Posts

Showing posts from July 7, 2017
විදුපත් ඉරුව 20 17 ජූලි 05 බදාදා පසුගිය මැයි මාසයේ වැල්ලවත්තේ පිහිටි පස්‌ මහල් ගොඩනැගිල්ලක්‌ කඩා වැටී මහ විනාශයක්‌ සිදු විය. පස්‌චාත් ආපදා පරීක්‌ෂණවල දී හෙළි වූයේ නියමිත ඉංජිනේරු තාක්‌ෂණයන් යොදා නො ගෙන ඉදිකිරීම් සිදු කිරීම මේ ව්‍යසනයට මුල් වී ඇති බවයි. අනතුරට ලක්‌ වන විටත් එහි ඉදිකිරීම් සිදු වෙමින් පැවති බව රහසක්‌ නො වේ. මේ සිදුවීම අපට කියා දෙන්නේ ආවාට ගියාට ඉදිකිරීම් සිදු කිරීම පිළිබඳව ඇති නීතිමය තත්ත්වයේ සැලකිය යුතු වෙනසක්‌ සිදු විය යුතු බවයි. ඒ මන්ද යත් ඉදිරියටත් මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට බොහෝ ඉඩකඩ ඇති බැවිනි. ඒ කෙසේ වෙතත්, විශේෂයෙන් ම, කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් සිදු කිරීමේ දී ඉතා සැලකිලිමත් විය යුතු ය. කොළඹ තට්‌ටු ගොඩනැගිලි ඉදිකිරිමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු ය. භූ තාක්‌ෂණික සහ භූ ඉංජිනේරු තාක්‌ෂණයන්හි වැදගත්කම මෙහි දී වඩා ප්‍රබලව පැනනගී. කොළඹ භූ පරිසරය අතිශය සංකීර්ණ වේ. කලක දී කලපුවක්‌ ව සහ වගුරු බිමක්‌ ව තිබූ කොළඹ ප්‍රදේශය මුතුරාජවෙල හා සම්බන්ධිත ව තිබූ බව භූ විද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි වේ. තැනින් තැන පිහිටි උස්‌ බිම් අතර වූ පහත් බිම් වසා ලමින් ත