Posts

  භූ සංචාරිතයේ නිමාව....!!! භූ සංචාරිතය   50 This article is originally published on Vidusara. මේ වසන්තය ලබන කාලයයි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාගේ වසරක සංචාරය අවසන් කර නව සංචාරයක් ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ පත්මෙගේ භූ සංචාරිතය අවසාන කලයුතු යැයි සිතේ. වසරකට ආසන්න කාලයක් සංචාරිත ලිපි පනහක් ඇතුලත් වූ   භූ විද්‍යාත්මක සාර සංග්‍රහය ඔබ සියල්ලටම නවමු අත්දැකීමක් වන්නට ඇතැයි සිතමි. භූ විද්‍යාඥයෙකු ලෙස පසුගිය දශක දෙකක කාලය තුල මෙරට බොහොමයක් තැන්වල කරක් ගසන්නට ඒ ඒ කාලවලදී ලද රැකියාවල රාජකාරි නිසාවට මා හට අවස්තාව ලැබීම මා ලද පරම භාගයක් ලෙස සලකමි. එනිසාවට විශ්ව විද්‍යාලයේ දී මා ඉගෙන ගත් විෂය කරුණු වලට අමතරව මෙරට භූ විද්‍යාවේ බොහෝ දේ මෙන්ම නවතම කරුණු රාශියක අත්දැකීම ද විඳගන්නට මාහට හැකියාව ලැබුණි. මේ ලිපි පෙළෙහි අන්තර්ගතය වූයේ එලෙස මා ලද අත්දැකීම් වන අතර මෙරට ජනතාවට යම් කිසි ප්‍රමාණයකට භූ විද්‍යාව පිලිබඳ මෙරට බහුතරයකගේ භාෂාවෙන් ඉදිරිපත් කරන්නට මම අදහස් කළෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ සිතුවිලි ද ඇතුලත්ව යම් කිසි ප්‍රමාණයකට විෂය කරුණු ද සහිතව මාගේ අත්දැකීම් සමග භූ විද්‍යත්මක දෑ සහ ස්ථාන පිළිබඳ
  පාංශු ඛාදනයේ අහිතකර තත්වය....!!! භූ සංචාරය 49 පෘථිවියේ මතුපිට වැස්ම පසය. නැතහොත් අවසාදිත ය. මෙහිදී පණ නගින ගැටළුවක් වෙයි. ඒ පස් සහ අවසාදිත යනු මොනවාදැයි යන්නයි. අපි ඒ පිළිබඳව පසුව කතා කරමු. මෙවර භූ සංචාරිතය වෙන් වන්නේ අපට ඉතා වැදගත් වෙන අප යනඑන හැමතැනම, අප වෙසෙන හැමතැනම පවතින, හැමතැනම දැක ගත හැකි භූ සම්පතක් ගැන කතා කරන්නටයි. මේ භූ සම්පත ගැන යම් යම් කරුණු දැනකියා ගැනීම වඩා වැදගත් වෙන්නේ සංචාරකයන්ට පමණක්ම නොවේ. මෙළොව වෙසෙන සෑම දෙනෙකුටම පස් සහ අවසාදිත ගැන දැනගැනීම වැදගත් වන්නේ එය අවසානයේ දී මානව වර්ගයාගේ පැවැත්ම තීරණය කරන එක් සාධකයක් වන බැවිනි. පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක් ලෙස මෙලොව බිහිවන පාංශු දේහයන් ඉතා සංකීර්ණ වර්ගීකරණයකට හිමිකම් කියයි. ඉන් පෙනී යන කරුණ වන්නේ විවිධ ආකාරය පස් සහ අවසාදිත මෙළොව පවතින බවයි. ජීර්ණයට ලක්වන පාෂාණයේ ස්වරුපය හැමවිටම පාංශු දේහයන්හි මූලාරම්භකයන් හි විවිධත්වය ආරක්ෂා කරයි. එයට එක්වන කාබනික ද්‍රව්‍ය නිසා පස නිර්මාණය වෙයි. මෙම පස බොහෝවිට පාෂාණය ජීර්ණයට ලක්වන ස්ථානයේ ම පවතින අතර විවිධාකාරයේ ඒජන්තයන් නිසා පරිවහනයට ලක්වෙයි. පරිවහනයට ලක් වූ පස භුමියේ පහත් තැනක, නිම
  අභාවයට යන පුලතිසි ශිලා උරුමය භූ සංචාරය 48 This article is originally published on Vidusara. ශ්‍රී ලංකාවේ අතී තයේ   නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත බොහොමයකි. අනුරාධපුර සහ පොළොන්නරු යුග වලදී පමණක් නොව මහනුවර යුගයේ දී පවා මෙවන් වූ පාෂාණ නිර්මිත කරවන ලද බව පෙනී යයි. සමාධි පිළිමය ඇතුළු බොහොමයක් පාෂාණ නිර්මිත මෙකල්හි ඇත්තේ කාලයක් තිස්සේ සිදුවන සොබාවික ජීර්ණ ක්‍රියාදාමයට නතු වෙමින් විනාශ මුඛයට යමිනි. මෙළොව පවතින කිසිම දෙයකට නොගලවිය හැකි ක්‍රියා දාමය වන්නේ ජීර්ණ ක්‍රියාවලියයි. එනිසා එය නැවතිය නොහැක. හැක්කේ පමා කිරීම පමණකි. සොබාවික පරිසරයේ සොබාවික තත්වයන්හි පවතින මෙවන් වූ අතීත මිනිසුන් විසින් නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත ද මේ වන විට පවතින්නේ පාෂාණ ජීර්ණ ක්‍රියාදාමයට ලක් වී බව අමතක නොකළ යුතුය. බොහෝදෙනෙකු සිතන පරිදි කළුගලින් කරන ලද මෙම පිළිම ඇතුළු අනෙකුත් ගෘහ නිර්මාණ අනාදිමත් කාලයක සිට හොඳින් පැවතියත් මෙම පාෂාණ සොබාවික පරිසරයට නිරාවරණය වූ දා පටන්ම තම ජීර්ණ ක්‍රියාවලිය පටන් ගෙන තිබේ. එනිසා එළියට පෙනෙන පරිදි දැඩි ගතියකින් සහ බොහෝ කාලයක් පවතින සේ පෙනුනත් ඇත්තෙන්ම මෙම පාෂාණ නිර්මිත විනාශ මුඛයට
සිංහල වාරි සංස්කෘතිය   භූ සංචාරිතය 47 This article is originally published on Vidusara සිංහලයෝ වැව් තැනුවෝ වෙති. විජයගෙන් ඇරඹි ඒ සිංහල රාජවංශයේ බොහෝ රජවරු ඒ සඳහා ඉතා කදිම දායකත්වයක් දක්වා ඇත. මහා වංශය පවසන අන්දමට අභය වැවෙන් ඇරඹි වාරි සංස්කෘතිය සිංහල සංස්කෘතියේ මුල් තැනක් ගත්තෙකි. වන්නියේ වියළි කාලගුණික තත්වය හමුවේ ද තැනිතලා භූ විෂමතාවය ද ඒ සඳහා කදිම සහයෝගයක් ලබා දෙන්නට ඇත. වියලි පරිසරය සැමවිටම බලකර සිටින්නේ ජල සංරක්ෂණයේ යෙදෙන ලෙසයි. ඉන් ලද ගැම්ම විසල් වැව් තනන්නට සිංහලයා පොළඹවන්නට ඇත. මහාවංශය සිංහලයා සතු අපූරු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් බව පැවසිය යුතුමය. වසර දහසකට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සඳහන් කර ඇත්නං ඒ මහාවංශයේ ය. සමහර විද්වතුන් මෙය ප්‍රශ්න කරයි. පිළිගත නොහැකි බව පවසයි. එනමුත් මහාවංශය සිංහල ඉතිහාසය ගැන කදිම තොරතුරු රාශියක් අප හමුවේ තබයි. කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි යනුවෙන් සිංහල කියමනක් ඇත. එනිසා සෑම දෙයක් ගැනම යම් කිසි තාර්කික පදනමක් මත පිහිටුවා අධ්‍යනය කිරීම හොඳය. වාරි සංස්කෘතිය ඇරඹියේ විජයගෙන් පසුද යන්න මා හමුවේ ඇති ගැටලුවයි. භූ පරිසරයේ මුණ ගැහෙන මේ අ
  කල්‍යාණි ගංගාවෝ භූ සංචාරය 46 This Article is originally published on Vidusara. කැළණි ගංගාවෝ කඳුකරයේ සිට තරුණ අවධියේ තමා සතු ජවාධික බවෙන් කිතුල්ගල ප්‍රදේශයේ පසු කරන්නේ අපූරු ගංගා රූපණ ඇතිකරමින්. වරෙක ගංගා මාර්ගයේ අධික වැසි සමයේ ගෙන ආ විශාල ගල් කුළු අතරින් ඒවායේ තම ජල දේහය වද්දවමින් වේගයෙන් ගමන් කරන්නේ හිටිවනම වතුර වක්කලමකට ජල පහර ඇද දමමින් ය. කල්යාණි ගේ තරුණ අවධියේ අවසාන අදියර මෙලෙස අපූරු ගංගා රූපණ ඇතිකිරීම බොහෝ සංචරකයනේ සිත් ඇඳ බැඳ තබා ගන්නා බව ඉතා පැහැදිළිය. ධවල පැහැති පෙන බුබුළු ඇතිකරමින් ගලා යන ජලයට සුන්දරත්වයක් එක් කරන්නට මේ ගංගා රූපණ බොහෝ ඉවහල් වෙයි. වරෙක තැනි පෙත්තට කපා දමාපු ලී කොටයක   මතුපිටක් සේ ඇති ගල් තලා සංචාරකයන්හට දිය මත ලිස්සා යාමට කදිම පසුබිමක් සකස් කර දෙයි. ධවල ජලයේ ලිස්සා යාම ප්‍රචලිත වන්නේ මෙවන් පසුබිමකය.   එනිසා මේ වන විට කිතුල්ගල ප්‍රදේශය සංචාරකයන්හට කදිමට සුව විඳිය හැකි පරිසරයක් බවට පත් වී හමාරය.   කිතුල්ගල, නිවර්තන කලාපීය රටක පවතින තෙත්කලාපීය වැසි වනාන්තර ගහනව තිබු ප්‍රදේශයකි. නමුත් අවාසනාවන්ත ලෙස බ්‍රිතාන්‍යන්ගේ අදූරදර්ශී සහ විනාශකාරී වගාවන් හේතුවෙන් කදිමට
මුතුරාජවෙල තෙත්බිමකි.  භූ සංචාරිතය 45 This article is originally published on Vidusara, 10.02.2021. පසුගිය සතියේ ලෝක තෙත්බිම් දිනය සමරන්නට යෙදුනා ඔබට මතක ඇති. ඒ පෙබරවාරි මස දෙවනි දා. තෙත් බිම් යනු ඉතා වැදගත් පරිසර පද්ධතියකි. භූ සංචාරිතයෙන් වරින් වරින් මේ ගැන අප කතා කලා. රැම්සා සම්මුතිය බිහිවන්නේ තෙත් බිම් අරක්ෂා කරගන්න. එය ආරම්භ වන්නේ අදින් වසර පනහකට පෙර ඉරානයේ රැම්සා නගරයේ පවත්වන්නට යෙදුන සම්මේලනයකින්. එහිදී ඇතිකරගත් එකඟතාවයෙන් ලෝකයේ රටවල් බොහොමයක් මේ සම්මුතියට අත්සන් තබන්න තෙත්බිම් ආරක්ෂා කරගැනීම පරම චේතනාවෙන්. පළමු සැසිය පවත් වූ 1971 වසරේ දී   මේ සඳහා රටවල් 7ක් එකඟතාවය පළ කල අතර මේ වනවිට රටවල් 171 ක් එකඟතාවය පළ කරමින් අත්සන් තබා ඇත. මේ අතර ශ්‍රී ලංකාව ද වෙයි. ශ්‍රී ලංකාව රැම්සා සම්මුතියට එකඟතාවය පළකරමින් අත්සන් තබන්නේ 1990 දී බූන්දල වනෝද්‍යානය රැම්සා තෙත්බිමක් ලෙස නම් කරමින්. එදා මෙදාතුර කාලයේ එවන් වූ තෙත්බිම් පහක් සමගින් සියල්ල හයක් ලෙස රැම්සා තෙත් බිම් බවට පත්කරමින් ජාත්ත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැකි වී ඇත. ආනවිලුන්දාව, මාදු ගං මෝය, වංකලේ, විල්පත්තුවේ ප්‍රදේශයක් සහ කුමන ජාත
  භූ සංචාරිතයේ අනාගත අභිවෘධිය...!!! භූ සංචාරිතය 44 This article is originally published on Vidusara 06.02.2021. දැන් ඔබ වසරක පමණ කාලයක සිට මා සමග භූ සංචාරිතයේ යෙදෙනවා නේ. ඉතින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අපි ඇවිදින නිසා සංචාරයේ දී සැලකිය යුතු කරුණු සමූහයක් ඇති බව අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම කඳුකරයේ සංචාරය කරද්දී මේ පිළිබඳව අප වඩාත් සැලකිය යුතුයි. කඳුකරය සුන්දර පරිසරයක් බව අප හොඳින්ම දන්නා දෙයක්. විවිධාකාරයේ භූ රූපණ සමග එකතු වූ අපූරු ගහකොළ ද ගෙන එන්නේ චමත්කාරජනක බවක්. කඳුකරයේ ඉහලටම යද්දී සුන්දර වලාකුළු අපගේ වතකමල සිප ගැනීම විටෙක අපව විස්මයට පත්කරන්නක්.   කලකදී කඳු තරණය පුරුද්දක් කර ගත්තේත් එවන් වූ සුන්දරත්වයක් අත් විඳීමේ පරම ආශාවෙන්. සංචාරය සාර්ථක කරගන්නට නම් අතරමගදී සිදුවිය හැකි ආපදාවන් ගැන අප සැලකිලිමත් විය යුතුය. කඳුකරයේ සංචාරය කරද්දී නම් ඇතිවන්නේ බොහෝ විට නාය යාම් වැනි ආපදා වන අතර සමහර විටෙක භූ කම්පා තර්ජනයට ද ලක් වීමේ සම්භාවිතාවක් ඇතිවා නොවේ. දැන් දැන් වර්ධනය වන භූ කම්පා අවදානම භූ තලවල බලපෑම   නිසා බව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ නැත. නමුත් එය එසේ වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ බව අප වටහා