Posts

Showing posts from January 24, 2020
රන් නොවන මිනිරන්....  This article was originally published on Divaina (22.01.2020) භූ විද්‍යාත්මක පර්යේෂණ වලදී ඛණිජ හඳුනාගැනීම සඳහා ඛණිජ සතු භෞතික ගුණාංග අධ්‍යනය කරන අතර ඒ අතුරින් ඛණිජයක ලේඛාව (streake) පරීක්‌ෂා කිරීම වැදගත් වෙයි. ලේඛාව යනු ඛණිජයක කුඩුවල පැහැයයි. කුඩුවල පැහැය බොහෝවිට ඛණිජයේ පැහැයම වන්නේ නැහැ. ලේඛාවේ පැහැය මගින් ඉතා පහසුවෙන් සමහර ඛණිජ හඳුනා ගත හැකියි. ලේඛාව බැලීම සඳහා ඛණිජය කුඩු නොකර දැඩියාවෙන් තරමක්‌ වැඩි සෙරමික්‌ වැනි දෙයක ඇතිල්ලීමෙන් පහසුවෙන් කුඩුවල වර්ණය ලබා ගත හැක.    අපට අපගේ කුඩා කල සිටම මෙවැනි එක්‌ ඛණිජ වර්ගයක කුඩුවල වර්ණය ඉතා සමීප බව කිව යුතුය. ඒ කුමන ඛණිජය දැයි ඔබට කිව හැකිද? අප කුඩා කල අකුරු ලියන්නට භාවිතා කළේ පැන්සලය. පැන්සලෙන් ලියනවා යනු පොතෙහි එය අතුල්ලනවා යන්නයි. එමගින් පැන්සලෙහි ඇති ඛනිජයේ වර්ණය පොතෙහි ඇතිල්ලෙන අතර එමගින් අපට අකුරු රටා මැවීමට හැකියාව ලැබී ඇත. දැන්නම් ඔන්න ඔබට මේ ඛණිජය කුමක්‌දැයි මතකයට නැගේවි. ඒ තමයි මිනිරන්.    මිනිරන් භූ විද්‍යාත්මකව සැලකු කල ඛණිජයකි. ඛණිජයක්‌ සතු ලක්‌ෂණ සියල්ලම මෙහි ඇති අතර රසායනය වන්නේ අප කවුරුත් හොඳින් දන්නා ක