Posts

Showing posts from January 6, 2024
  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොයා ගත්තක් නොව මාගේ යම් සිතුවිල්ලකට යටත්වය. ඒ සඳහා සාධාරණ කරුණු කිහිපයක් දැක විය හැක. එහි වර්ණය ආකර්ෂණීයයි. ඕනෑම අයෙකුගේ ඇස ඒ සඳහා යොමු වේ. ඕනෑම භූ පරිසරයක ඉතා පහසුවෙන් කෙනෙකුගේ අවධානයට යොමු වේ. ප්‍රාග් මානවගේ ඇසට රත්තරන් යොමු නොවූ වේ යැයි කිව නොහැක. විශේෂයෙන්ම ගංගා නිම්න පරිසරයේ සැරිසරණ මොවුනට ගසාගෙන එන වැල්ලේ එය නිතැතින්ම හමුවන්නට ඇත. නමුත් රත්තරන් කොතරම් ලස්සන වුවද ඒ සතු යම් දුර්ගුණාංගයක් නිසා එය ඔවුන්ගේ සිත් නොගන්නට ඇත. ලෝහයක් ලෙස එහි භාවිතය එතරම් දුර්වලය. පිරිසිදු රත්තරන් (කැරට් 24) සිහින් ලෙස කැඩි කැඩී යයි. එතරම් ම ශක්තිමත් නොවේ. රත්තරන් වලින් යම් ශක්තිමත් භාණ්ඩයක් සෑදිය නොහැක්කේ මේ නිසාය. ශක්තිමත් වන්නට නම් තවත් ලෝහ සමග මිශ්‍ර කල යුතුය. නමුත් තඹ එසේ නොවේ. සමහර තඹ ඛනිජ පෙනුමෙන් රත්තරන් වැනිය ( දිය රත්තරන්). එනිසාම කලවමේ මෙම ලෝහ ඛණිජ අවධානයට ලක් වන්නට ඇත. එකම වර්ණය දෙන නමුත් වෙනස් ගුණ දෙන ඛනිජ දෙකෙන් තඹ වෙන්කර ගැනීමෙන් සාර්ථක ලෙස ආයුධයක් තනන්