Posts

Showing posts from December 11, 2020
යාපනයේ කබෝනේට ෆැක්ටරිය.....!!! භූ සංචාරිතය 36 This article is originally published on Vidusara 9.12.2020. කුරිරු ත්‍රස්තවාදී යුද්ධය හමාර වූ වහාම මෙරට ජනතාවගේ සංචාරක සන්ධිස්ථානයක් වූයේ යාපනයයි. බොහෝ පිරිසක් තම ජිවිත කාලයේම දැක බලාගත නොහැකි වූ යාපනය බලාකියා ගැනීමේ ආශාවෙන් මෙලෙස සංචාරයේ නිරටැහැ විය. ඒ අතර යාපනයේ බැලිය යුතු ස්ථාන වලද යම් පෙළ ගැස්මක් ඇති විය. පතුල නොපෙනෙන ලිඳ, කීරමලේ පොකුණ, නාග දීපය,   යාපනයේ කොටුව යානාදී වශයෙන් තවත් බොහෝ තැන් ද මෙම සංචාරයට ඇතුලත් විය. ඇත්තෙන්ම යාපනය අපූරු සංචාරක සන්ධිස්ථානයකි. මෙම   ප්‍රදේශයේ නැරඹිය යුතු තැන් බොහෝය. ඒවා සොබාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද නිර්මිතයන් ද ඒ අතර වෙයි. වර්තමානයේ බොහෝ කෝවිල් දැක ගත හැකි යාපනයේ කලෙක බෞද්ධ වෙහෙර විහාරවලින් පිරි තිබු බව පැවසේ. කෙසේ වෙතත් පසු කාලිනව සිදු වූ සමාජීය පෙරලියක් හේතුවෙන් බෞද්ධ ජනතාවගේ පිරිහීමක් ඇති වී හින්දු ධර්මය ඉස්මතු වී තිබේ. ඒ කෙසේවෙතත් ඉතා කාර්යක්ෂම ක්‍රියාශීලි ජනතාවක් ජිවත්වන යාපනය ගොවිතැනට කදිමය. මෙහි වෙසෙන ජනතාවගේ කැපවීම සහ දක්ෂතාවය යාපනයේ ගොවිතැනින් දැක බලා ගත හැකිය. යකඩ ඔක්සයිඩය බහ