Posts

Showing posts from June 20, 2017
විදු පත් ඉරුව 20 15  පෙබරවාරි 25  බදාදා පසුගිය දිනෙක දිවයිනේ වයඹදිග පිහිටි වනජීවී අභය භූමියක්‌ වන විල්පත්තු අභය භුමිය නැරඹීමට අවස්‌ථාව ලැබුණා. බොහෝ කාලයක සිට එය දැකබලා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මෙවර තමයි එය සාක්‌ෂාත් වුණේ. මේ අභයභුමිය පිහිටා තිබෙන්නේ දිවයිනේ අර්ධශුෂ්ක යෑයි හඳුන්වන දේශගුණික කලාපයේ. මේ ප්‍රදේශයට වර්ෂාව ඉතා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ ඊසානදිග මෝසමෙන්. උණුසුම නං බොහොම වැඩියි. හැබැයි අප ගිය දිනවල වර්ෂාව ලැබිලා වැඩි කාලයක්‌ ඉක්‌ම ගිහින් තිබුණේa නැහැ. ඒක නිසා බොහොම අපූරුවට ඇසට සුව දායක කොළ පැහැය පිරිලා ඉතිරිලා තිබුණා. ඒක නිසා ම ද කොහෙ ද සිසිලසත් හොඳට දැනුණා. මේ විල්පත්තු අභය භුමිය දෙපසින් ගංගාවල් දෙකක්‌ ගලා බසිනවා. එකක්‌ තමයි මල්වතු ඔය. අනෙක අරවි ආරු. මේ දෙක පිටාර ගැලීමෙන් අභය භූමිය පෝෂණය ලබනවා. වර්ෂා කාලයේ දී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රවාහනයට ඇති අපහසුතාව. මෙහි ඇති සුවිශේෂී කරුණ තමයි ස්‌වාභාවික විල් බොහෝ සංඛ්‍යාවක්‌ පැවතීම. විශාල විල් හතළිsහකට අධික ප්‍රමාණයක්‌ ඇති බවයි පැවසෙන්නේ. විල් ඇති පළාත නැත හොත් ප්‍රදේශය, පත්තුව, විල්පත්තුව ලෙස හැදින්වෙන