Posts

Showing posts from June 15, 2017
විදු පත් ඉරුව 20 17 ජූනි 14 බදාදා වර්තමානයේ අප විද්‍යාව යෑයි හඳුන්වන 'දැනුම සම්භාරය' බිහි වන්නේ බටහිර ය. එනිසා එය බටහිර විද්‍යාව ලෙස හැඳින්විය හැකි ය. මේ වන විට බටහිර විද්‍යාව මෙලොව ප්‍රමුඛ දැනුම් සම්භාරයක්‌ වී ඇත. එහෙත් බටහිර විද්‍යාවට ඔබ්බෙන් වූ තවත් විද්‍යාවන් තිබේ දැයි බොහෝ දෙනකු ගවේෂණය කර බලන්නේ නැත. දැනුම බිහි වන්නේ පවතින සංස්‌කෘතියට බොහෝ සාපේක්‌ෂව බවට කිසිදු සැකයක්‌ නැත. පවතින සංස්‌කෘතියෙන් ඒ සඳහා ලබන පෝෂණය ඉමහත් ය. අවශ්‍ය වන්නේ නම් අයකුට තවත් සංස්‌කෘතියක බිහි වන දැනුම තම පරිසරයට (තමා ගේ ලෝකයට) අවශෝෂණය කරගත හැකි ය. මෙරට බොහෝ දෙනෙක්‌ බෞද්ධයෝ වෙති. ඉන් අතළොස්‌සක්‌ දෙනා විද්‍යාව හැදෑරූවෝ වෙති. ඉන් ද සුළු පිරිසක්‌ විද්‍යාව හා සබැඳි රැකියාවල නිරත වෙති. විටෙක රැකියාවේ තනතුරු නාමය අනුව ඔවුහු විද්‍යාඥයෝ ය. කිහිප දෙනෙක්‌ තම මනස මෙහෙයවමින් බටහිර විද්‍යා දැනුම ඒ මේ අත හරවමින් යම් යම් විශ්ලේෂණවල නිරත වෙති. මෙවැනි සමහරු බටහිර විද්‍යාව ද බෞද්ධ ධර්මය ද ගලපමින් බුදු දහම විද්‍යාවට බොහෝ සමීප බව කියති. ඒ සඳහා නොයෙක්‌ උදාහරණ ගෙන එති. සමහරෙක්‌ බුදු දහමින් බටහිර විදයාව ද