Posts

Showing posts from August 17, 2017
විදු පත් ඉරුව 20 17 අගෝස්‌තු 16 බදාදා 'ඇවිද්ද පය දහස්‌ වටී' කියලා කියන්නේ සංචාරය කරන්නා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු බවයි. ඉස්‌සර නං මිනිස්‌සුන්ට ඇවිදලා ම තමයි බොහෝ තැන්වලට යන්න සිද්ධ වුණේa. ඒත් ප්‍රවාහනය දියුණු වෙනවත් එක්‌ක බොහෝ ප්‍රවාහන මාධ්‍ය ලෝකයට එකතු වුණු නිසා ඒ කාරියත් බොහෝ ම පහසු වුණා. විවිධ ප්‍රවාහන මාධ්‍ය ජනප්‍රිය වුණත් ගොඩබිම ප්‍රවාහනයට නම් මේ දක්‌වා පහසු ම සහ ලේසි ම මාධ්‍යය වන්නේ මෝටර් රථයි. නා නා මාදිලියේ රථවාහන දැන් දැන් වෙළෙඳපොළට හරි හරියට එනවා. වෙලාවකට හිතෙනවා මෙච්චර වාහන ලංකාව ඇතුළේ කොහේ දුවන්න ද කියලත්. තියෙන වාහන ප්‍රමාණයේ හැටියට මේ පාරවල් නං ළඟ දි ම මදි වෙයි දෝ කියලත් හිතෙනවා. කොළඹ නං හොඳට ම වාහන වැඩි වෙලා. පාරවල් ඉඩ මදි. පාරවල් ලොකු කරන්න ඉඩ ගන්න විදියක්‌ නැහැ ගොඩනැගිලි හැම තැන ම. ගොඩනැගිලි කඩන්න බැහැ. මිනිස්‌සුන්ට ලොකු වන්දියක්‌ දෙන්න වෙනවා. ඒ කොහොම හරි කොළොඹ වාහන තදබදය හරි ම දරුණුයි. උදෑසනත් දහවලත් හවසත් රාත්‍රියත් එක ම විදියක්‌. කොළොඹ විතරක්‌ නො වෙයි දැන් දැන් අනෙකුත් ආසන්න නගරවලත් මේ වාහන තදබදය ඇති වෙලා. මෙයින් බැට නො කාපු අයෙක්‌ හොය