Posts

Showing posts from January 19, 2017
“පශ්චාත් ආපදා කළමනාකරණයක් අවැසි පශ්චාත් ආපදා කළමනාකරණය” පශ්චාත් ආපදා කළමනාකරණය ගැන පහුගිය මැයි මාසේ සිට ඉතා පුළුල්ව සහ සංකිර්ණව බොහෝ අය කථා බහට ලක් කළා. පසුගිය වාර වල මෙන්ම මෙවරත් නිසි ප්‍රතිපත්තියක් සහ කාර්යක්‍ෂම වැඩපිළිවෙලක් සකස් වී නොතිබීම ඇත්තෙන්ම අප සැවොම කණගාටුවට පත් නකර කරුණක්. පසුගිය කාලය තුලදීම (පසුගිය දශක තුන ගනිමු) ස්වභාවිකව සංසිද්දීන් නිසා ආපදාවන් බොහොමයකට ශ්‍රී ලංකාව වරින්වර හසුවුණා කිව්වොත් නිවැරදියි. ඒ අතර නාය යාම් ආපදා ප්‍රමුඛයි. එයට අමතරව ගංවතුර, සුළිසුලං පමණක් නොවෙයි නියඟය ද අප රට ඉතා දුෂ්කර තත්වයකට අද දැම්මා කියන එකට ඔබ කවුරුත් එකඟ වේවි. එක් වරක් පමණක් සිදුවුනත් 2004 සිදුවූ සුනාමි ඛේදවාචකය අප රටේ ආපදා කළමනාකරණය කෙරෙහි ගැඹුරෙන් සහ වගකීමෙන් යුතුව බලන්නට සියලු පාර්ශවයන් පෙළඹු බව සත්‍යක්. නමුත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ සියල්ල කිසියම් ස්ථානයක නතර වී ඇති බවත් නැවත නැවත පසුපසට සහ ඉදිරියට යමින් හෝ එකතැනක කැරකෙමින් සිටිනා බවයි මට නම් හැඟෙන්නේ. කෙසේවෙතත් මෙවර ලැබුණු අධික වර්ෂාපතනය නිසා, විශේෂයෙන්ම කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට බලපෑ නාය අනතුර සහ ගංවතුර උවදුර, ප