විදුපත්ඉරුව
01.02.2017
"ලංකාවේ වැඩි ම වායු දූෂණය වාර්තා වෙන්නේ මහනුවරින් කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා කියලා කියන්නේ මාළිගාව ළඟ පාර වහපු එක ලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දූෂණය වැඩියි තමයි" මගේ මිත්‍රයෙක් මේ ලඟ දි දවසක පැවසුවේ බොහොම කණගාටුවෙන්. "මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක් හදන්න යෝජනා කරලා තියෙනව ලු. ඇයි දන්නෙ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාළිගාවත් බේරාගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුණා. අපේ මිනිස්‌සු හොඳ තීන්දු තීරණ ගන්න හරි ම පරක්‌කුයි." ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක් බලා පොරොත්තු නො වන වගක් හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ.
වායු දූෂණය සිදු වන්නේ වාහනවලින් විතරක් නො වෙයි. කර්මාන්තශාලාවලින් පිට වන දූෂ්‍ය වායූන් ද වායු දූෂණයට ප්‍රධාන හේතුවක්. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තදබල දූෂණයක්. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්‌ම ගැනීමේ පරම අයිතිය නො වේ දැයි ඔබ කී දෙනකු නම් කල්පනා කර ඇත්ද? එපමණක් නො ව, අප මේ උල්ලංඝනය කරන්නේ ඔක්‌සිජන් තම ස්‌වසන කර්තව්‍යය සදහා භාවිත කරන අනන්ත අප්‍රමාණ ජීවීන් ගේ අත්‍යන්ත අයිතිය නො වේ ද? මේ අයුරින් ම ජලය ද පස ද ඉතා ම අප්‍රසන්න ලෙස දූෂණයට ලක් කරන බව මා ඔබට අමුතුවෙන් පවසන්නට අවැසි නො වේ. ඉදින් මෙලෙස මේ අප යන්නේ කුමන ගමනක් දැයි කෙලෙසක වත් සිතන්නට නොහැකි බව ඔබට වැටහේ වි.
මිනිසා සමස්‌ත පරිසරයෙන් කෙතරම් වියුක්‌ත වී දැයි පසුගිය සතියෙක අප සාකච්ඡා කළ බව ඔබට මතකයට නැෙග් වි. එමෙන්ම පාරිසරික සාධකවලට අනුගත ව මිනිසා සංස්‌කෘතීන් බිහි කර ඇති අයුරු ද අපි තරමක් දුරට අප සාකච්ඡාවට ගත්තෙමු. ඒ සියල්ල සැලකිල්ලට ගත් කල, ඉතා දියුණු මොළයක සහ අපූරු ශරීරයක හිමිකරුවකු වී ඇති මිනිසා ගේ වර්තමාන ක්‍රියාකාරකම් කෙතරම් දුරකට ස්‌වාභාවික දැයි යන්න ඉතා ප්‍රබල විමසුමකට ලක් කළ යුතු ගැටලුවකි.
මෙලොව ජීවයේ අත්‍යන්ත අරමුණ වන්නේ එය දිගින් දිගට ම පවත්වාගෙන යැම බව ඉතා හොඳින් පැහැදිලි වන සත්‍යයකි. උභය ජීවීන්, ද උරගයන් ද, පක්‌ෂීන් ද මෙන්ම ක්‌ෂීරපායින් ද ඉහත සඳහන් කළ සත්‍යය තුළ ක්‍රියාත්මක වන බව අපි හොඳින් දනිමු. ඔවුහු දරු පරපුරක් බිහි කර තම පරම්පරාව ඉදිරියට පවත්වාගැනීමේ අසීරු සටනේ කොටස්‌කරුවෝ වෙති. පරිණාමයේ එක් එක් ආංශිකයන් ඔස්‌සේ මොවුහු ඉදිරියට යති. බැක්‌ටීරියා සහ ඇල්ගාවන් වැනි ප්‍රාථමික ජීවීන් ද මේ සන්දර්භය තුළ විවිධ උපක්‍රම භාවිත කර සිදු කරන්නේ මේ දෑ ම ය. තම ව්‍යාප්තිය සාර්ථකව සිදු කරගැනීම උදෙසා ජීවීන් සතු උපාය උපක්‍රම විවිධ ය. විචිත්‍ර ය. එමෙන් ම විටෙක සංකීර්ණ ය. සොබාවිකව හැඩගැසුණු මේ ජෛවීය ක්‍රියාදාමය පරිණාමිකව විවිධ හැලහැප්පීම්වලට ලක් ව විකසනය වෙමින් පවතින බව පෙනී යයි.
බැක්‌ටීරියාවන් ගේ ඒක සෛලය විඛණ්‌ඩනය වීම සර්ව සම දුහිතෘන් බිහි කරන්නට හේතු වෙයි. මෙය ප්‍රාථමික ජීවීන් පෙන්වන සරල ම ව්‍යාප්ති ක්‍රියාදාමයයි.ඉන් ඔබ්බට යත් ම බීජාණු නිෂ්පාදනයත්, දේහයන් කැබැලි වී සිදු වන ව්‍යාප්තියත් අලිංගික ක්‍රමවේදයන් වේ. වර්තමානයේ උසස් ශාකවල ව්‍යාප්තිය අතිශය පරිණාමයට ලක් වී ගොඩබිම ව්‍යාප්තියට හැඩගැසී ඇත. ඇත. ජලයෙන් ගොඩබට ආ ජීවීන් ද මුල් ම කාලයේ ඒ සදහා අවැසි වූ ජලය මත යෑපීම දැන් දැන් අවම කරගෙන ඇත්තේ වසර මිලියන ගණනාවක සිදු වූ පරිණාමයේ ප්‍රතිඵලයක් වශයෙනි.
උසස් ජීවීන් අලිංගික ව්‍යාප්තිය අත් හැරීම තුළ ඇත්තේ වඩා දියුණු සුරක්‌ෂිත ව්‍යාප්තිය පමණක් නො ව අලිංගික ව්‍යාප්තියේ ඇති දුර්වලකම් මගහැරීමක් ද විය හැකි ය. ද්වි ලිංගිකයන් බිහි වීම සත්ත්ව ලෝකය තුල ව්‍යාප්ත වන්නේ වඩා උසස් සහ අර්බුද අවම ජීවන රටාවක් බිහි කරගැනීම උදෙසා වෙයි. ද්විලිංගික ස්‌වරූපය ශාක ලෝකය ආක්‍රමණය කර ඇත්තේ ඉතා කදිම ආකාරයට ය. සැමට පොදු එහෙත් එක් එක් සත්ත්වයන් ගේ සුවිශේෂිතා විවිධාකාරයෙන් එම සතුන් ව්‍යාප්ත කිරීමට හේතු වී ඇත.
මේ රටාව දැනට ලොව ඇති උසස් ම ව්‍යාප්ති ක්‍රමවේදයයි. එය සැමට ඉහළින් සිටින මිනිසාට ද අනෙකුත් සතුනට මෙන්ම පොදු වූ ධර්මතාව වේ. මිනිසා ඇතුළු සත්ත්ව ලෝකයේ සියල්ලන් ගේ ම ද්විලිංගික ආකර්ෂණයේ අත්‍යන්ත අරමුණ වන්නේ පරම්පරාව ඉදිරියට ගෙන යැම පමණ ය. ජෛව ලෝකයේ පැවැත්ම ආරක්‌ෂා වන්නේ එලෙසිනි. මේ අනුව සොබාවික ලෝකය අනුමත කරන්නේ කුමක් ද යන්න සැමට ඉතා හොඳින් පැහැදිලි වෙයි.
සොබාවිකත්වයෙන් වියුක්‌ත වීම අනුමත කළ නොහැකි වන්නේ ඉන් කෙදිනක වත් ජීවයේ ප්‍රධාන අරමුණ සඵල නො වන බැවිනි. සැමට ඉහළින් සිටින මිනිසා ගේ ඉතා අපූරු සංවේදී සංස්‌කෘතිය තුළ දැන් දැන් විකසනය වන්නේ කෙතරම් දුරකට සොබවිකත්වය අනුගමනය කරන ක්‍රියාදාමයක් දැයි යන්න ගැටලුවකි. දියුණු සංස්‌කෘතීන් හිමි යෑයි පිළිගන්නා මනුෂ්‍ය කොට්‌ටාස පවා සොබාවිකත්වයෙන් මිදෙන්නට උත්සාහ දරන බව පෙනී යයි. ජීවයේ අත්‍යන්ත අරමුණ සාක්‌ෂාත් නො වීම යනු වැඩි කාලයක් යන්නට මත්තෙන් කෙතරම් දියුණු ජීවී කොට්‌ඨාශයක් වුව පෘථිවියෙන් අතුගා දැමෙන්නට ඉතා ප්‍රබල ලෙස බලපාන හේතුවක් බව සංස්‌කෘතියේ සහ සභ්‍යත්වයේ දිග පළල සොයන්නන් මෙන්ම මානව හිමිකම් සහ සත්ත්ව හිමිකම් පටලවාගන්නන් හොඳින් තම මතකයේ රඳවාගත යුතු ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ