27.07.2016
මෙවර උසස්‌පෙළ විභාගයට තව වැඩි කාලයක් නැහැ. විභාගයට මුහුණ දීමට දරුවන් ලහි ලහියේ ලැහැස්‌ති වෙමිනුයි ඉන්නේ. ක්‍රමානුකූල බවින් යුතුව ද අනලස් බවින් යුතු ව ද නිසි කලට වැඩ කටයුතු සම්පූර්ණ කළ අය නම් කිසිදු බියක් සැකක් නොමැති ව සතුටින් ඉන්නේ විභාගයට පෙනී සිට තම අභියෝගය ජයගැනීමටයි. ඉගෙනගන්නා බොහෝ කරුණු කාරණා සිතෙහි ධාරණය කරගැනීම තරමක ගැටලුවක් බව අප හැමෝ ම හොඳින් දන්නා කරුණක්. එහෙත් හොඳින් මතක හිටින වෙනත් සිද්ධි සමග සම්බන්ධ කරගැනීම මගින් ද තම ජීවිතයට සම්බන්ධ වූ සිදු වීමක් හා සම්බන්ධ කරගැනීම වැනි යමක් මඟින් ද තමා ඉගෙනගන්නා විෂය කරුණු මතක තබාගත හොත් එය බොහෝ කාලයක් මතකයේ රැෙදනවා නිසැකයි.
අප උසස් පෙළ කරන දවස්‌වල උතුරේ කුරිරු ත්‍රස්‌තවාදී යුද්ධය ආරම්භ වෙලයි තිබුණේ. අලිමංකඩ, පුනරින්, පලාලි, පරන්තන් වැනි ග්‍රාම නාම නිතරම අපට කන වැකුණේ මේ යුද්ධය නිසා මයි. මේ අතර උසස්‌පෙළ කරමින් සිටි අපට පරන්තන් යන නම සුවිශේෂී නාමයක් වූවා. එකල උසස් පෙළ රසායන විද්‍යාව හදාරන සිසුනට කාර්මික රසායනය ඉතා කුතුහලය දනවනසුලු පාඩමක්. එයට හේතුව වූයේ රසායන විද්‍යාවේ ඉගෙනගත් සිද්ධාන්තවල ප්‍රායෝගික භාවිතය පිළිබඳව එහි සඳහන් වීමයි. උතුරුකරයේ පිහිටි පරන්තන් ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ වූ ඉතා වැදගත් රසායන කර්මාන්තයක් වන කෝස්‌ටික් සෝඩා කම්හලක් පවත්වාගෙන ගිය ස්‌ථානයක්. එනිසා මයි උසස් පෙළ රසායන විද්‍යාව හැදෑරූ අපට පරන්තන් ඉතා වැදගත් මෙන්ම කදිම නිදසුනක් වූයේ. එහෙත් යුද්ධය නිසා එම කම්හල වසා දමන්නට සිදු වූ අතර ඒ හා බැඳුණ කර්මාන්ත ගණනාවක් එනිසා අර්බුදයට ලක් වුවා.
කෝස්‌ටික් සෝඩා යනු සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ් (NaOHය) නමැති රසායනික සංයෝගයයි. ප්‍රබල භෂ්මයක් ලෙස පිළිගැනෙන මේ රසායනය විද්‍යාගාරයේ අනිවාර්යයෙන් ම තිබිය යුතු සංයෝගයක්. බොහොමයක් ප්‍රායෝගික පරීක්‌ෂණවල දී, විශේෂයන් ම අම්ල භෂ්ම ප්‍රතික්‍රියා නිරීක්‌ෂණයේ දී, බෙහෙවින් යොදාගැනෙන රසායනයක් හෙයින් සිසුන් ගේ මතකයෙන් කිසි දා ගිලිsහී නො යන්නක්. සුදු පැහැති පෙති හෝ පෙබලු ලෙස ඇති මේ සංයෝගය ඉතා ප්‍රබල ලෙස විරංජක ගුණ පෙන්වනවා. ක්‌ෂාරීය ලෝහයක් වන සෝඩියම්හි හයිෙඩ්‍රාක්‌සයිඩය වන මේ කෝස්‌ටික් සෝඩා ඉතා හොඳින් ජලයේ දිය වන බව ප්‍රායෝගික පරීක්‌ෂණ අත්විඳ ඇත්නම් ඔබට මතක ඇති බවට නිසැකයි. ඉතා සැර කටුක ගන්ධයකින් යුක්‌ත වූ මේ සංයෝගය ජලයේ දිය වන්නේ තාපය පිට කරමින් බැවින් ද්‍රdවණයේ උෂ්ණත්වය ඉහළ නගින බව ඔබ ගේ මතකයට නැෙගනු ඇති. කෝස්‌ටික් සෝඩා ජලයේ දිය වීම තාපය පිට කරන ප්‍රතික්‍රියා සඳහා කදිම නිදසුනක් වන්නේ එබැවිනුයි.
පරන්තන්හි පිහිටි කෝස්‌ටික් සෝඩා කම්හල සදහා අමුද්‍රව්‍ය සපයාගත්තෙත් මෙරටින් මයි. එම ප්‍රදේශයේ සිදු කළ ලුණු (NaCl) නිෂ්පාදනය නිසා පහසුවෙන් මේ කම්හල පවත්වාගෙන යා හැකි ව තිබුණා. මේ ප්‍රදේශය අධික උෂ්ණ කලාපයක් වූ හෙයින් ලුණු නිෂ්පාදනය සදහා කදිම තෝතැන්නක් නිර්මාණය වී තිබුණා. එපමණක් නො වේ, මුහුදට ඉතා ආසන්නයේ පිහිටි නිසා පහසුවෙන් කරදිය මුහුදෙන් තටාක වෙත හරවා වාෂ්පීකරණයට නතු කරන්නට හැකියාව ඇති බව ඔබට වැටහෙනු ඇති. තටාක කිහිපයකට මාරු කරමින් ලුණු සාන්ද්‍රණගත කිරීම මෙහි දී සිදු වනවා. අවසානයේ දී අධි සාන්ද්‍ර ලවණ ද්‍රdවණයෙන් ලුණු බිහි වන්නේ එහි ද්‍රdව්‍යතා ගුණිතය ඉක්‌මවූ පසුයි. තැන්පත් වූ ලුණු වෙනත් ලවණ හා මිශ්‍ර ව පවතින නිසා එම ලුණු තැන්පතු කඩා ටික කාලයක් ගොඩගසා තබනවා. එවිට විශේෂයෙන් ම CaCl වැනි ලවණ වාතයේ වූ ජල වාෂ්ප උරාගෙන තැනපතු වලින් බේරී ඉවත් වනවා. එම ලවණ පැවතීම ලුණුවලට තිත්ත රසයක් එක් කරන බැවින් එම සංයෝග ඉවත් කිරීම අවශ්‍යයි.
අලිමංකඩින් ආ ලුණු භාවිත කර පරන්තන්වල නිපදවූ කෝස්‌ටික් සෝඩා මෙරට පිහිටුවා තිබූ කඩදාසි කර්මාන්තයට යොදාගත්තා. ඒ සදහා වාලච්ෙච්න ප්‍රදේශයේ කම්හලක් ස්‌ථාපිත කර තිබූ අතර එය මෙරට ජාලගත කම්හල් කලාවේ අපූරු ප්‍රතිඵලයක් වුණා. එක් කර්මාන්තයකින් බිහි වන ඵලයක් තවත් කර්මාන්තයක් සදහා අමුද්‍රව්‍යයක් වූයේ එලෙසයි. පරන්තන්හි නිපදවූ කෝස්‌ටික් සෝඩාවලට අමතර ව එමගින් ආ අතුරු ඵලයක් වූ ක්‌ලෝරීන් (Cl) සදහා ද ඉතා හොඳ වෙළෙඳපොළක් සැකසී තිබුණ බව කියෑවෙනවා. ජල පිරිපහදුව ඇතුළුව බොහෝ දෛනික කටයුතු සදහා වැදගත් වන සංයෝග නිෂ්පාදන කෙරෙහි එමගින් මාර්ගය පෑදී තිබුණා. ඉතා ප්‍රබල අම්ලයක් වන හයිෙඩ්‍රාක්‌ලෝරික් අම්ල නිෂ්පාදනය කෝස්‌ටික් සෝඩා කර්මාන්තයේ එම අතුරු ඵලයකින් ඇරඹි තවත් කර්මාන්තයක්. මේ අම්ලය විදුලි කෝෂ නිෂ්පාදනයේ දී භාවිතයට ගැනෙන අතර විද්‍යාගාර පරීක්‌ෂණ සදහා අවැසි බව ඔබ හොඳින් ම දන්නා කරුණක්.
එහෙත් අද වන විට යුද්ධය අවසන් වී කාලයක් ගත වුණත් පරන්තන්හි කෝස්‌ටික් සෝඩා කම්හල ආරම්භ කිරීමට තවමත් හැකියාවක් ලැබිලා නැහැ. මේ සදහා කිසියම් ආයෝජනයක් කළ හැකි නම් එය දේශීය කර්මාන්ත දියුණුව සදහා ගන්නා ඉතා හොඳ තීරණයක් විය හැකි බවයි අප ගේ හැඟීම. එවැනි අවස්‌ථා සදහා කිසියම් පසුබිමක් පසුගිය කාල වකවානුවේ ගොඩනැගී තිබුණ ද දේශීය අමුද්‍රව්‍ය පදනම් ව සිදු කළ හැකි කර්මාන්ත ඇරඹීම කෙරෙහි අවධානය දැන් දැන් ගිලිහී යමින් තිබෙන බවයි පෙනී යන්නේ. තම සාක්‌කුවට වැටෙන මුදලට ගිජු වන්නේ නම් සහ ඒ ගැන පමණක් සිතන්නේ නම් මෙවැනි කර්මාන්ත ඇරඹීම කෙරෙහි යොමු වන්නට නොහැකි වන අතර එහි වැදගත්කම පවා වටහාගන්නට කිසිවකුට වත් නොහැකි වේ වි. පිටරට මත පමණක් යෑපෙන ආර්ථිකයක් ගොඩනැෙගන්නේ නම් අනාගතයේ දී විද්‍යා පර්යේෂණ සහ නව නිපයුම්වලට ආයුබෝවන් කියන්නට සිදු වේ වි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ