Posts

Showing posts from June 23, 2017
විදුපත් ඉරුව 20 17 ජූනි 21 බදාදා ඈතින් එන වාහනයක්‌ තමා වෙත ළඟා වෙත් ම සහ තමා පසු කර තමා වෙතින් ඉවත් ව යැමේ දී ඇති වන ශබ්දයේ වෙනස (ක්‍රමයෙන් වැඩි වී ක්‍රමයෙන් අඩු වීම) ඔබට ඉතා හොඳින් මතක ඇතිවාට කිසි ම සැකයක්‌ නැත. ගුවන් යානයක්‌ තමා පසු කරගෙන යැමේ දී ද මේ ශබ්දයේ වැඩි අඩු වීම ඔබ අත්දකිනු ඇත. මෙහි දී ශබ්දය ක්‍රමයෙන් වැඩි වෙමින් ඇසෙන අතර තමා අබියස දී උපරිම ශබ්දය ඇසී, පසු කරන විට ශබ්දය අඩු වී යයි. මේ සිදුවීම 'ඩොප්ලර් ආචරණය' ලෙස හැඳින්වෙන අතර මේ පිළිබඳව විද්‍යා ලෝකයේ සාකච්ඡාවට බඳුන් වන්නේ 'ක්‍රිස්‌ටියන් ඩොප්ලර්' නම් ඔස්‌ටි්‍රයානු භෞතික විද්‍යාඥයා විසින් විද්‍යා මතයක්‌ ලෙස 1942 ඉදිරිපත් කරනු ලැබීමන් පසු ය. තරංග ආයාමයේ හෝ සංඛ්‍යාතයේ හෝ වෙනස නිරීකෂකයාට දැනෙන ආකාරය මෙහි දී අවධානයට ලක්‌ වන්නේ ය. මෙනිසා වාහනයක හෝ වෙනත් සලකන වස්‌තුවක හෝ චලනයේ වෙනස්‌කම් හඳුනාගත හැකි බව පෙනී යයි. ඒකාකාරී වේගයකින් ගමන් කරන්නේ නම් තරංග ආයාමයේ ඇති වන වෙනස ඒකාකාරී ව සිදු වෙයි. මෙහි දී වේගය පමණක්‌ නො ව දිශාව ද මේ අනුව නිර්ණය කළ හැකි වේ. 'ඩොප්ලර් ආචරණය' සිද්ධාන්ත කොටගත් භාවිතය