Posts

Showing posts from February 23, 2017
විදුපත් ඉරුව 20 17 පෙබරවාරි 22 බදාදා අලින්ටත් ළමයින්ටත් නලියන්ට ම ය හිත. ඔවුනට එක ලෙස එක තැනක සිටින්නට නම් බැරි ය. ඒ වාගේ ම ඔවුන් ගේ දඟකාරකම් නො බලා ඉන්නට අපට ද කොහෙත් ම බැරි ය. ඔවුන් ඉතා විමසිලිමත් ය. පසුගිය දිනෙක එලෙස විමසිලිමත් වූ විදුසර කියවන දයාබර දැරියක්‌ ඉතා කදිම පැනයක්‌ මගෙන් විමසා සිටියා ය. ඒ අප ගේ ව්‍යවහාරයේ ඇති අලි ඇතුනට සම්බන්ධ උපහැරණයක සත්‍යතාව පිළිබඳව ය. යම්කිසි දෙයක ප්‍රතිඵල රහිත බව, හිස්‌, නිෂ්ඵල බව කියා සිටින්නට අවශ්‍ය වූ විටෙක අප හොඳින් දන්නා උපහැරණයක්‌ වන 'අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ' යෑයි අපි පවසමු. අප පැරැන්නන් පවසන පරිදි අලින් දිවුල් නො විකා ගෙඩි පිටින් ම ගිලින බැවින් ගෙඩියේ මදය අලි උදරයේ දී ජීර්ණය වීම නිසා පුහු දිවුල් අලි බෙටි සමග බැහැර වේ. මේ කුඩා දැරිය මගෙන් විමසා සිටියේ මෙහි සත්‍යතාවයි. අප හොඳින් දන්නා පරිදි අලි ඇතුන් ශාක භක්‌ෂකයන් බැවින් විකා ගිලීම සඳහා කදිමට සකස්‌ වූ අපූරු දන්ත පද්ධතියක්‌ ඇත. ඒ සදහා සාක්‌ෂි දරන්නේ හොඳින් සකස්‌ වූ පුරශ්චාර්වක සහ චාර්වක දත් පන්තියයි. අලි මුඛයේ අගිස්‌සේ එලෙස සකස්‌ වූ යෝධ දත් තල්මහ ගේ දත්වලට වඩා