Posts

Showing posts from February 15, 2017
විදුපත් ඉරුව 12.02.2017 ප්‍රාස්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් ඇති බව පෙන්නීමට විද්‍යාගාරයේ සිදු කරනා හුණු දියර පරික්ෂාව ඔබට මතක ඇති. විදුරු බටයෙන් එතුලට පිඹීමෙන්, සාදාගත් අවර්ණ හුණු දියර කිරිපැහැ ගැන්වෙන බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇති. මෙහිදී, ජලයේ දිය වූ කැල්සියම් ඔක්සයිඩ් ජලීය කැල්සියම් හයිඩ්රොක්සයිඩ් බවට පත් වන අතර, ප්‍රාස්වාස වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර ජලයේ අද්‍රාව්‍ය කැල්සියම් කාබෝනෙට් බවට පත් වේ.   මෙම පරීක්ෂණය ඉතා සරලමුත් බොහෝ කරුණු කාරණා මේ වටා එතී ඇති බව පෙනී යයි. එමන්ම අපට විසල් දැනුම් සම්භාරයක් ගෙන හැර පෑමට එය පාදක වෙයි. කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට එකතු කරනා එක් ආකාරයක් වන්නේ ජිවින්ගේ ස්වසනය බව මෙමගින් පැහැදිළි වේ. නමුත් වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් වායුව එක් කරන්නේ ස්වසනය මගින් පමණක් නොවේ. ගිනිකඳු පිපිරීම් මගින්ද, ඵෛන්ද්‍රිය ද්‍රව්‍ය වියෝජනයෙන් ද, කාබනික ද්‍රව්‍ය දහනය මගින් වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් එක් කෙරේ. කාබනික ද්‍රව්‍ය දහනය සීඝ්‍ර වූයේ කාර්මික විප්ලයත් සමග වීම අත්‍යන්තය සත්‍යකි. ඒ විශාල වශයෙන් ගල් අඟුරු, බොර තෙල් සහ ඛණිජ වායු කර්මාන්ත සදහා භාව