හොර්ටන් තැන්න
පත්මෙගේ භූ විද්‍යා අන්දර 11
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
හොර්ටන් තැන්න අප සතු ජතුජ සම්පතකි. එහි වෙසෙන සතුන් සහ ශාක උඩරට කඳුකරය
නියෝජනය කරන ප්‍රජාවකි. මේ සියල්ල සඳහා පසුබිම සකස් කර ඇත්තේ එහි භූ විද්‍යාවයි.
හෝර්ටන් තැන්නේ අසිරිය විඳින්නට නම් එහි භූ විද්‍යාත්මක පසුබිමත් දන සිටීම ඉතා වැදගත්
වේ. ඒ සඳහා යම් තරමකට හෝ ඔබ සතුව භූ විද්‍යත්මක දැනුමක් තිබිය යුතුය. කෙසේ නමුත් හෝර්ටන්
තැන්නේ භූ විද්‍යාත්මක පසුබිම කුමක්දැයි අප විමසා බලමු.
හෝර්ටන් තැන්න අයත්වන්නේ භූ විද්‍යාත්මකව උස්බිම් සංකීර්ණයට වන අතර මෙහි
පවතින සියලු පාෂාණ ඉතා ඉහල උෂ්ණත්වයකට සහ ඉතා ඉහල පීඩනයකට ලක්ව බිහි වූ පාෂාණ වේ.
මේවා ප්රොටේරෝසොයික් කාලවකවානුවට අයත් වන විපරිත පාෂාණ වේ. කරන ලද කාලනිර්ණයන්ට
අනුව වසර මිලියන 2100 ක් පමණ පැරණි පාෂාණ බව වාර්තා වේ. ඉන් පැහැදිලි වන්නේ මෙම පාෂාණ
පැරණි පෘථිවිය ආරම්භයේ පෘථිවි කබොල නිර්මාණය කරන ලද පාෂාණ බවයි.
මෙම ප්‍රදේශයේ සකස් කරන ලද භූ විද්‍යත්මක සිතියම් වලට අනුව හෝර්ටන් තැන්නේ
ඇත්තේ ප්‍රධාන වශයෙන් මෙලෙස විපරිත කරණයට ලක්ව නිර්මාණය වූ නයිස් පාෂාණ බවයි. මෙම නයිස්
පාෂාණ වර්ග ගණනාවක් මෙහි ඇත. ඉන් ප්‍රමුකව හමුවන පාෂාණය වන්නේ චානොකිටික් නයිස් නම්
වූ පාෂාණ වන අතර ක්වාර්ට්සයිට් නම් වූ තනිකරම ක්වාර්ට්ස් වලින් පමණක් සෑදුන පාෂාණ ද
හමු වේ.
භූ ව්‍යුහාත්මක පසුබිම සැලකීමේදී මෙමෙ පාෂාණ බහුතරයක් නැගෙනහිර ප්‍රදේශයේදී
ඊසාන දිශානුගතව විහිදී යන අතර බස්නාහිර දිශාවේදී ගිනිකොන දිශානුගත වන බව පෙනී යයි.
මෙම ප්‍රදේශය තැන්නක සොබාවය ගෙන ඇත්තේ පාෂාණ වළල් ඉතා අඩු ආනතියයි. ඒමේ ආනතිය අංශක
20 ත් 30 ත් අතර අගයක් ගනී. මෙනිසා ඉතා ඉහලින් පිහිටන ශ්‍රී ලංකවේ පියස්ස ලෙස ද අපට
හඳුන්වා දිය හැක.
විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා තැනිතලා ස්වරුපය ඉතා කදිම බේසමක්
තනයි. එනිසා වහින වර්ෂාපතනය එක් රැස් කර දිය දියකඳුරු විශාල ප්‍රමාණයක් තනන්නට
හේතු වෙයි. ඒ ව අවසානයේදී මහවැලි ගඟට එකතු වේ. අඩු ආනතිය සහිත වුවත් යම් යම් ප්‍රබල පාෂාණ බිඳ වැටීම්
බේකර්ස් අල්ල වැනි ඉතා අලංකාර දිය ඇළි සදන්නට සහය වෙයි.
පවතින අඩු උෂ්ණත්වය නිසා ඉතා සෙමින් වියෝජනය වන කාබනික ද්‍රවය ඝනකම හියුමස්
ස්තරයක් සකස් කරයි. පවතින පාෂාණ ජිර්ණයෙන් සෑදුන ස්ථානීය පස විටෙක ඛාදනය නිසා අවසාදිත
බවට පත්ව ජල නිම්න ඔස්සේ තැන්පත්ව ඇත. හෝර්ටන් තැන්න අපට හමුවන ඉතා සුවිශෙහි භූ කලාපයක්
බව අමතක නොකළ යුතුය.