Posts

Showing posts from July 31, 2018
විදු පත් ඉරුව 30.12.2015 ඔබ කෙදිනක හෝ සමනළයන් ගේ බිත්තර දැක තිබේ දැයි සිහි කරන්න. මා හට ඒ අවස්‌ථාව මෑතක දී නැවත උදා වූයේ, අප කළ සංචාරයක දී මා මිතුරු විමුක්‌ති ගේ පිහිටෙනි. ඔහු එහි දී තෝර ගසක පත්‍රවල සවි වී තිබූ සුදු පැහැති සමනළ බිජු දැකගැනීමට සැලැස්‌වූ අතර සමනළ ලෝකය කෙරෙහි පෙර තිබූ මා ගේ උනන්දුව නැවත වර්ධනය කිරීමට ඒ දසුන හේතු විය. මෙවර විදුපත් ඉරුවේ ඒ පිළිබඳව සටහනක්‌ තැබිය යුතු යෑයි එදින මා අදිටන් කරගත්තේ විදුසර පාඨකයන් ගේ ද අවධානය මේ කෙරෙහි යොමු කරවීම වටින්නේ යෑයි සිතූ බැවිනි. ඔබ පරිසරය හොඳින් නිරීක්‌ෂණය කළේ නම් ශාක පත්‍රවල යට පැත්තේ හෝ වටේ දාරවල මේ බිත්තර රැඳී තිබෙන අයුරු ඔබට දැක ගත හැකි වනු ඇත. විවිධ පැහැ සහ හැඩයන් ගත් බිත්තර විවිධ සමනළ විශේෂ නියෝජනය කරන අතර, බිජු ලෑම සදහා විශේෂිත ශාක වර්ග ඔවුන් විසින් තෝරාගනු ලැබේ. ඒ බිත්තර පිපිරී එළියට එන දළඹුවා ගේ ආහාරයට සරි වන ලෙස ය. "රූපාන්තරණය" නම් අපූරු සංසිද්ධියකි. රූපණය වෙනස්‌ වෙමින් ගලා යන තම ජීවන චක්‍රයේ සමනළයා අවධි හතරක්‌ ගත කරන්නේ ඒවායේ සුවිශේෂීතා විදහා දක්‌වමිනි. එයින් ද කෝෂගත අවධිය වසරක්‌ පමණ ක