2015.10.07
අනෙක් විශේෂත්වය වන්නේ මහාචාර්ය මාරි කියුරි තම උපන් බිම වන පෝලන්තයට දැඩි ව ආදරය කිරීමයි. එනිසා ම ඈ විසින් සොයාගන්නා ලද එක් මූලද්‍රව්‍යයක් තම මවු බිමට ගරු කිරීමක් ලෙස "පොලෝනියම්" යෑයි ඇය නම් කළා. ඈ සොයාගත් දෙවැනි මූලද්‍රව්‍යය වන්නේ රේඩියම්.
ඉතා ම කැප වීමෙන් තම පර්යේෂණ මෙහයවූ ඇය මුල් අවධියේ දී දුෂ්කර ජීවිතයක් ගත කළ බව සදහන්. කෙසේ වෙතත් පර්යේෂණ සදහා ප්‍රමුඛතාව ලබා දුන් මහාචාර්ය මාරි කියුරි බටහිර විද්‍යා ලෝකය තුළ උත්කෘෂ්ට විද්‍යාඥවරියක වූ ආකාරය කදිමයි, පරමාදර්ශීයි.
අප සිදු කරන්නාවූ සැම කර්තව්‍යයක් ම සදහා කැප වීම සහ උනන්දුව අත්‍යවශ්‍යයි. එය විද්‍යා ලෝකය තුළ දී තීරණාත්මක කරුණක්. තම දිවිය ම පර්යේෂණ උදෙසා කැප කරන තැනැත්තන් එකල සිටියා. පර්යේෂණ සදහා වූ කුතුහලය සහ එයින් ලබන්නා වූ ප්‍රතිඵල තම වින්දනය බවට පත් කරගෙන ඇති බව බොහෝ විද්‍යාඥයන් ගේ ජීවිත ගමන නිරීක්‌ෂණයෙන් පැහැදිලි වනවා. ඒ හේතුවෙන් නවතම මෙන්ම බොහෝ සැඟවුණු දේ ද ලෝ වැසියන්ට ඉදිරිපත් කරන්නට ඔවුනට හැකි වී ඇති බව නොරහසක්. මෙලෙස එක් අයෙක් විසින් සිදු කරන ලද පර්යේෂණ ලොවෙහි ගමන් මග නිති වෙනස් කරන්නට හේතු වී ඇති බව ඔබට වැටහෙනවා නිසැකයි.
අද වන විට බටහිර විද්‍යාව ලොව පුරා පැතිරී ගොසින් එනිසා ම විවිධ අධ්‍යයන ක්‌ෂේත්‍රයන් ලොව බිහි වෙලා. සන්නිවේදන තාක්‌ෂණය දියුණු වීමත් සමග ම එය වඩා ප්‍රබලව ව්‍යාප්ත වී තිබෙනවා. විවිධ පර්යේෂණ, නව සොයාගැනීම් සහ නවතම නිෂ්පාදන අසුරු සැණින් දැනගැනීමටත් එනිසා හැකියාව ලැබී තිබෙනවා. නිර්ව්‍යාජ පර්යේෂණ මෙන්ම ව්‍යාජ පබැදුම්වලට ද මෙනිසා අවකාශය ලැබෙනවා. කෙසේ වෙතත් ඒ අතරින් සත්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් මෙලොවෙහි "සදාකාලික" වී සිටිනවා.
ශ්‍රී ලංකාවේත් පසුගිය දශක කිහිපය තුළ ඉතා ශීඝ්‍රව බටහිර විද්‍යාව ප්‍රමුඛ ලෙස පැතිරෙමින් පවතිනවා. ඇත්තෙන් ම අප රටෙනුත් ලොවට විද්‍යාඥයන් බිහි වන්නේ ද? මේ කරුණ ඉතා සියුම් ව විග්‍රහ කළ යුත්තක්. මෙරටෙහි විද්‍යාව ප්‍රචලිත කරන්නා වූ සහ විද්‍යාඥයන් බිහි කරන්නා වූ ආයතන තිබේ ද? බටහිර විද්‍යාවේ විවිධ විෂය පථයන් නියෝජනය කරන්නා වූ ආයතන මෙරටෙහි ඇතත් ඒවා කෙලෙස කොපමණ ආකාරයෙන් විද්‍යාඥයන් හෝ පර්යේෂකයන් බිහි කරන්නා වූ තිඹිරි ගෙවල් වී ඇත් ද යන්න ගැටලුවක්. අපරදිග හෝ පෙරදිග දැනුම් පද්ධතිය මූලික කරගෙන බිහි වන පර්යේෂකයන් ඇත්තේ ඉතා අතළොස්‌සක් බව පෙනී යන සත්‍යයක්. එසේ නම් ගැටලුව ඇත්තේ කොතැන ද? එය කුමක් විය හැකි ද?
මෙරටෙහි ප්‍රධාන විශ්වවිද්‍යාල ඒ සදහා කොපමණ දායකත්වයක් දක්‌වන්නේ ද? නිදහස් චින්තනයකින් හෙබි දක්‌ෂ තාර්කිකයන් සහජයෙන් බිහි වුවත් අද පවතින අධ්‍යාපන රාමුව තළ ඔවුන් සිරකරුවන් බවට පත් කරන්නේ ද යන්න විටෙක පැන නඟින පැනයක්. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්‌ටමේ පර්යේෂණ සහ සොයාගැනීම් උදෙසා දායකත්වය සපයා ඇති බව නොරහසක්. එයින් පෙනී යන කරුණ නම් බොහෝ දක්‌ෂයන් මේ අතර වන බවයි.
පර්යේෂණයේ දක්‌ෂයන් හට නියමාකාරයෙන් තම පර්යේෂණ සිදු කිරීම සදහා අවස්‌ථාව මෙරට පරිපාලන සන්දර්භය ලබා දෙන්නේ ඉතා ම අඩුවෙන් බව ප්‍රායෝගිකව අත්දැකීමට හැකි කරුණක්. වෘතිකයන් ආයතනික රාමුව තුළ දී "විද්‍යාඥයන්" ලෙස හදුන්වා දුන්නත් ඔවුන් විද්‍යාඥයන් ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට කොපමණ යොමු කරන්නේ ද, ඒ සදහා කෙලෙස පොලඹවන්නේ ද යන්න සාකච්ඡා කරන විට පෙනී යන කරුණ නම් එය ඉතා ශෝචනීය තත්ත්වයක් බවයි. තම ආයතනය තුළ නමට පමණක් "විද්‍යාඥයන්" බඳවාගන්නා මෙරට ඇති ආයතන ඔවුන් ගේ නිදහස් චින්තනය "අට-පහ" කාර්යාල කාල සීමාවට පමණක් සීමා කරන බව අත්දුටු සත්‍යයක්. "පැය අටේ" සේවය තුළින් ලැබෙන්නා වූ සොච්චම් වේතනයකට හිර කර ඇති මේ ආයතනවල සේවය කරන දක්‌ෂ පර්යේෂකයන් ගේ සේවය නිසි ලෙස යොදවාගැනීමට නිවැරැදි නිශ්චිත වැඩපිළිවෙළක් සකස් වී නො තිබීම සහ ඔවුන් නිසි ඇගයීමකට ලක් නො වීම නිසා දක්‌ෂයන් එම ආයතනවලින් බැහැර වී පර්යේෂණ සිදු කළ හැකි වෙනත් අවස්‌ථාවන් සොයා යන බව ද එසේත් නැතිනම් ඒ සියල්ල අතහැර මුදල් සෙවීම අරමුණ කරගෙන විදෙස්‌ගත වන බව ද ඉතා පැහැදිලි කරුණක්. එලෙස මෙරටින් බැහැර ව ඉහත කී ආකාර දෙකෙන් ම සාර්ථක වූවන් සදහා බොහෝ සාක්‌ෂි තිබෙනවා. මෙරට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල අප විසින් ම වෙනත් රටවලට භුක්‌ති විඳීමට සලස්‌වනු ලබන්නේ මේ ආකාරයෙන් බව සැමට මනාව තේරුම් යන්නක් නො වේ ද ?
මෙහි දී වැටහී යන තවත් කරුණක් වන්නේ අදූරදර්ශී සහ ළපටි ආයතනික නායකත්වය ද මේ සදහා ප්‍රබල හේතුවක් වන බවයි. මුහුකුරා නො ගිය පරිපාලන නායකත්වයේ ප්‍රතිඵල වන්නේ පර්යේෂණ හෝ විද්‍යාත්මක යෙදීම්වල අවශ්‍යතාව නිසි පරිදි හදුනා නො ගැනීමයි. පුද්ගල දායකත්වය සහ පුද්ගල දක්‌ෂතා හඳුනා නො ගැනීමයි. විද්‍යා සහ පර්යේෂණවල දැනුමේ භාවිතය මෙරටෙහි ආර්ථික වර්ධනයට දක්‌වන දායකත්වය ඇසුරු සැණෙකින් සහ Rජු ව ම නො පෙනුණත් දීර්ඝ කාලීනව සිදු වන බලපෑම එනිසා ම මෙවැන්නන් හට නො පෙනන බව නම් කිව යුතු නැහැ. මෙවැනි පසුබිමක විද්‍යා පර්යේෂකයන් මෙරටෙහි කෙසේ නම් බිහි වන්න ද?
පෙරදිග හෝ අපරදිග හෝ වේ වා, විද්‍යාව නම් සත්‍ය ගවේෂණයයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment