Posts

Showing posts from July 23, 2018
විදු පත් ඉරුව 16.12.2015 වසර 12000 කට පෙර ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය පිහිටියේ අද පවතින වෙරළට මීටර 100ක්‌ පමණ පහතින් බව භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. ඒ අප කවුරුත් දන්නා ලොව අවසාන අයිස්‌ යුගයේ දී ය. එම යුගයේ අවසානය වසර 11000කට පමණ පෙර ආරම්භ වූ අතර මුහුදු මට්‌ටම තවමත් වැඩි වෙමින් පවතියි. සමහර විද්‍යාඥයන් පවසන පරිදි අප තවමත් ගත කරන්නේ එම යුගයේ අවසාන කාල පරිච්ඡෙදයේ ය. එයට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ තවමත් ධ්‍රැවාසන්නයේ ඇති අයිස්‌ කඳු දිය වී නොමැති වීමයි. කෙසේ වෙතත් ඉතා පහතින් මුහුදු මට්‌ටම පිහිටීම හේතුවෙන් වසර 6000ක්‌ පමණ කාලයක්‌ දක්‌වා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ගොඩබිමෙන් සම්බන්ධ ව තිබෙන්නට ඇතැයි යන්න භූ විද්‍යාඥයන් ගේ මතයයි. ශ්‍රී ලංකාවේ පිහිටි ත්‍රිකුණාමල වරාය ලොව පිහිටි හොඳ ම ස්‌වාභාවික වරායන් ගෙන් එකකි. එසේ වන්නට හේතු වී ඇත්තේ එහි අපූරු භූ සැකැස්‌ම ය. ඊසාන-නිරිත දිශානුගත ව විහිදී යන ලාංකේය භූ ස්‌කන්ධයේ පැලුම් රටාව සුවිශේෂී ලෙස මේ කෙරෙහි බලපා ඇත. මෙරට දිග ම ගංගාව වන මහවැලිය, මහනුවරින් පසු එක එල්ලේ මුහුදට ගලා බසින්නේ මේ සුවිශේෂී පැලුම් රටාව ඔස්‌සේ ය. එම පැල්