කුළුඳුල් ඔක්සිජන්
පෘථිවි ආරම්භයේදී ප්‍රාථමික වායුගෝලයේ ඔක්සිජන්
වායුව තිබුනේ නැත. මුල් වසර මිලියනය
පුරාවටම මෙම තත්වය පැවතී අතර අදින් වසර මිලියන 3500 ක් පමණ කාලයේ ඒ
අසිරිමත් ක්‍රියාවලිය හටගනිමින් තිබුණි.
මුල්ම පෘථිවි ජිවීන් ඉතාම කුඩා ක්ෂුද්‍ර දේහධාරීන් විය. ඔවුන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගත්තේ “රසාසංශ්ලේෂණය” නම් වූ ක්‍රියාවලියෙනි. ජානමය විකෘතිතා හේතුවෙන් සමහර
රසාසංශ්ලේෂ්කයන් ආලෝක ශක්තිය උපයෝගයෙන් වායුගෝලයේ වූ කාබොන්ඩයෝක්‌සයිඩ් නම් වූ
වායුව උරාගෙන ඒවා සරල සිනි බවට පත්කරමින් ආහාර නිපදවීය. ජීවී විකශනයේ අතිශය
වැදගත් මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හැදින්වෙන අතර මෙහි
අතුරුඵලය වුයේ වායුගෝලයට අනුක ඔක්සිජන් එකතු වීමයි. නමුත් ඒවාට වායුගෝලයේ
දිගුකල් රැඳීමට ඉඩ ලැබුනේ නැත.
සාගරවල සහ ගොඩබිම වූ යකඩ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකරමින් “යකඩ මල” ඇතිකරවූ අතර බරින්
වැඩි මෙම යකඩ මල සාගර පතුලේ ක්‍රමයෙන් තැන්පත් වෙමින් යකඩ
බහුල අවසාදිත පාෂාණ බිහි විය. ප්‍රභාසංස්ලේශී ප්‍රාග්
කාරියෝටාවන් මද බව නිසාත් එකතුවූ ඔක්සිජන්
සියල්ල යකඩ සමග ප්‍රතික්‍රියා කිරීමත් හේතුවෙන් ඉන් පසුව ගතවූ වසර මිලියනය
තුලද වායුගෝලයේ වුයේ ඉතා අඩු ඔක්සිජන් ප්‍රමාණයකි.
අදින් වසර මිලියන 2500 කට පමණ පෙර ඇතිවූ සයනෝ
බැක්ටීරියාවන්ගේ ප්‍රභාසංස්ලේශී ක්‍රියාදාමය පෘතුවි වායු ගෝලය
ඔක්සිජන් වලින් පුරවාලන්නට සමත් විය. මෙය පෘතුවි ජීවීන්ගේ
නව ඇරැඹුමක අසිරිමත් කාලවකවානුව බවට පත්විය. එමෙන්ම ප්‍රථම පෘතුවිවාසීන් වූ රසාසංශ්ලේෂකයන් සම්පුර්ණයෙන්ම ඔවුන්ගේ ප්‍රධාන
නිජබිම් වලින් අතුගා දමන්ට සමත්වූ අතර ඉතා සුළු ස්ථාන කිහිපයකට පමණක් සිමා
කෙරුණි. වායු ගෝලයට එක් වූ ඔක්සිජන් වලින් කොටසක් පාරජම්බුල කිරණ වල ශක්තිය උරාගෙන පරමාණු බවට
පත්වූ අතර එම පරමාණු අනුක ඔක්සිජන් සමග බන්ධනය වෙමින් ඕසෝන් නම් වූ වායුව නිපදවීමට
සමත් විය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ.