Posts

Showing posts from June 11, 2020
භූ සංචාරිතය 13 The article is originally published on Vidusara, 10.06.2020. මාගේ මතය අනුව ලෝක විනාශය ආරම්භ වන්නේ මිට අවුරුදු මිලියන 2-2.6 කට පමණ කලින්. ඒ කාලේ තමයි මානවයාගේ ආරම්භය සටහන් වෙන්නේ. වානරයාගේ දෙපා සංචරණය නිසා ලැබෙන අති විශාල වාසි කන්දරාවත් සමග මානවයා වානරයා පසු කර ගෙන යනවා. විශාලිත වූ මොළය දෙපා සංචාරණයේ වාසිය ඉතා අපූරුවට කළමනාකරණය කර ගැනීම නිසා මිනිසා මේ වන විට පෘථිවි ගෝලය තුල වසන සුපිරි සත්ත්වයා බවට පත් වෙලා. නමුත් ඒ අපුරු හැකියාවන් මිනිසා අද භාවිතා කරන්නේ ලෝකය විනාශ කරන්නට බව සත්‍යයක්. තමන් ඇතුළු සියලුම ජීවින් මෙලොවින් අතු ගා දමන්නට මේ වන විට මිනිසා සිදුකර ඇති අනුවන ක්‍රියාකරකම් හොඳටෝම ඇති.  චාතුර්ථ යුගයේ ආරම්භයත් සමගම ඇතිවන මානව ආරම්භය සහ සංස්කෘතිය මිනිසාගේ පැහුණ බුද්ධියට අසුවන්නේ පුරා විද්‍යාව ලෙසයි. එහි වපසරිය නිර්මාණය වන්නේ මානව ආරම්භයත් සමග බොහෝ දෙනෙකු දන්නා බවක් හැගෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඒ කාල සීමාව වානර ආරම්භයට වුව රැගෙන යා හැක. ඒ අනුව යමෙකුට පුරාවිද්‍යා සන්දර්භය තුල එතෙක් වූ විකාශනය ගැන කතා කරන්නට හැකියාව ඇත්තේ මුත්, පුරා සත්ත්ව විද්‍යාව ඔස්සේ ජුර