Soilbioengineering
පත්මෙගේ භූ විද්‍යා අන්දර 15
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
ශාක සහ පස අතර ඇත්තේ කදිම සම්බන්ධයක්. එය එක්තරා ආකාරයකට පවතින සහජීවනයක් ලෙස ද හැඳින්විය හැක. පසේ ස්ථාවරත්වය පවත්වාගෙන
යාම සඳහා ශාක මහඟු සහයක් ලබා දෙයි.
පසේ අස්ථාවරබව ඇතිවන්නට කරුණු ගණනාවක් හේතු වෙයි. ඉන් ප්‍රධාන වන්නේ පස්
අංශු අතර සම්බන්ධය බිඳ වැටීමයි. ඒ සඳහා ජලය හේතුවක් වෙයි. පසට එකතුවන ජලය පාංශු අභ්‍යන්තරයේ
පාංශු කණිකා බන්දන බිඳ හෙලීමට සමත්වන්නේ ජල පීඩනය වැඩිවීමෙන් පමණක් නොවේ. ජල අංශුවල
ගුණ ද මේ සඳහා හේතු වෙයි. මෙය අවසානයේදී නය යාමට තුඩු දෙයි.
මේ තත්වය උග්‍ර වන්නේ මධ්‍යම කඳුකරයේය. මානව ක්‍රියා නිසා මේ තත්වය තවත්
වර්ධනය වී ඇත. කෘත්‍රිම ක්‍රම වේද අනුගමනය කිරීම වියදම් අධික කරයි. එනිසා එවැනි ස්ථාපන
ක්‍රමවේද ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථිකමය ලෙස ගැලපෙන්නේ නැතැයි සිතේ.
ශාක වල සුවිශේෂිතාවය වන්නේ ඒවා පාංශු ස්ථාවරත්වය සඳහා යොදාගත හැකි වීමයි.
ශාක මූල පද්ධතිය එහිදී වඩා වැදගත් වන්නේ ඒවාට පාංශු කණික රඳවා තබා ගැනීමට ඇති හැකියාව
නිසායි. සමහර ශාක වල ඇත්තේ ඉතා හොඳින් වර්ධනය් වූ සංකීර්ණ මූල පධතියකි. විශාල ප්‍රමාණයක්
ශාකා මුල් පැවතීම පාංශු කණිකා අල්ලා තබා ගන්න ජාලයක් වහ්ස්යෙන් ක්‍රියාත්මක වේ, එනිසා විශාල ප්‍රදේශයක් පුරා පවතින පාංශු දේහයන්
රඳවා තබා ගත හැකිය. සමහර පඳුරුමය ශාකා මෙම ගුණ පෙන්වයි.
ඉතා ගැඹුරු මූල් පද්ධතියක් හිමි ශාක මගින් හොඳින් පසට තල්ලුවක් ලබා දිය
හැකිය. අස්ථාවර වූ පාංශු දේහ රඳවා තබන නැන්ගුරමක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව ඇත.
එනිසා නය භුමි වල පාදම ස්ථාවර කිරීම සඳහා මෙවැනි ශාක භාවිත කල හැක.
අධිකව ජලය උරා ගෙන ඒවා උත්ස්වේදනය මගින් ඉවත් කරන ශාක ද වෙයි. මෙවැනි
ශාක ද නාය පාංශු ස්ථාවරත්වය සඳහා භාවිත කල හැක. බොහෝ විට ශ්‍රී ලංකවේ නාය යෑම
සිදුවන්නේ අධිකව ඇතිවන ජල පීඩනය හේතුවෙනි. පාංශු දේහය තුලට එකතුවන ජලය ඉවත්කිරීමට අධික
උත්ස්වේදනයක් සහිත ශාක භාවිත කල හැක.
පාංශු අස්ථාවරත්වය ඒ මත ති බර වැඩිවීම නිසා ද සිදුවිය හැකි නිසා මේ සඳහ
යොද්ගන්න ශාලා වල බර සහ විශාලත්වය පිළිබඳව අප සැලකිලිමත විය යුතුය. බර අඩු කුරු ශාක
නාය හිස සහ මැද කොටසට ද බර වැඩි ශාක නායේ පාදම කොටසටද භාවිත කල හැක.
මෙවැනි ශාක භාවිතය “පාංශු ජෛව ඉංජිනේරු ක්‍රමය” ලෙස මවිසින් මේ වන විටත්
ශ්‍රී ලංකවට හඳුන්වා දී ඇත. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුල කතා බහක් සහ පර්යේෂණ ක්‍රියාත්මක
වෙමින් පවතින් බව ද කිව යුතුය.