Posts

Showing posts from July 3, 2018
විදු පත් ඉරුව 28.09.2015 ෆොසිල ඉන්ධන සොයාගැනීමත් සමග රාත්‍රිය ආලෝකවත් වූ බව අපි සැවොම හොඳින් දනිමු. එය වඩාත් තීව්‍ර කරමින් ෆොසිල ඉන්ධන විදුලි බලාගාර බිහි වුණු අතර පසුකාලීනව එමගින් ඇති වූ පාරිසරික දූෂණය නිසා හරිත තාක්‌ෂණය කෙරෙහි අවධානය යොමු විය. විදුලි උත්පාදනයේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ජල විදුලි තාක්‌ෂණයෙන් විදුලිය උත්පාදනයට යොමු වූයේ පාරිසරික බලපෑම් අවම වන්නේ යෑයි උපකල්පනය කරමින් බව ඉතා මැනැවින් පෙනී යන කරුණකි. හොඳින් විපරම් කිරීමේ දී මෙරට පිළිබඳව නම් එය සත්‍යයක්‌ ද යන්න අපැහැදිලි බව පෙනී යයි. එසේ සිතීමට බොහෝ කරුණු කාරණා ඇත. අද වන විට මෙරටෙහි බොහෝ ගංගාවල ද ඔයවල ද නිදහස්‌ ගලනයට මේ ජල විදුලි බලාගාර ව්‍යාපෘති බාධාවක්‌ වී ඇති බවට දෙස්‌ දෙවොල් තබනු අසන්නට ලැබේ. කිසියම් හෝ එවැනි ජල පහරක්‌ සැලකූ විට මුහුදට යැමට පෙර අවම දෙතුන් වතාවකට වත් එහි ජලය වේලි මගින් හරස්‌ වී බට තුළින් යෑවීමට සිදු වී ඇති බව නොරහසකි. මේ සැම අවස්‌ථාවක ම වේලි තැනීමේ දීත් අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීමේ දීත් නිරන්තරයෙන් ම අවට පරිසරයට හානි සිදු වේ. මේ සදහා බොහෝ උදාහරණ ඇත. ව්‍යාපෘතියේ විශා