Posts

Showing posts from February 22, 2017
විදු පත් ඉරුව 20 15  ජුලි 22 බදාදා මැතිවරණ උණුසුමත් සමග කරළියට එන්නේ ප්‍රචාරක දැන්වීම් ය. නා නා ප්‍රකාරයෙන් නිර්මාණය කළ මේ දැන්වීම්වලින් තාප්ප, බිත්ති ඇතුළුව බොහොමයක්‌ ස්‌ථාන කලකට වැසී යයි. එමගින් සමස්‌ත පරිසරයට ම එක්‌ කරන්නේ අතිශය අවලස්‌සනකි. එපමණක්‌ නො වේ. මේ හේතුවෙන් තවත් ගැටලු රාශියක්‌ මතු වේ. බිත්ති, තාප්ප ඇතුළුව ප්‍රචාරක දැන්වීම් ග්‍රහණයට හසු වන ස්‌ථාන නැවත පිළිසකර කිරීමට ඉතා විශාල මුදලක්‌ වැය වේ. එමෙන් ම මේ සඳහා වැය වන කඩදාසි ප්‍රමාණය ඉතිරි කරගත හැකි නම්, එය පාසල් පොත් මුද්‍රණය වැනි සත්කාර්යයකට වැය කළ හැකි වේ. මේ කඩදාසි ප්‍රමාණය නිර්මාණය සඳහා වැය කළ යුතු ගස්‌ ප්‍රමාණය ද වක්‍රාකාරයෙන් ඉතිරි වේ. එය පරිසර සංරක්‌ෂණය උදෙසා ගන්නා වූ අගනා තීරණයක්‌ වනු ඇත. මේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විවිධ ස්‌ථානවල ඇලවීම සඳහා යොදාගන්නා විවිධ ක්‍රමවේද නිසාවෙන් මේ කඩදාසි නැවත ප්‍රතිචක්‍රීයකරණයට එක්‌ කළ නොහැකි ද වේ. මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඇලවීම සඳහා යොදාගන්නේ පාන් පිටි දිය කිරීමෙන් සාදා ගන්නා පාප්ප ය. පාප්ප කල් තබාගැනීම සඳහා සමහර අවස්‌ථාවල දී කොන්ඩ