Posts

Showing posts from January 1, 2020
අගස්‌ති මාල This article was originally published in Divaina on 01.01.2020. https://divaina.com/daily/index.php/visheshanga3/37444-2019-12-31-11-55-55. අපේ ආච්චිලා අත්තම්මලා ඉස්‌සර බොහොම උජාරුවට කරේ බැන්දේ අගස්‌ති මාල. අපූරු වයිරමත් එක්‌ක එන පාට පාට අගස්‌ති මාල බොහොමයක්‌ ගෙනාවේ ඉන්දියාවෙන්. හැබෑවටම මොනවද මේ අගස්‌ති. අගස්‌ති කියන්නේ ඛනිජයක්‌. රසායනය නම් තිරුවානා වල රසායනයට සමානයි. ඒ කියන්නේ එහි තියෙන්නේ සිලිකන් සහ ඔක්‌සිජන්. සිලිකන් ඩයොක්‌සයිඩ් (සිලිකා) කියලා කිව්වනං හරියටම හරි.    අගස්‌ති නිර්මාණය වෙන්නේ බොහොම අපූරු විදියකට. තිරුවානා ඛනිජය තමයි ලෝකේ ජීර්ණයට බොහොම ප්‍රතිරෝධි ඛනිජය. ඒක රසායනිකව වෙනස්‌ වෙලා ද්විතියික ඛණිජයක්‌ බවට පත්වෙන්නේ නැහැ. කොහොම වුණත් ඉතා කුඩා ඇහැට නොපෙනෙන අංශු වලට බිඳුන සිලිකා ජලයේ දිය නොවුණත් පා වෙන අංශු ලෙස ප්‍රවාහනය වෙන්නට පුළුවන්. ඒ වාගේම සිලිසික්‌ අම්ලය බවට පත්වෙන්නත් පුළුවන්. එයත් එමෙන්ම එලෙස ප්‍රවාහනය වෙන සිලිකා අංශුත් කොහේ හෝ තැනක තැන්පත් වීමෙන් තමයි අගස්‌ති නිර්මාණය වෙන්නේ. නිදහසේ ගලා යන සිලිකා ද්‍රdවණ බොහෝවිට පසේ හෝ පාෂාණ වල ඇති කුහරවල තැන්පත් වීම