Posts

Showing posts from August 20, 2020
උඩවලවේ පාංශු භක්ෂක හස්තීන් ...!!! This artcile is originally published on Vidusara 19,08.202 භූ සංචාරිතය 2 3 ලෝකයේ හොඳම වයින් නිෂ්පාදකයා වන්නේ ඉතාලිය බව ද විටෙක එය ප්‍රංශය බව ද   පවසයි. කෙස් වුවත් වයින් නිෂ්පාදනයේ එක රහසක් වන්නේ එය සාදන අකාරය වාගේම ඒ සඳහා යොදා ගන්නා මිදී ලබා ගන්නා ප්‍රදේශයයි. එම රටවල එක් එක් ප්‍රදේශවලින් ලබා ගන්නා මිදී භාවිතා කර සාදන වයින් සුවිශේෂී වයින් වර්ග වන බව වයින් සංස්කෘතියේ ඉන්නා ඒ ගැන දන්නා බොහෝ දෙනා පවසන සත්‍යයක්. ඉන් ගම්‍ය වන කාරණය වන්නේ මිදී වල රසය වෙනස් කරන්නට එම ප්‍රදේශය බලපානා බවයි. ඇත්තෙන්ම ඒ ප්‍රදේශයේ පැතිරී ඇත්තා වූ පාංශු දේහයන් ගේ ගති ලක්ෂණ මේ සඳහා හේතුවන බවයි අපට වඩාත් හොඳින් පැහැදිලි වන්නේ. මේ කාරණයම ලෝකයේ කිරි නිෂ්පාදනය සඳහා ද බලාපාන බවයි පැවසෙන්නේ. හොඳම කිරි ලබා ගැනීමට ඉතා හොඳ තණකොළ ලබා දිය යුතු බවත් ඒ සඳහා හොඳම තණකොළ වවාගැනීමට අවශ්‍ය බවත් පැවසෙනවා. හොන්දම් තණකොළ තීරණය වන්නේ වවනා ප්‍රදේශය මත බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.   එනම ඒ සඳහා ප්‍රමුඛ වන්නේ අදාළ ප්‍රදේශයේ පාංශු දේහයන්ගේ ගුණාගුණ බවයි. කෙසේවෙතත් ලෝකයේ කොයි ප්‍රදේශය සැලකූවත් පසේ ගු