයුතුකම් කාගෙන් වත් සිදු නො වනු ඇතැයි මට සිතෙනවා.
පදිකයන් ගෙන් ද සිදු වන වැරැදි බොහෝයි. සිතු සිතු තැන්වලින් පාර මාරු වීම සුලබ දසුනක්. විශේෂයෙන් ම රාත්‍රියේ අඳුරු තැන්වලින් පාර මාරු වීම කෙසේ වත් නො කළ යුතුයි. පාර මාරු වීමට අවශ්‍ය නම් හොඳින් එළිය ඇති පාර මාරු වීමට අවසර ඇති තැනකින් එය සිදු කළ යුතුයි. වාහනවලට මුවා වී ඇති විටත් මාරු වීම නො කළ යුතුයි. තමා හොඳින් පෙනීමට සලස්‌වා එකඟතාව ඇති විට පමණක් පාර මාරු වීම සිදු කරන්නේ නම් අනතුර සහ තදබදය බොහෝ අඩු කළ හැකියි.
නීති පමණක් නො ව රීති ද සැලකිල්ලට ගෙන මාර්ගය භාවිත කරන්නේ නම් මාර්ග තදබදය පමණක් නො ව බොහෝ රිය අනතුරු අවම කරගත හැකි බව අප තේරුම්ගත යුතුයි.

Friday 11 August 2017
විදුපත්ඉරුව
යම් දිනෙක මෙලොව සියලු සංස්‌කෘතීන් විද්‍යාව වැළඳගත හොත් ඇති වන තත්ත්වය කෙබඳු වේ දැයි සිතිය හැකි ද? එය ඔය කියනා ලෙස එක ම ආකාරයක් වේ ද, නැත හොත් ප්‍රාදේශීයව වෙනස් වේ ද යන්න ඔබට ගැටලුවක් වනු ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඔබට සිතන්නට ඉඩ සලසමින් ඔබ අප ගේ අවධානය යොමු විය යුතු කරුණක් මෙවර විදුපත් ඉරුවේ සඳහන් කළ යුතු යෑයි සිතේ.
නීති සහ රීති යම් සංස්‌කෘතියක යම් රටක පාලනයට අවැසි ය. යම් රටක නීතිය පිළිපැදීම ද, යම් සංස්‌කෘතියක රීතියට ගරු කිරීම ද කළ යුතු ය. වසර සිය දහස් ගණනක තිස්‌සේ ඔවුනොවුනට අනන්‍ය වූ රීතීන් ඒ ඒ සංස්‌කෘතීන් තුළ පැවතිණි. ලිත නීතිය නො වූ කල රීතිය නීතිය වන්නට ඇති බව සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් ලෝකය තනි යායක් කරන්නට තැත් කරන ඉසව්වේ එක් එක් රටවල අඩු හෝ වැඩි වශයෙන් එකිනෙක වෙනස් වෙමින් වුව ලිත නීති පද්ධතියක් ගෙන එන්නේ කිසියම් ආකාරයකට එක ම පාලන තන්ත්‍රයක් ස්‌ථාපනය කරන්නට ය. එය එක් එක් බටහිර ජාතීන් ලොව පාලනය කරන කාලයේ ස්‌ථාපනය කරන්නට කළ තැත මෙනි.
කුමන නීතිය ගෙන ආව ද, සංස්‌කෘතියක තිබෙන රීති ඉවත දැමිය නොහැකි ය. මන්ද යත් කල්ප කාලාන්තරයක් භාවිතයෙන් ම මේ රීති ස්‌ථාපනය වී ඇත්තේ මානව ගුණාංග නො නැසෙන්නට ය. සංස්‌කෘතියේ පැවැත්ම තහවුරු කරන්නට ය. මානව පැවැත්මේ අඛණ්‌ඩතාවට ය. මෙවැනි සංස්‌කෘතීන් අතර වසර 2000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්‌ථාපනය වූ සංස්‌කෘතිය අනර්ඝ ය. බෞද්ධ මත මූලික කරගත් රීති සමුදාය මෙරට සමාජයේ යහපැවැත්ම කදිමට තහවුරු කර ඇති බව පෙනී යයි. දවසේ සියලු කර්තව්‍යයන් හමාර කොට නිදහස් මනසකින් යුක්‌තව නින්දට යන්නට මෙරට ජනයාට අවසර ලැබුණේ එනිසා ය.
ආයුබෝවන් යන්න මෙරට සැම ගේ ම මුවග රැව් දුන් වචනයකි. ආයුෂ බොහෝ වේ වා යි තවත් අයකුට පතන්නේ හදවතින් ම ය. එසේ පතන්නට ඔහු පිළිබඳව යහපත් සිතිවිල්ලක් සිතෙහි පැවතිය යුතු ය. කුමන අමනාපයක් තිබුණ ද අලුත් අවුරුද්දේ අලුත් කරන්නේ එම සම්බන්ධයයි. යමකු කෙරෙහි සිතෙහි ඇති වන මෛත්‍රීසහගත සිතිවිලි එම පුද්ගලයා ගේ පමණක් නො ව එයට භාජන වන්නා ගේ සිතෙහි සහනයක් ඇති කරයි. මෛත්‍රී සිතිවිලි මනස සුවපත් කරනවා පමණක් නො ව භෞතික ශරීරයේ රසායනය ද යහපත් කරන අතර එනිසා නිරෝගී ශරීරයක් පවත්වාගෙන යැමට එය උපකාරයක් වෙයි. අයකු ගේ පෙර වැරැදි අමතක කර ඒ සියල්ලට සමාව දී දෙවියකු වන්නට මෙරට ජනයාට හැකි විය. එය වැරැදි කළ පුද්ගලයා ගේ නපුරු සංකල්පනා ඉවත් කර යහපත් වන්නට ලබා දෙන්නේ අගනා අවස්‌ථාවකි, මනා රුකුලකි. වැරැදි කළ ඇත්තන්ට යහපත් වී නැවත සමාජගත වන්නට දිරි දුන්නේ එලෙස ය.
ආගන්තුක සත්කාර අතින් ද ලොව ප්‍රමුඛ ම ජාතියක් වන්නට ශ්‍රී ලාංකිකයෝ අති දක්‌ෂයෝ වූ හ. ගෙදරට ගෙවදින කිසිවකුට හෝ වතුර උගුරක්, බුලත් වඩියක් නො දී පිටත් නො කෙරිණි. සැම විට ම සකස් වූ බුලත් හෙප්පුවක් සැම ගෙදරක ම විය. නිතර ම ගිනි ගෙයි වතුර රත් විය. බඩගින්නෙහි අමාරුකම ඔවුහු එකල දැන සිටිය හ. ජීවිතය ගෙන යන්නට ආහාර අවැසි බව ද, බඩගිනි නිවීම අයකු ගේ මනස ද සුවපත් කරන බව ද ඔවුහු මනා ලෙස දැන සිටිය හ. බුදුන් වදාළ ධර්මය දානයෙහි වටිනාකම ඉතා අපූරුවට උදාහරණ සහිතව පෙන්වා දී ඇත්තේ එම ශාරීරික අවශ්‍යතාව සපුරා නො දී කරන කිසිදු කර්තව්‍යයක් සඵල නො වන බැවිනි. මේ යහගුණය තවමත් ග්‍රාමීය සමාජය තුළ තිබෙන බව මම අත්දැකීමෙන් ම දනිමි.
කෘතගුණ සැලකීම මෙරට සංස්‌කෘතියේ එවැනි තවත් අපූරු ගුණාංගයකි. උදව් අවැසි විට කියන තෙක් නො සිට පැමිණ සොයා බලා කර දීම එකල අපේ ජනයා අතරේ විය. ඔවුහු එය අගය කොට ප්‍රතිඋපකාර කිරීම අත්‍යන්ත යුතුකමක් ලෙස සැලකූ හ. එකල මෙරට බොහෝ ජනයා ගේ කර්තව්‍යයන් සිදු වූයේ මෙලෙස ය. එකිනෙකාට උදවු කරගනිමින් තම සමාජ සම්බන්ධතා තර කරගැනිණි. ඝෘජු ව කෘතගුණ සැලකීමට නොහැකි වූ විට තවත් අයකුට එවැනි අවශ්‍යතා අවැසි විට කර දෙන්නට නොපසුබට වූ සංස්‌කෘතියක් අප සතු විය. තවමත් මෙරට සමාජයේ ඒ සඳහා උදාහරණ ඇත. එවැනි ගුණාංග ප්‍රගුණ කරගැනීම සමාජ සන්දර්භයේ මනා ස්‌ථාපනය සඳහා හේතු වේ.
ස්‌තූතිය, කෘතගුණ සැලකීමේ මූලිකම අඩිතාලම වෙයි. මෙරට සංස්‌කෘතියේ එම ගුණාංගය මානවයා ගෙන් ඔබ්බට ගොස් තිබුණු බව පෙනී යයි. ගොවියා තමාට උපකාර කළ කැත්තට උදැල්ලට ආදි උපකරණවලට පවා වැඳ නමස්‌කාර කළේ එහෙයිනි. කමතට අම්බරුවාට නිසි ගෞරවය ලබා දුන්නේ එහෙයිනි. ගසක් කපන විට තමාට කළ උදවු උපකාරය සිහි කොට වැඳ අවසර ඉල්ලූයේ එහෙයිනි. ජීවයේ අඛණ්‌ඩ බව රැක දෙන ජලයට අලුත් අවුරුද්දේ කෘතගුණ සලකන්නේ එහෙයිනි. එය ගෝත්‍රික බවෙන් ඔබ්බට ගිය අපූරු මානව ගුණාංගයක් බව අප සිහිතබා ගත යුතු ය.
කුමන හෝ විද්‍යාවක් විද්‍යාත්මක වන්නේ මෙවැනි ගුණාංගය ආරෝපණය වූ විට බව ය මා ගේ හැඟීම වන්නේ. එසේ නොමැති කල මිනිසා නසන උපකරණ සමගින් ක්‍රමවේද ඇති වන්නේ ම ය. එනිසා ම විද්‍යාත්මක චින්තනය තුළ සංස්‌කෘතික ගුණාංග හෝ ආගමික ගුණාංග හෝ නැති විය යුතු නැත.

Subscribe to:
Posts (Atom)
පත්මෙගේ භූ විද්‍යා අන්දර 07 කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...
-
භූ විද්‍යාව යනු කුමක් ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී...
-
කිරිගරුඬ පාෂාණ අලංකරණය This article was originally ublished in Divaina, 08.01.2020. https://divaina.com/daily/index.php/visheshanga3/377...
-
ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික තඹ යකඩ වෙළඳාම …!!! භූ සංචාරිතය 18 This article is originally published on Vidusara 15th July, 2020. ප...