විදු පත් ඉරුව
2018.09.09
පසුගිය සතියේ විදු පත් ඉරුවෙන් අපගේ කතාබහට ලක් වූයේ ඉලක්‌කගත නො වූ පර්යේෂණවල
ඇති වැදගත්කම ගැනයි. මෙවර ද එහි වැදගත්කම ඉස්‌මතු කරන කාලීන සිදුවීම් දෙකක්
පිළිබඳව ස`දහන් කළ යුතු බව සිතමු. එක් කාරණයක් වන්නේ එක්‌තරා බහු ජාතික
සමාගමකින් කැලණි ගඟට තෙල් මුසු වීමේ සිදුවීමයි. මෙයට වසර ගණනාවකට පෙර මෙරටෙහි
ගංගා ජලයෙහි ස්‌වභාවය නිර්ණය කිරීමේ පර්යේෂණයක් "පවිත්‍ර ගංගා" නමින් දියත් වූ
අතර එම`ගින් කාලයත් සමග ජලයෙහි ගුණාත්මක බව අධ්‍යයනය කෙරිණි. පසුකාලීනව එය
දිගින් දිගට සිදු වූවා ද හෝ සිදු වෙමින් පවතින්නේ ද යන්න නො දන්නා නමුත් එම
ව්‍යාපෘතිය ඉතා අගය කළ යුත්තකි. එම`ගින් පසුතල දත්ත සමූහයක් එක් කරගැනීමට
හැකි වන්නට ඇත. එය වර්තමානයේ සිදු වන ජල දූෂණයන් හා සැසඳීමට මහඟු උපකාරයකි.
කැලණි ගඟෙහි තෙල් එක් වීමෙන් වූ දූෂණය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව සංසන්දනය
ස`දහා මේ දත්ත උපයෝගී වන්නට ඇත. මෙහි දී මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇති
ආකාරය ද ප්‍රශංසනීය වන අතර තෙල් ඉවත් කර ජලය පිරිසිදු කිරීමටත් ජල පොම්පාගාරවලට
සිදු වූ හානිය ප්‍රතිපූරණය කිරීමටත් වැය වන මුදල අදාළ සමාගමෙන් අය කරගැනීමට
කටයුතු සිදු කර ඇති බව විදුසර පසුගිය සතියේ පළ කළ පුවතක ස`දහන් විය.
මේ අතර ශ්‍රී ලංකා රජය විශේෂයෙන් ම ජනපතිවරයා 2018 වන විට ඇස්‌බැස්‌ටෝස් නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇත. මූලික හේතුව වී ඇත්තේ එම`ගින් ඇති වන සෞඛ්‍ය ගැටලු ය. ඇස්‌බැස්‌ටෝස් නිෂ්පාදනවලින් වාතයට එක් වන ඇස්‌බැස්‌ටෝස් තන්තු පෙනහලුවලට ඇතුළු වීමෙන් ඒ ආශ්‍රිතව පිළිකා ඇති වන බව විවිධ පර්යේෂණවලින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ කතා බහට ලක් වෙයි. එම තන්තු දිගුකාලීනව පෙනහැල්ලේ රැඳීමෙන් හෝ අයකු දිගුකාලීනව එම තන්තු මිශ්‍රිත වාතයට නිරාවරණය වීමෙන් මේ රෝගවලට ගොදුරු වන බව විශ්වාස කෙරෙන අතර මේ ස`දහා අවුරුදු 10 සිට 40ක පමණ කාලයක් ගත වන බව කියවේ. එයින් පෙනී යන්නේ ඇස්‌බැස්‌ටෝස් නිහ`ඩ මාරයකු බවයි. කෙසේ වෙතත් දිගුකාලීනව මේ තත්ත්වයන්ට ප්‍රධානව මුහුණ පාන්නේ ඇස්‌බැස්‌ටෝස් පතල්වල සහ ඇස්‌බැස්‌ටෝස් නිෂ්පාදනාගාරවල සේවය කරන්නන් මෙන්ම ගොඩනැ`ගිලි කර්මාන්තයේ නියෑළෙන්නන් ය. ඇස්‌බැස්‌ටෝස් නිෂ්පාදන ම`ගින් කිසියම් කාලයකට මේ තන්තු සිර කර තැබුවත්, කාලයක් ගත වන විට සිදු වන වියෑකීම හේතුවෙන් සිහින් තන්තු වාතයට නිරාවරණය වීම සිදු විය හැකි බව සොයාගෙන ඇත.
කර්මාන්ත මූලිකව ඇස්‌බැස්‌ටෝස් භාවිතය කරළියට පිවිසෙන්නේ දහ නව වැනි සියවසේ අගබාගයේ දී ය. කෙසේ වෙතත් ලෝකයේ මේවා භාවිතය පිළිබඳ ඉතිහාසය අවුරුදු 4500කට වඩා ඈතට දිවෙන අතර ෆින්ලන්තයේ "ජුජරාවී" විල අසල විසූ ජනයා තමන් ගේ ඉහුම්පිහුම් හට්‌ටිමුට්‌ටි ස`දහා මේවා හාවිත කළ බව වාර්තා වේ. මේ ඇස්‌බැස්‌ටෝස් පසුකාලීනව ඉතා බහුලව ලෝකයේ ව්‍යාප්ත වන්නේ එහි පවත්නා අපූරු ගුණ සමුදාය හේතුවෙනි. ශබ්දය උරාගැනීමේ හැකියාව, ගින්නට ඔරොත්තු දීම, තාප සහ විද්යුත් පරිවාරක බව සහ මධ්‍යස්‌ථ ආතන්‍ය බව යනාදී ගුණාංග මේ අතර ප්‍රධාන වෙයි. ඇස්‌බැස්‌ටෝස් නිෂ්පාදන ප්‍රධාන වශයෙන් නිමවන්නේ ඇස්‌බැස්‌ටෝස් නම් වූ ස්‌වාභාවිකව ලබාගන්නා "මැග්නීසියම් සිලිකේටය" සිමෙන්ති සමග මිශ්‍ර කිරීමෙනි.
ස්‌වාභාවික ඇස්‌බැස්‌ටෝස් ලෙස පොදුවේ හැ`දින්වෙන්නේ ඛනිජ 6කින් යුක්‌ත වන ඛනිජ ගොනුවකට ය. මහතට වඩා දිගින් වැඩි ස්‌ඵටිකමය ව්‍යqහයක් හිමි මේ ඛනිජ කුලකයට එහෙයින් වඩාත් සුවිශේෂී කෙඳිමය බව ලැබී ඇත. මේ පියවි ඇසට පෙනෙන ස්‌ඵටිකමය කෙන්දේ ඇසට නො පෙනෙන මිලියන ගණනක් වන සිහින් තන්තුමය කෙඳි අඩංගු වේ. එනිසා ඇතිල්ලීමෙන් ඉතා පහසුවෙන් මේ තන්තු වායුගෝලයට නිදහස් වේ. මේ කුලකයට අයත් වන ඛනිජ වන්නේ ට්‌රිමොලයිට්, ඇක්‌ටිනොලයිට්, ඇමොසයිට්, ක්‌රෝසිඩොලයිට්, ඇන්තොෆිලයිට් සහ ඇස්‌බැස්‌ටෝස් වන අතර මුලින් ස`දහන් කළ ඛනිජ දෙක ලංකාවේ ද හමු වේ. කොළ, රතු, නිල්, කහ සහ සුදු පැහැයෙන් යුක්‌ත මේ ඛනිජ විටෙක මැණික් ඛනිජ ලෙස ද නමක් දිනා ඇත.
ක්‍රිස්‌තු පූර්ව 61-114 දක්‌වා රෝමයේ වාසය කළ නීතිඥයකු ලෙස මෙන්ම ලේඛකයකු ලෙස ද ප්‍රචලිත "ප්ලිනි" නමැත්තා ඇස්‌බැස්‌ටෝස් පතල්වල සේවය කළ වහලුන් මෙම`ගින් අසනීප වූ බව සටහන් කර ඇත. 1899 දී පමණ දොස්‌තර මොන්ටේගු නමැත්තා ද මේ ද්‍රව්‍යයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ යම් අධ්‍යයනයක් කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මේ සම්බන්ධ මරණයක් පිළිබඳව ප්‍රථම සටහන හමු වන්නේ 1906 දී ය. "ඇස්‌බෙස්‌ටෝසිස්" නම් වූ පිළිකා රෝගී තත්ත්වය 1924 දී එංගලන්තයේ රෝගියකු ගෙන් ප්‍රථම වරට නිරීක්‌ෂණය කරන ලදී. එහි දී "නෙලි කර්ෂෝව්" නමැත්තිය ගේ පෙනහළුවල ඇස්‌බැස්‌ටොස් කෙඳි පැවැති බව අනාවරණය කරගැනීමට හැකි වී ඇත.
අද වනවිට ශ්‍රී ලංකාවේ මේ නිෂ්පාදන බහුලව භාවිත වන අතර මේවා දසත පැතිර ඇත්තේ එහි ඇති අපූරු ගුණාත්මක බවට අමතරව සාපේක්‌ෂව අඩු මුදලකට මිල දී ගත හැකි බැවිනි. තහනම තුළ අභියෝගයට ලක් වන්නේ මෙරට බහුතරයක දුප්පත් ජනතාව ගේ භාවිතාව වන අතර 2018ට පෙර නිසි විකල්ප ඉදිරිපත් නො කරන්නේ නම් ගොඩනැ`ගිලි ක්‌ෂේත්‍රය බලවත් අර්බුදයකට ලක් වන බව ද කිව යුතු ය. කෙසේ වෙතත් මෙහි ඇති අහිතකර බව දැන දැන ම මෙරටට බොහෝ කාලයක සිට මේවා ආනයනය කර ඇති බව පෙනී යයි.
ශ්‍රී ලාංකික පර්යේෂණ ක්‌ෂේත්‍රය තුළ මේවා භාවිතය ඇති කරන සෞඛ්‍ය ගැටලු පිළිබඳව කිසියම් හෝ විධිමත් අධ්‍යයනයක් සිදු කර ඇති බවට ඇති සාධක අල්ප ය. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කර අධ්‍යයනයන් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය වේ. මෙරටෙහි තීන්දු තීරණ ගැනීමේ ඇති අපූරු කලාව පිළිබඳව ද යම් කරුණක් මෙහි ලා ස`දහන් කළ යුතු ය. මොනෝ සෝඩියම් ග්ලූටමේට් (MSG) නම් වූ ආහාර රසකාරකය දියවැඩියාව වැනි විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව ද දුම් පානය පිළිකා ඇති කිරීමට හේතු වන බව ද සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ නිරන්තර සාකච්ඡාවට බඳුන් වන බව නොරහසකි. එහෙත් මේවායේ භාවිතය තහනම් කිරීමට පරිපාලනය කටයුතු නො කිරීම හා සැසඳීමේ දී මෙවැනි තීරණ කෙතරම් අභියෝගයකට ලක් වන්නේ දැයි යන්න ද කල්පනා කළ යුතු වේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ