Posts

Showing posts from July 11, 2019
විදු පත් ඉරුව 17.09.2016 දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව තවමත් දියුණු වෙමින් පවත්නා රටකි. දිගු කලක පටන් සාම්ප්‍රදායික බෝග සහ කෘෂිකාර්මික ආර්ථරිකයක්‌ මත පදනම් වූ ශ්‍රී ලංකාව ඉන් මිදී ආර්îකමයව වැඩි ප්‍රතිලාභ ඉපයිය හැකි නව මානයකට පිවිසෙන්නට තැත් කළ ද අසාර්ථක ක්‍රමවේද සහ දේශපාලනික ඇඟිලිගැසීම් නිසා ඉලක්‌කය හඹා නො යන තැනට පත් වෙමින් ඇති බව වැටහෙයි. විද්‍යාව, තාක්‌ෂණය සහ නවෝත්පාදන කෙරෙහි මෙරට ආර්ථරික විශේෂඥයන් ගේ ද, පරිපාලකයන් ගේ ද ඇති ඇල්මැරුණ උනන්දුව සහ සහයෝගය මේ තත්ත්වයට මූලිකව වගකිව යුතු ය. ස්‌වාභාවික සම්පත් හිඟ මුත් විද්‍යාව සහ අධිතාක්‌ෂණයේ පලදායි භාවිතාව නිසා ලෝකයේ සමහර රටවල් ඉහළ ආර්ථික සමෘද්ධියක්‌ අත්පත් කරගෙන ඇති බව පෙනී යයි. ඒ අතර කොරියාව සිටින්නේ ඉතා ඉහළ තලයක ය. තම දළ දේශීය නිෂ්පාදිතයෙන් (ආදායමෙන්) 4%ක්‌ (2015 දී) පමණ ම මේ වෙනුවෙන් වෙන් කරන්නට පසුබට නො වූ එමෙන් ම එහි නො වරදින ප්‍රතිඵලය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන සහ එම ප්‍රතිඵල ඇස්‌ පනාපිට ම ඔප්පු කර ඇති එම රට නවීන ලෝකය තුළ ආර්ථික සාර්ථකත්වය අත් කරගත හැක්‌කේ කෙසේ ද යන්න පිළිබඳව සෙසු රටවලට කදිම පූර්වාදර්