Posts

Showing posts from September 19, 2019
හේලයිට්‌ (Halite) නැතිව බත් කන්නේ නැද්ද? Originally Published in Divaina, 18.09.2019. හැබෑටම මේ හේලයිට්‌ හින්දා ගෙවල් දොරවල් වල සන්ඩු සරුවල් වෙනවා විතරක්‌ නොවෙයි ඒවා සමහර වෙලාවට මරණයෙනුත් කෙලවර වෙනවා. අඹු සැමියෝ විරසක වෙලා දික්‌කසාදත් වෙනවා. හේලයිට්‌ අඩු වුණොත් විතරක්‌ නොවෙයි වැඩි වුණත් කන්න බෑ. පදම දන්න කෙනා තමයි උයන්න දක්‌ෂයා. මෙච්චර වටින නැතිවම බැරි හේලයිට්‌ කියන්නේ මොනවද? හේලයිට්‌ කියන්නේ ලුණුවල ජීව විද්‍යාත්මක නාමය. ඔන්න පින්තුරේ තියෙනවා ලුණු ස්‌ඵටිකිකරණය වෙලා හැදෙන ස්‌ඵටික වල හැඩය. ලුණු වල රසායන විද්‍යාත්මක නාමය වන්නේ සෝඩියම් ක්‌ලෝරයිඩ් (NaCl). බොහොමයක්‌ අවස්‌ථාවලදී අධික උෂ්ණය ඇති මුහුදට අසන්න ප්‍රදේශවල මුහුදු වතුරෙන් ලුණු අවක්‌ෂේප වෙනවා. (ලුණු පමණක්‌ නොවෙයි වෙනත් ලවණ වර්ගත් ඒ සමග වෙනවා). ඒ ක්‍රමය භාවිත කරලා තමයි අපි මුහුදු වතුරෙන් කෘතිමව ලුණු නිපදවා ගන්නේ.    මුහුදු වතුර ලුණු රස වෙන්නේ මුහුදේ ලුණු දිය වීම නිසා නම් නොවෙයි. හැබෑටම කොහොමද මුහුදු වතුර ලුණු රස වෙන්නේ? මේ සඳහා හේතුවෙන්නේ ප්‍රධාන භූ විද්‍යාත්මක සංසිද්ධීන් දෙකක්‌. එකක්‌ තමයි ජීර්ණය කියන ක්‍රියාවලිය. මෙමගින් ගොඩබිම