Posts

Showing posts from June 20, 2018
විදු පත් ඉරුව 2018.09.09 පසුගිය සතියේ විදු පත් ඉරුවෙන් අපගේ කතාබහට ලක්‌ වූයේ ඉලක්‌කගත නො වූ පර්යේෂණවල ඇති වැදගත්කම ගැනයි. මෙවර ද එහි වැදගත්කම ඉස්‌මතු කරන කාලීන සිදුවීම් දෙකක්‌ පිළිබඳව ස`දහන් කළ යුතු බව සිතමු. එක්‌ කාරණයක්‌ වන්නේ එක්‌තරා බහු ජාතික සමාගමකින් කැලණි ගඟට තෙල් මුසු වීමේ සිදුවීමයි. මෙයට වසර ගණනාවකට පෙර මෙරටෙහි ගංගා ජලයෙහි ස්‌වභාවය නිර්ණය කිරීමේ පර්යේෂණයක්‌ "පවිත්‍ර ගංගා" නමින් දියත් වූ අතර එම`ගින් කාලයත් සමග ජලයෙහි ගුණාත්මක බව අධ්‍යයනය කෙරිණි. පසුකාලීනව එය දිගින් දිගට සිදු වූවා ද හෝ සිදු වෙමින් පවතින්නේ ද යන්න නො දන්නා නමුත් එම ව්‍යාපෘතිය ඉතා අගය කළ යුත්තකි. එම`ගින් පසුතල දත්ත සමූහයක්‌ එක්‌ කරගැනීමට හැකි වන්නට ඇත. එය වර්තමානයේ සිදු වන ජල දූෂණයන් හා සැසඳීමට මහඟු උපකාරයකි. කැලණි ගඟෙහි තෙල් එක්‌ වීමෙන් වූ දූෂණය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව සංසන්දනය ස`දහා මේ දත්ත උපයෝගී වන්නට ඇත. මෙහි දී මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇති ආකාරය ද ප්‍රශංසනීය වන අතර තෙල් ඉවත් කර ජලය පිරිසිදු කිරීමටත් ජල පොම්පාගාරවලට සිදු වූ හානිය ප්‍රතිපූරණය කිරීමටත් වැය වන