ශ්‍රී
ලාංකේය ප්‍රාග් කාලගුණික තත්වය
බුන්දල
සහ පතිරාජවෙලඵෛතිහාසික වශයෙන් මෙන්ම භූ
විද්‍යාත්මකවද වැදගත්මක් ඇත්තාවූ ස්ථාන දෙකකි. ශ්‍රී ලංකික මානව වංශ කතාවේ දැනට
පැරණිම සාධක හමු වි ඇත්තේ මෙම පතිරාජවෙල සිදු කෙරුණ කැණිමකිනි. වසර එක්ලක්ෂ විසිපන්දහසක් (125000) පමණ පැරණි ගල් ආයුධ මෙම ස්ථානයෙන් හමු වි ඇත. භූ
රුපණය සැලකීමේදී මෙම ස්ථානය වර්තමාන මුහුදු මට්ටමේ සිට මීටර 15ක් පමණ උසකින්
පිහිටා ඇති අතර, කැණීමට අනුව මෙම ගල් ආයුධ ලැබෙන්නේ ගංගා ගැලීමෙන් ඇති වූ අවසාදිත
තැන්පතුවකයි. එසේ නම් මෙම ගංගා තැන්පතුව වර්තමාන මුහුදු මට්ටමට වඩා ඉහලින්
පිහිටන්නේ කෙසේද යන්න පැරණි මුහුදු මට්ටම් උච්චාවචනය සහ සබැඳේ. පෙබලු සහ බොරළු
වලින් සමන්විත මෙම තැන්පතුව භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ ගංගාවක
මධ්‍යම අවදියේ තැන්පතුවක් බවයි. එසේ නම් ගංගාවේ වෘධ අවදිය පිහිටන්නේ තව බොහෝ
පහලිනි. මෙමගින් පැහැදිලිවන්නේ මෙම තැන්පතුව නිර්මාණය වන්නේ මුහුදු මට්ටම පහළ ගිය
කාලයක බවයි. එම කාලය බොහෝ විට ලොව පැවති අවසාන අයිස් යුගය විය යුතුය. මානව වංශ
කතාව ආරම්භවන්නේ අදින් වසර මිලියන් දෙකකට පමණ පෙරය. එම කාලය භූ විද්යත්මකව
හඳුන්වන්නේ “චාතුර්ථ අවධිය” (Quaternary Period) ලෙසයි.
ලෝකයේ
ආරම්භයේ සිට සැලකුවිට ප්‍රධාන වශයෙන් අයිස් යුග පහක් තිබී ඇති බව පර්යේෂණ වලින්
සොයාගෙන ඇත. පැරණිම අයිස් යුගය වාර්තා වි ඇත්තේ මෙයට වසර් මිලියන 2.4-2.1 කලිනි. ඒ
ප්රෝටෙරෝසොයික් (Proterosoic) යුගයේයි. මෙම කාලය තුලදී සාගර වල බහුලව හරිත ඇල්ගාවන්
වර්ධනය වූකාලයයි. ප්‍රභා සංස්ලේෂණය ප්‍රමුඛ වූ මෙම කාලයේ දී වායු ගෝලය ඔක්සිජන්
වායුවෙන් අනුන විය. මෙම අයිස් යුගය “
හියුරෝනියන් (Huronian)”ලෙස හදුන්වන ලැබේ.දෙවන අයිස් යුගය වන “ක්‍රියෝජිනියන්
(Cryogenian) ” වාර්තා වන්නේ වසර මිලියන 850-650 ත් අතර කාලයේදීය. මෙම කාලයේදී ධ්‍රැවාසන්නයේ
වූ අයිස් තට්ටු සමකාසන්නයටම පැතිරී ඇත. මෙම යුගය අවසාන වත්ම ජීවයේ මහා
විවිධාංගිකරණය ඇති වූ අතර එම නිසා නා නා ජීවින් ලොව පහල විය.එකල ඇති වූ අධික
ගිනිකඳු පිපිරීමෙන් නිකුත් වූ හරිතාගාර වායුන් නිසා මෙම අයිස් යුගය අවසාන වි ඇත. තෙවන
අයිස් යුගය ‘ අන්ඩියන්-සහරන් (Andean-Saharan)” ලොව ඇති වන්නේ වසර මිලියන 460-430
අතර කාලයේදීයි. මෙම කාලයේදී සාගර වාසි ජීවින් 60% පමණ වඳ වි ගොස් ඇති අතර මාළුන්ගේ
විවිධත්වය ඇති විය. කාරූ (Karoo) අයිස්
යුගය වසර මිලියන 360-260 ක පමණ කාලයේදී ඇති වි යැයි පර්යේෂණ වලින් තහවුරු වි ඇත.
එකල්හි ගොඩබිම බහුල වූ වෘක්ෂලතා හේතුවෙන් වායුගෝලයට නිදහස් කරන ලද අධික ඔක්සිජන්
ප්‍රමාණය මේ අයිස් යුගය සඳහා හේතුවන්නට ඇති බව විද්‍යාඥයින් විශ්වාස කරයි.
අවසාන
අයිස් යුගය වන මා ඉහත සඳහන් කල “ප්ලියෝසින- චාතුර්ත” අයිස් යුගය වසර මිලියන 2.8 කට පමණ පෙර
ආරම්භ වි ඇත. අවසනය ආරම්භ වන්නේ වසර 20,000-10,000 ක පමණ කාලයේදීයි. අයිස් යුග අතර
කාලය “අන්තර් අයිස් යුග” ලෙස හදුන් වන අතර,
මෙම කාලය බොහෝ විට ලොව කොහේ හෝ අයිස් නොවන්නට ඇති බව විස්වාස කරයි. අද ගතවන
මෙම කාලය “හොලොසින (Holocine)” ලෙස හදුන්වන අතර මෙම කාලය චතුර්ථ අවදියේ අවසාන කාල
සීමාවයි. එනම් අප මේ ගත කරන්නේ අවසාන අයිස් යුගයේ අවසාන භාගයේයි. කෙසේ වෙතත් මෙම
කාලයේ අවසාන වසර 10,000 අතර ශ්‍රී ලංකික වෙරලාසන්නයෙන් සොයා ගත් සාධක අනුව තෙවරක්ම
මුහුදු මට්ටම උච්චාවචනය වි ඇත. අයිස් යුග ඇති වූ සැම කල්හිම ලොව බොහෝ සේ වියළි
කාලගුණික ස්වරුපයක් ගෙන ඇත. එම නිසා ලංකාවේද එසේ සටහන් වූ වියලි කාලගුණික තත්වයන්
තුනක් ඇති බව භූ විද්‍යාඥයින් විසින් දැනට සිදු කරන ලද පර්යේෂණ වලින් හෙළි වි ඇත.
පෙර
සදහන් කල බුන්දල වැලිකඳු වල වූ වැලි වල කාලනිර්ණයෙන් එම වැලිකඳු වසර මිලියන 80000
ක් පමණ පැරණි බව සොයා ගෙන ඇත. වැලි කඳු ඇති වන්නේ සුවිශේෂී කාලගුණික තත්ත්ව
යටතේයි. ඒ සදහා ප්‍රභල වියලි කාලගුණික තත්වයක් තිබිය යුතුය.
ආචාර්ය
පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment