Posts

Showing posts from November 21, 2019
ගලෙන් ගන්න අඟුරු, ගල් අඟුරු  Original article was published in Divaina 20.11.2019 කාබන් කියන්නේ ජීවී ලෝකය තනන මුලද්‍රව්‍යය. ඉතා පහසුවෙන් බන්ධන සතරක්‌ සාදා ගැනීමට ඇති හැකියාව මෙහි ප්‍රමුඛ පැතිරීම කෙරෙහි බලපානවා. ශාක සහ සතුන්ගේ මරණයෙන් පස්‌සේ වායුගෝලයට එකතු වෙන කාබන් නව චක්‍රයක්‌ ආරම්භ කරලා නැවත ජීවී දේහවල තැන්පත් වෙනවා. අපි ශාක කැබැල්ලක්‌ පිළිස්‌සුවාම ඉතිරිවන්නේ අඟුරු. අඟුරු කියන්න කාබන්.    පොළොවෙන් ලබා ගන්නා අඟුරු ගල් අඟුරු. ගල්අඟුරු නිර්මාණය වෙන්නෙත් කාබන්වලින්. ගොඩබිම ශාක මරණයට පත් වී අවසාදිත සමග කාලයක්‌ තැන්පත් වීම නිසා සිදුවන රසායනික වෙනස්‌වීම් මගින් ශාක දේහවල තියෙන කාබන් ගල්අඟුරු බවට පත් වෙනවා. මුලින්ම මෙවැනි පරිසරයක තියෙන කාබන් එහිදී සිදුවන තාපයේ සහ පීඩනයේ වෙනස හේතුවෙන් පීට්‌ නම් වූ ද්‍රව්‍යයක්‌ බවට පත් වෙයි. අතරමැදි ද්‍රව්‍යයක්‌ වෙන මේ පීට්‌වල ගල් අඟුරුවල තරම්ම කාබන් ප්‍රතිශතයක්‌ නැහැ. පීට්‌ තවදුරටත් පිඩනයට සහ තාපයට ලක්‌ වීමෙන් තමයි ගල් අඟුරු නිර්මාණය වෙන්නේ.    ගල් අඟුරු බහුලව භාවිතයට එන්නේ කාර්මික විප්ලවයේ ආරම්භයත් සමග. නමුත් භාවිතය පිළිබඳව කරුණු අනාවරණය වෙන්නේ වසර 400