Posts

Showing posts from May 16, 2024
මානව විද්‍යාව එදා සහ අද Vidusara 15th May, 2024 මානව විද්‍යාව ලෙස හඳුන්වන්නේ මනුෂ්‍යත්වය පිලිබඳ වූ ක්‍රමවත් හැදෑරීම ලෙසයි. එය තවදුරටත් මානව සමාජය සහ සංස්කෘතිය සහ ඒවායේ වර්ධනයන් පිලිබඳ සවිස්තරාත්මකව අධ්‍යනය කරයි. කවුරුත් පිළිගත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්ධකෝෂය අර්ථකතනය කරන්නේ “මානව ජාතින් සහ   ඒවායේ ආරම්භය, වර්ධනය මෙන්ම සිරිත් විරිත් සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කිරීම” යනුවෙනි. මානව විද්‍යාව ප්‍රධාන විෂය දහරාවන් තුනකට බෙදෙන අතර ඒවා සමාජසංස්කෘතික මානව විද්‍යාව, ජෛව මානව විද්‍යාව සහ පුරාවිද්‍යාව ලෙස හැඳින්විය හැක. ඒ අතර භාෂාමය මානව විද්‍යාව ලෙස විෂයක් වර්ධනය වෙමින් පවතී. මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා සහ ක්‍රියාකාරිත්වය, සිරිත් විරිත්, ඇදැහිලි සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කරන්නේ සමාජසංස්කෘතික මානවවිද්‍යාව විෂය දහරාව තුළිනුයි. ජෛව මානව විද්‍යාව මානවයාගේ ජෛව විද්‍යාත්මක පරිණාමය, පැවැත්ම සහ විශේෂ වඳවීම් ගැනද අධ්‍යනය කරයි. පැරණි මානවයන්ගේ භාවිත ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය සංස්කෘතිය ගැන පුරාවිද්‍යා මානවවිද්‍යාව තුලින් සාකච්ඡා කරයි. දහඅටවන ශතවර්ෂයේදී පමණ ඉංගිරිසියට පෙරළුණ මෙම වචනය ප්‍රංශ භාෂාවෙන් “ඇන්ත්‍රෝපෝලොජියා”