Monday, 11 June 2018

විකෟතවූ විජානනයෙක් ..


හැරුණා ආපසු හනි හනික

බලා ඉන්නට බැරිව

විභාජනයෙන් දෙබිඩි වී

බෙදී බෙදී වෙන් වෙවී..

සෑම අඩ හෝරාවකට පසු  

දෙගුණ වන ඇමීබාවන්

තව සුළු මොහොතකින්

පිරි ඉතිරි යාවි

එගා(ර්) පිරුණ පෙට්‍රි දීසිය..

ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගෙන් විකසනව

මොළය ඇති කඳක් නැති 

ඒක සෛලිකයා..

මෙන්න හරි වැඩක්..

කෑ ගැසුවා අන්වික්ෂයේ ඇහැ තියන්

වෙන් නොවූ දෙබිඩ්ඩෙක්

හරිම පුදුමයි.. හරිම පුදුමයි

විකෟතවූ විජානනයෙක්..

ඉතින් හොයාපල්ලාකො

මුගේ කිත්තන්ද කිරිකිත්තන්ද

සමග නත්තන් හා පනත්තන්ද

මදි වුනොතින් හෙම  කොස් පොත්තන්ද

වර්ණදේහයේ සුළු වෙනසෙන් 

වෙසෙසින්ම වූ දේහ වර්ණයේ රහස

පරිණාමයේ අපුරුව...........!!!!



ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

භූ කම්පා සහ සොබාවික උපද්‍රව ස්වභාවික උපද්‍රව අතර භුය් කම්පා පිළිබඳව ලෝකයේ දැඩි අවධානය යොමු වී තිබේ මන්දයත එමගින් සිදුවිය හැකි ව්‍යසනය එතරම...