Posts

Showing posts from October 16, 2020
මැණික් පබළු තැනු ජේතවන සැදැහැවතුන් ......!!! භූ සංචාරිතය 2 9 This article is Originally published on Vidusara, 14/10/2020 ලොව තෙවැනියට උසම මානව උත්පාදක ව්‍යුහය වන්නේ අනුරාධපුර පූජා භුමියේ පිහිටි මහාවිහාරය බිඳ දමා තැනු ජේතවන ස්ථුපයයි. මෙම ස්ථුපය මෙරට උසම ගඩොළු ව්‍යුහාත්මක ඉදිකිරිම වන අතර අඩි 400ක් උස බව සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 277 දී රජ පැමිණි මහසෙන් රජු විසින් නිර්මාණය කරන ලදැයි සැලකෙන මෙම යෝධ ස්ථුපයෙහි වැඩ නිම කරන ලද්දේ ඔහුගේ පුතනුවන් වන මේගවන්න නම් වූ රජ විසිනි. විශේෂත්වය වන්නේ බුදු රජාණන් වහන්සේගේ බඳ පටි ධාතුන් වහන්සේ මෙහි තැන්පත් කර තිබීමයි. පුරාවිද්‍යාඥයින් විසින් පසුගිය කාල වකවානුවේ ජේතවන භුමියේ සිදුකරන ලද කැනීම් මගින් ඉතා විශාල පබළු ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම පබළු වර්ග ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. ඒ අතර සොබාවික ද්‍රව්‍ය එලෙසම භාවිතා කර තැනු “සොබාවික පබළු” ද විවිධ සොබාවික ද්‍රව්‍ය භාවිතාකර කෘත්‍රිමව නිර්මාණය කරන ලද “කෘත්‍රිම පබළු” ද   වෙයි. මේවා සැලකිය යුතු ප්‍රමාණයක් ජේතවන කටුගෙයි තැන්පත් කර ඇත්තේ මහජන ප්‍රදර්ශනය උදෙසායි.     අද අපගේ සංචාරය වන්නේ මෙම පබළුවල කතන්දරය දැන