Posts

Showing posts from January 30, 2020
පුරාවිද්‍යා පර්යේෂණ සඳහා යාවත්කාලින භූ විද්‍යාත්මක දැනුම යොදා නොගැනීම පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3 කිරිගරුඬ පාෂාණය එහෙමත්   නැතිනම් ‘මාබල්’ (Marble or Crystalline limestone) ගැන අපි පසු ගියේ සතියේ කතා කළා. ඔබ මෙම පාෂාණය දැක ඇති බවට කිසිම සැකයක් නැහැ. අනුරාධපුරේ ගිහින් ඇත්නම්, ඔබ සමාධි බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගෙන ඇති. සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ කිරිගරුඬ පාෂාණයකින්. එපමණක් නොවෙයි බොහෝ ස්ථාන වල පඩි පෙළවල්, සඳ කඩ පහනවල් වැනි අලංකරණයක් අවැසි තැන්වලට මෙම කිරිගරුඬ පාෂාණය යොදා ගෙන තියෙනවා. ශ්‍රී ලංකවේ පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක මේ ආකාරයේ නිර්මාණ අපිට දැක ගන්නට පුළුවන්. මගේ හැඟීමේ හැටියට ධවල පැහැති මෙම පාෂාණය අතීතයේ ගෞරවනීය මෙන්ම උසස් තැන්වලට භාවිතා කල පාෂාණයක්. කිරිගරුඬ වාගේම වූ තවත් පාෂාණයක් තමයි නීල ගරුඬ පාෂාණය. නිල්කොල පැහැයක් තමයි ඇත්තේ. කිරිගරුඬ වාගේම නීල ගරුඬ පාෂාණයත් අතීතයේ උසස් සහ ගෞරවනීය නිර්මාණ සඳහා යොදාගෙන තියෙනවා. නමුත් මෙම පාෂාණය බහුලව භූ පරිසරයේ මුණු ගැහෙන්නේ නැහැ. බොහොම දුර්ලභ පාෂාණයක්. මෙවැනි පාෂාණයක් නිල්දන්ඩාහින්