Posts

Showing posts from February 1, 2017
විදුපත් ඉරුව 2017 පෙබරිවාරි 01 “ලංකාවේ වැඩිම වායු දුෂණය වාර්තා වෙන්නේ මහනුවරින් ලු කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක් වලා තියෙනවා කියලා කියන්නේ මාලිගාව ළඟ පාර වහපු එකලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දුෂණය වැඩියි තමයි” මාගේ මිත්‍රයෙක් මේ ලඟදි දවසක පැවසුවේ බොහොම කනගාටුවෙන්. “ මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක් හදන්න යෝජනා කරලා තියෙනවලු. ඇයි දන්නේ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාලිගාවත් බේරා ගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුනා. අපේ මිනිස්සු හොඳ තීන්දු තීරණ ගන්න හරීම පරක්කුයි.”   ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක් බලා පොරොත්තු නොවන වගක් හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ.   වායු දූෂණය සිදු වන්නේ වාහන වලින් විතරක් නොවෙයි. කර්මාන්තශාලා වලින් පිටවන දූෂ්‍ය වායුන් ද වායු දුෂණයට ප්‍රධාන හේතුවක්. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තද බල දුෂණයක්. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්ම ගැනීමේ පරම අයිතිය නොවේද යැයි ඔබ කී දෙනෙකු නම් කල්පනා කර ඇත්ද? එපමණක් නොව, අප මේ උල්ලංගනය කරන්නේ ඔක්සිජන් තම ස්වසන කර්තව්‍ය සදහා භාවිතා කරන අනන්ත අප්‍රමාණ