Posts

Showing posts from October 31, 2020
වෙරළ හැඩ කරන භූ රූපණ භූ සංචාරිතය 31 This article is originally published on Vidusara 28.10.2020. ඔන්න නැවතත් අපි භූ සංචාරිතයෙන් වෙරළට ආවා. වෙරළ අපූරු ,චමත්කාරජනක පරිසර පද්ධතියකි. සිත සන්සුන් කරන්නට කියාපු තැනකි. බොහෝ දෙනෙකු නොසිතුවාට වෙරළ ජල ගෝලය, ශිලා ගෝලය, වායු ගෝලය මෙන්ම ජෛව ගෝලයත් එක්තැන් කරන පරිසරයකි. වෙරළ ගතිකය. සුර්යයාගේ ශක්තිය කැටිකරගත් සාගර තරංග වෙරළ ඉමේ වන ශිලා ගෝලය වෙනුවෙන් පෙනී සිටින පාෂාණ සහ පාංශු දේහයන් වෙත බලපවත්වන බව හොඳින් පැහැදිලි වෙයි. එනිසා සාගර තරංග වෙත ශිලා ගෝලයේ ප්‍රතිචාරය පාෂාණ සහ පාංශු දේහයන් ඔස්සේ   ලබා දෙමින් ඉතා අපූරු භූ රූපණ නිර්මාණය කරයි. මේවා වෙරළ භූ රූපණයි. සාගර තරංග වල ශක්තියට පසුබාන පාංශු දේහයන් බොහෝ විට වෙරළ ඉමේ පෙන්වන්නේ ඛාදන භූ රූපණයි. එනිසා මුහුදු බොකු නිර්මාණය ට මග පෑදෙයි. ගොඩබිමේ වූ ගංගා ගෙන එන අවසාදිත සියල්ල සාගරයේ ද්‍රෝණි වල තැන්පත් වන්නේ නැත. සාගර තරංග වල ශක්තිය අනුව කොටසක් නැවත වෙරළ වෙත ගෙන එන අතර එනිසා විවිධ භූ රූපණ ගොඩනැගෙයි. එනිසා නව වෙරළ ගොඩ නැගීම සිදුවෙයි. වෙරළ ඉමේ වූ පාෂාණ සහ පාංශු දේහයන්ගේ ගති ලක්ෂණ අනුව නිර්මාණය වන භූ රූපණ