Posts

Showing posts from January 13, 2017
පුරාවිද්‍යාව බහුවිධ විෂයක් වන අතර ලෝකය පුරා දැන් දැන් විවිධ විද්‍යාත්මක ක්‍රමවේදයන් මේ සදහා සීග්‍ර ලෙස භාවිතයට ගනිමින් සිටි . එමගින් පුරාවිද්‍යා විශ්ලේෂණ සහ අර්ථකථන නව නැම්මක් ඔස්සේ ඉදිරිපත් කිරීමටත් වඩා නිවැරදිතාවයකින් පුරාවිදු පර්යේෂණ සිදුකිරීමටත් හැකියාව ලැබී තිබේ . ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රයටද නවතම විද්‍යාත්මක ක්‍රමවේදයන්හි ආගමනය සිදුවෙමින් පවතී . ලොවපුරා සිදුවන බොහොමයක් පර්යේෂණ සහ සොයාගැනීම් අන්තර් ජාතික සඟරා වල පලවන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි . එමෙන්ම එම තොරතුරු බොහොමයක් පලවන්නේ විද්‍යාත්මක සහ පර්යේෂණ ලේඛණ රටාවෙනි . එනිසා මේ පිලිබඳ උනන්දුවක් දක්වන ලාංකේය ජනතාවටත් , පර්යේෂකයන්ටත් , විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සහ පාසල් දරු දැරියන්ටත් සරලව එම තොරතුරු ගෙන ඒම “විද්‍යා වින්දන” තුලින් සිදුවේවි. මෙමගින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාල නවතම විද්‍යාත්මක සොයා ගැනීම් , පැහැදිලි කිරීම් සහ අධ්‍යාපනික තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවේ .     නියන්ඩතාල් මානවයාගේ මුතුන්මිත්තන් ..... වර්තමානයේ “ ස්පැනිෂ් ” ගල්ගුහාවෙන් හමුවූ පොසිල හිස්කබල් සමූහය මානව ව
Image
විශ්ව සංචිතය ; මහා පිපිරුමෙන් ඔබ්බට මෙම විද්‍යා ප්‍රබන්ධය මවිසින් 2015 වසරේදී ලියන ලද්දකි. මෙය ද විදුසර පුවත් පතෙහි පල විය. ---------------------------------------------------------------------------------------------------- මෙතරම්ම පසුබෑමකට මෙම ව්‍යාපෘතිය මෙතෙක් කලක් ලක් නොවුණි . වරින් වර විවිධ බාධක පැමිණියද ඒ සියල්ල සාර්ථකව විසඳාගැනීමට ආචාර්ය අරවින්ද සමත් විය . නමුත් මෙකල එය එසේ නොවේ . අභ්‍යවකාශ ව්‍යාපෘතියේ මූලිකත්වය රාජ්‍ය අනුග්‍රහය සහිතවම ආචාර්ය අරවින්ද ට ලැබුනේ ඔහු කෙටි කාලයකදී දක්වන ලද සාර්ථකත්වය ද පර්යේෂණ වලට දැක වූ ශුරතවය ද හේතුවෙනි . සිසිර තරණයේ දී යානා දියත් කිරීමේදීත් නැවත ගොඩ බැසීමේදීත් ඇතිවන කාල පමාව මෙයට අවුරුදු පහකට පෙර කිසිවක් දැන සිටියේ නැත . එනිසා අභ්‍යවකාශ සේවයේ නියතු සියලු දෙනාගේම ආයු කාලයෙන් සියයට පහක් අතුරුදහන් විය . එය ගණනය කිරීම සිදු කල හැකි වුයේද එයට හේතුවද විසඳුමද ආචාර්ය අරවින්ද සොයාගැනීමෙන් අනතුරුවය . පාරභෞතික පරාමිතීන්ට අනුව මෙම දින කිහිපයේදී ඒකක 0.045 පමණ වූ මනෝකායික ක්ෂයවිමක් ඇති බව අද උදෑසන කරන ලද පරීක්ෂණයෙන් ඔහුට ප