Posts

Showing posts from January 9, 2021
පැල්ලම්දෙනිය හැඩකරන චානෝකයිට් පැල්ලම්......!!! භූ සංචාරිතය 40 This article is originally published in Vidusara 06.01.2021. මාගේ මතකයේ හැටියට අප විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන අවධියේ කුරුනෑගල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදුනේ ශෛලවිද්‍යාවේ දී හමුවන සුවිශේෂ පාෂාණ වර්ගයක් අධ්‍යනය කිරීම උදෙසායි. මේ සුවිශේෂී පාෂාණය පිහිටියේ A10 මාර්ගයේ කුරුණෑගල සිට මිනුවන්ගොඩ දෙසට යද්දී හමුවන පැල්ලම්දෙනිය නම් වූ ප්‍රදේශයේ යි. ඔය කියනා පාෂාණ ඉතා හොඳින් ඉස්මතුව හමුවන්නේ පාෂාණ කනින්නාවූ පතල් වලය. නැතහොත් ‘ගල්වලවල්’ වලය.   එවන් වූ පාෂාණ පතල් ගණනාවක්ම මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයෙන් දකුණෙන් වූ කලාපයේ හඳුනාගත හැක. මෙම පාෂාණ පතල්වල අලුතින් මතුවූ මුහුණත් වලින් සමන්විත වන්නේ ජීර්ණයට ලක් නොවූ අලුත්, නැවුම් පාෂාණ වලිනි. බොහොමයක් ස්ථානවල එනිසා අපූරුවට මතු වූ ලා පැහැති පාෂාණය කදිමට දැකබලා ගත හැකිය. පැල්ලම්දෙනියේ හමුවන මෙවන් වූ ලා පැහැති අලුත් පාෂාණ මුහුණතේ තැනින් තැන් මතු වූ තරමක් අඳුරු පැහැගත් පුල්ලි දැක ගත හැකිය. මෙම පැල්ලම් තරමක් විශාලය. පුල්ලිය ඇතිකරනා පාෂාණය වෙනස්ම එකකි. එය ලා පැහැති පාෂාණ වර්ගය නම් නො