Posts

Showing posts from March 18, 2020
අභරණ ලොවේ අග රැජිණිය, රිදී ය සුදුවන්...  This article is published on Divaina, 18.03.2020. ලෝහ අභරණ තැනීම පුරාණ කල සිටම මිනිසුන් අතර වූ ජනප්‍රිය සංස්‌කෘතිකාංගයකි. රන් නොමැති කල ඒ තැන ගන්නේ රිදී ය. රන් තරම්ම නොවුණත් රිදී ලෝහය ද ජනතාව අතර ජනප්‍රියතාව රැකගත් අප කවුරුත් හොඳින් දන්නා ලෙස අභරණ තනන්නට බහුලව යොදා ගන්නා ලද ලෝහයක්‌ බව නොරහසක්‌. රන් පෙරදිග ජනප්‍රිය වෙද්දී මේ සඳහා රිදී බටහිර ප්‍රමුඛව යොදා ගන්නා ලද ලෝහයකි.    ඛනිජ විද්‍යාත්මකව රිදී (silver) යන සොබාවික ඛණිජයක්‌ ලෙස හඳුන්වා දිය හැකිය. සුලභතාවය දුබල වුවත් රිදී පවතින්නේ මූලද්‍රව්‍යමය (elemental minaral) ඛනිජයක්‌ ලෙසයි. වෙනත් කිසිම රසායනයක්‌ සමග මිශ්‍ර නොවී සොබාවේ පැවතීම, එනිසාම සංයෝගයක්‌ නොසාදන මෙවැනි ඛනිජ හඳුන්වන්නේ මූලද්‍රව්‍යමය ඛනිජ ලෙසයි. ඊට අමතරව සංයෝගමය (compund) ඛනිජ 39 ක්‌ පමණ සොයාගෙන ඇති අතර මේවා බොහොමයක්‌ පරිසරයේ හමුවීම දුලභ අතර -අකන්තයිට්‌ (Acanthaite), ප්‍රවුස්‌ටයිට්‌ (Proustite) සහ පයිරාගිරයිට්‌ (Pyragiraite), වැනි ඛනිජ සොබාවේ තරමක සුලභතාවක්‌ පෙන්වයි. සල්ෆයිඩ, කබෝනේට, හේලයිඩ, සිලිකේට සහ සල්ෆේට ලෙස මෙම සංයෝගමය රිදී ඛනි